45

908 155 26
                                    

මන් දොරත් ඇරගෙන කාමරෙන් එලියට එනවත් එක්කම කෑම මේසෙ ඉදගෙන හිටපු චේත් ශේන් අයියා වගේම සුද්දත් එක පාර මන් දිහා බැලුවා..

"ක්.හැ . ක්.හෑ. " චේත් ට බිබී හිටපු කිරි එක ඉස්මොල්ලෙ ගිහින් මැරෙන්න හදනකොට අරුන් දෙන්නා තාමත් මන් දිහා බයම් භූත වෙලා බලාගෙන ඉන්නවා .උගේ ඇස් දෙකෙන් කදුලු පවා පෙරෙනවා .තප්පර දෙකතුනක් ගිහින් ශේන් අයියා සිහියට ඇවිත් තමා අරූගෙ පිටට ගහලා වතුර එකක් දුන්නේ.

"අ..අයියෙ.. ඔයාගෙ බෙල්ලට මොකද වෙලා තියෙන්නෙ "

"ඇයි බන් මොකද " මාත් ඇහුවේ උතුර දකුන මාරු වෙලා .මල්ලි අඩියට දෙකට ඇවිත් මගෙ බෙල්ලෙ එක පැත්තකට ඇගිල්ලක් තිබ්බාම තමයි මටත් තරු විසික් උනේ .

"තමුසෙව මොකෙක් හරි කාලා "

මොකක් ! ඇත්ත තමා රිදෙනවත් එක්ක .

"අයියේ !!" අරූ බය වෙලා වගේ හොදටම යකෝ මන් බය වෙලා ඌට වැඩිය .

"ඇයි බන් ඇයි " මන් ඇහුවේ චේතගෙ පෝන් එකේ කැම් එක ඔන් කරලා බලන ගමන් .

"ක්..හැ ..බය වෙන්න එපා සුද්දෝ . ඔය සතා මූව මීට කලිනුත් කාලා තියෙනවා . මට පේන්නෙ අපි මෙහෙට එනකොට මූ ඌවත් අරගෙනමද කොහෙද ඇවිත් තියෙන්නෙ "

හරිනෙ අමාරුව . අර ඩබල් බේසික ඇදුරු තුමා ඊයේ රෑට කාලා නැතුවද කොහෙද මාව ලෙසටම අනුභව කරලා තියෙන්නෙ . අනේ ඇත්තමයි මේ මිනිහා ..දැන් කොහොමද යකෝ අර පගයයි උගේ මිනිහයි ඉස්සරහා රෙද්දක් ඇද ගෙන ඉන්නෙ .

"රන්න්.."

"කොහෙද දරුවො ඔය ඇදුනුත් නැතුව දුවන්නෙ . මෙන්න මේක දා ගන්න " ඩබේ කාමරේ ඉදන්ම බෙරිහන් දීලා පස්සෙ ලගට ඇවිත් මට ශර්ට් එකක් දුන්නෙ මගෙ ඉතුරු වෙලා තිබ්බ සායමත් අරුන් දෙන්නා ඉස්සරහා දිය කරලා දාලා . මේ මිනිහා අත උස්සලාද ගුරෙක් වෙලා තියෙන්නෙ . හොදම එකෙන් මන් උන්දැට රවලා සේප් එකේ ශර්ට් එකත් ඇදගන්න ගමන් චේතා දිහා බලනකොට ඌ ඉන්න හෙන නෝන්ඩි හිනාවකුත් දාගෙන .

"ශේශ් අයිය නම් ඊයෙ රෑම අදටත් එක්ක ඇති වෙන්න කාලා වගේ " අරූ නෝන්ඩි හිනාව ටිකක් වත් වෙනස් කරන්නෙ නැතුව කියන කොට ඩබෙත් හෙන අමුතු හිනාවක් කට කොනේ දාගෙන මා දිහා බැලුවා .

ඒක දිග කතාවක් Where stories live. Discover now