ඒක දිග කතාවක්

By Osi_Yr_

97K 15.1K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

01

6.3K 330 20
By Osi_Yr_




අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැදිලා

ඕක නවත්තපන් හුත්තෝ ..ඕක ඔහොම කියන්න එපා මේ දෙනෙතට කදුලු බර වැඩී..

ස්ටේජ් එක උඩ පුටුවක වාඩි වෙලා ස්ටෑන්ඩ් කරලා තිබ්බ මයික් එක අත් දෙකෙන්ම බදාගෙන සමවැදිලා සිංදුව කියන මගේ බේසිකයා දිහා බලාගෙන හයියෙන් කෑ

ගහන්න බැරි කමටයි මන් මේ හිතෙන් කෑ

ගහන්නෙ.

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතනු රිසි වී
දැන දැන හිමි නොවනා බව නොදැනි
මම තව තව ඔබ වෙත පෙම් කරමි

ලොවටම රහසෙ සිහිනෙක දැවටි
ඔබ ලග සැතපී මම සුව විදිමි
වරදක් නොකරම වරදෙහි බැදුනෙ
සිත සනසාගෙන දුර හිද විදිමි

ඉදකිම් මූසලයා .. ඌ වැලපෙනවා මදිවට අහක ඉන්න මාවත් අඩවනවා. ඒ වුණාට මේවට වගකිව යුත්තෝ ...කෝ මුන් ...මන් ශේප් එකේ පිටි පස්ස හැරිලා බැලුවා . අමුත්වෙන් බලන්න දෙයක් නෑ ඉතිම් මන් ඉන්නෙ අන්තිම පෝලිමේ..

අර ඉන්න මහ ලොකු වග කිව යුත්තා.. ඌ ළමයි නලෝනවා..යසයි යසයි බේසික ඇදුරු තුමා.

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතනු රිසි වී
දැන දැන හිමි නොවනා බව නොදැනි
මම තව තව ඔබ වෙත පෙම් කරමි

අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැදිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතනු රිසි වී
දැන දැන හිමි නොවනා බව නොදැනි
මම තව තව ඔබ වෙත පෙම් කරමි

පන්තියෙම් බාගයක්ම හොටු හූරනවා කදුලු සලනවා. අනේ ඕකුන්ගෙ ප්‍රෝඩාව . හැබැයි මෙහෙමයි මගේකා සිංදුවට මුලු හදවතිම්ම සාධාරනයක් කරපු විදිය අනුව නම් මෙතන අයිස් කුට්ටියක් තිබ්බත් දිය වෙලා යනවා. ඒක ඒ තරම් දුක්බරයි.

හරිම සංවේදී අවස්තාවක් . මගේ බේසිකයා ස්ටේජ් එකෙන් බැහැලා බිම බලාගෙනම පන්තිය මැද්දෙන් එනකොට මුලු පන්තියම දෙදරන්න මොකද්ද ඒකට කියන්නෙ.. ආ.. අත්පොලසන් නාදයක් ඇහුනා.

අනේ මගේකාගෙ නහයයි කන් දෙකත් රතු වෙලා. ඇස් රතු වෙලා නිකන් ගංජා ගහලා වගේ. කියන්ඩ බෑ මූ මටත් කොලේ වහලා දුමක් ඇදලද දන්නෙ නෑ.

"ඕයි !! බේසිකයො ..හිතන්න එපා පගයො " අරූ ඉදගෙනත් ඔලුව බරකරගෙන අඩා ගන්න බැරිකමට ඉන්නකොට මන් කරට අත දාගත්තා. කොහෙ අඩන්නද ඌ කෙලි පැටව් බාගෙකටත් වැඩිය හැරි හැරි තාම මූ දිහා බලන් ඉන්නකොට . ඇඩුවොත් මෙතන අනවස්‍ය අවධානෙකට ලක් වෙනවනෙ.

මන් ආයෙම ශේප් එකේ පිටිපස්ස හැරිල බැලුවා. හෑපෝ මුන්ගේ හදවත් නම් ලේ ඇට මස් නහර වලින් හැදිච්චා වෙන්න බෑ..පොඩ්ඩක් ඉන්න හදවතේ ඇට නෑනේ කොහොමත් . මන් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් ගේ. ඒ කියන්නෙ මුන් ටිකගේ හදවත් හැදිලා තියෙන්නෙ තනිකරම ඇට වලින්ද කොහෙද .මන් කිව්වෙ අර ඇට නෙවේ . මේ අර ඇටකටු ගැන .

එකාතකට මුන් පිල්ලිද දන්නෙත් නෑ .පිල්ලි වලට හදවත් නෑනේ මන් හිතන්නෙ. යකෝ ආසාවට කදුලක් හලපන් . මොකට කතා කරනවද මටත් වෙන වැඩ නෑ..

"ඒහ් මේ යමන් " මන් අරූගෙ මැණික් කටුවෙන් අල්ලගෙන ශේප් එකේ අරූවත් ඇදගෙන හෝල් එකෙන් එලියට ගෑටුවා.. තවත් ඕක අස්සෙ හිටියොත් මූ පුපුරලා මැරෙයි.

මන් අරූව ඇදගෙන ආවේ ටොයිලට් එක ලගට . හොද වෙලාවට මේක පොඩ්ඩක් පිටි පස්සට වෙන්න තිබ්බේ.

තාප්පෙට පිට දීලා මූණ අත් දෙකෙම්ම හගත්ත බේසිකයා දැක්කම මටත් මොකද්දෝ වගේ හිතට .

" ම..මන් මො ..කක්ද් ද කරන්න්..නෙ බන්" අරූ ඉකි ගහනවා .

මන් ලගට ගිහින් උර පතු දෙකෙන් අත් දෙක තියනකොට අරූ මා දිහා ඔලුව උස්සලා මගේ කොලර් එකෙන් තද කරලා අල්ල ගත්තා. ඒ සුදු මූණ ගන්න දෙයක් නෑ රතුම රතුයි. ක්‍රේල් කොන්ඩෙ දාඩියට පෙගිලා . ඌ ඉන්නෙ හෙම්බත් වෙලා . පව් මගෙකා ...

" ම්..මට කි..යපන් " මගෙ කොලර් එකට මුලු බරම දීපු ඌ මගෙ බෙල්ල අස්සට මූණ ඔබා ගෙන කෑ ගහලා අඩන්න ගත්තා.. උගෙ කදුලු මගෙ ශර්ට් එක අස්සෙන් ගලනවා මට දැනෙනවා. උට වත් උගෙ ඉකිය නවත්ත ගන්න බැරි තැන ඌ මගේ උරහිස හැපුවා. අම්මට සිරි වෙන්න ..මූ මොකෙද්ද මන්දා අහසෙ පායපු තරු මදිවට මගෙ ඔලුව වටෙත් තරු කැරකෙනවා..

බලු බල්ලෙක් නැ . ඔලුවට උඩින් තරු පායපු කලු පාට අහස තියෙනකොට වටපිටින් ඇහුනේ රැහැයියො කෑ ගහන සද්දෙ විතරයි . ලයිට් එලියට ලාවට වගේ තිබුන මීදුමත් ඇගට දැනුන සීතලත් ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.අරූටත් නිදහසේ අඩන්න ඉඩ දීලා උගේ ඉණ වටේ ඔතා ගත්තේ උගේ අත් වලට මගේ කොලර් එක හිර වෙලා තියනකොට .

පැය කාලක් ගිහිනුත් අරූගේ ඇඩිල්ලෙ අඩුවක් නෑ.. අයිශ් කරුමේ.. මගෙ ඇස් වලටත් කදුලු උනනවා...මේකගෙ ඇඩියාව හින්දා ...අපරාදෙ මගේ කදුලු..මන් උඩ බලාගෙන ඇහිපිල්ලන් දෙක තුනක් වේගෙන් ගැහුවා .

" මොකද්ද මෙතන වෙන්නෙ " මාව ගැස්සිලා ගියා.. කව්ද යකෝ මේ මහ රෑ හොල්මන් කරන්නෙ .

මන් අරූව පොඩ්ඩක් එහාට කරා.. තොල් වල කෙල නූලුත් ඇදෙනවා.. ඒව් මගෙ පොඩි පගයා .ආශ් පොඩ්ඩක් ඉන්න හොල්මන මොකාද කියලා බලන්න බැරි උනානෙ .හරි ඔය කොරලා තියෙන්නෙ . දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේවට තමා.

" චේතන නේද මේ "

බේසික ඇදුරු තුමා මගෙ බේසිකයාගෙ උරපත්තෙන් අල්ලලා මූණට එබුනා . ඔය තොල ඔහොම විකන්ඩ එපා පගයො කෑල්ලක් ගැලවිලා උබෙ කට ඇතුලට එයි. අරූ ඒ තරම් තදට තොල හපා ගෙන .

අරූ ආයෙම අඩනවා. කොහොම නාඩා ඉන්නද හේතුව ඇස් පනාපිටම ඉන්නකොට .

අරූ බිම දනඔබාගෙන මූණත් අත් දෙකෙන් වහගෙන අඩනවා.

" මොකද දරුවො මේ " බේසික ඇදුරු තුමා මා දිහත් බලලා අරූගේ ඔලුව අත ගානවා..උට්ටො අඩන්න එපා යකෝ ඔහොම . ආයෙමත් මගේ ඇස් වලට කදුලු උනනවා.

" පපා...." මෙච්චර වෙලාම මෙතන හිටපු අනෙක් පිරිමි පරානෙ එක්ක හිටපු චූටි කෙලි පැටික්කි චේතා ගාවට ඇවිත් බේසික ඇදුරු තුමා ගෙන් අහනවා.

ලස්සනයි

ලයිට් එලියෙන් උනත් පෙනුන චූටි එකීගෙ ඇස් හරි ලස්සනයි .

"ඇයි පපා මේ අයියා අඩන්නෙ "

" දන්නෙ නෑ නේ චූටි මැණික පපා " තෝ දන්නෙ නෑ ඉටි ගෙඩියක්.

"ඇයි අයියෝ ඔයා අඩන්නේ " පොඩි එකී ගිහින් චේතාගෙන් අහනවා . කොල්ල ඇඩුම පාලනේ කර ගන්න හිතාගෙන කටට අතත් මිටි කරලා තියා ගෙන අහස දිහා බලනවා .

දෙයියනේ බදා ගත්තා නේද . චූටි එකී අහස දිහාවට මූන උස්සන් හිටපු මගෙකාව බදා ගත්තා. අරූට නිකන් අඩන්න හදපු ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගෙ. කොහොමත් අඩ අඩ තමා හිටියේ ඒක වෙනම කතාඅවක් ඉතින් . අරු බිම කකුල් උඩ ඉදගෙන ඉන්නකොටත් පපුව ගාවට විතරක් උස පොඩි එකීව බදාගෙන ඒ හිස් මුදුනට තොල් තිබ්බා.

"ම්..ම..ට්..ට..හ් සමා..වෙය..න්හ්...මැහ්..හ්ණි..කහ්..." වචනයක් කතා කරගන්නත් බැරි තරමට ඉකි ගැහෙනකොට පොඩි එකීවත් බදාගෙන දෙතුන් පාරක් එකම එක කිව්වා.

උඹ මොනා කරන්නද චේතන උබ මොනා කරන්නද ..සමාව ඉල්ලන්න උබ වරදක් කරලා නෑ බන් ..

අරූ ඔලුව උස්සලා මන් දිහා බැලුවා.. " ගෙ..දර.හ්.."

" යමන් අපි අද අපෙහෙ යන් " කොල්ලට ගෙදර යන්න ඕනේ වෙලා...

"මොකේද දරුවො ඔයාලා යන්නෙ " මේ බේසිකයටත් ඕනෙ නැති මගුලක් නෑ ඇයි යකෝ.

" බස් එකේ යනවා සර් " හිතෙන් රටේ ලෝකෙ නැති කුනුහරුප කිව්වත් කතා කරනකොට වත් ගරු කරන්න එපැයි .

"බස් එකේ මේ රෑ .. යන් අපි ඩ්‍රොප් කරන්නම් "

" ඕන්නෑ සර් " මේ කරපු හරිය මදෑ..

" ගුටි කන්නෙ නැතුව එනවලා යන්න දෙන්නම .." යොහ් මූ සැර දානවනේ අම්මෙ..අනේ මන් නම් බය වෙයි ඔව්වට බේසිකයා...

ඒත් මේ මහ රෑ මේ පොඩි පගයවත් ඇදන් බස් වල ගාටන්න බෑ අප්පා. හොද වෙලාවට කලිම්ම බෑග් දෙකත් අරන් ආවේ..

අරූවත් වාරු කරගෙන කා පාර්ක් එකට ආවෙ බේසික පුතානෝලා පස්සෙන් .

" නාඩා ඉදින් සුද්දො "
මන් අල්ලෙන් මගෙකාගෙ කදුලුත් පිහලා අතින්ම නහයත් පිහලා ඇරියා.

සහෝදර බේසිකයා පිටි පස්සෙ දොරත් ඇරන් අපි නගින කන් බලන් ඉන්නවා .

මගේ බෙල්ලෙ මූණ හංගගෙන අර තාම ඇහෙන නෑහෙන ගානට ඉකි ගහනවා . ඒ ඇරෙන්න වාහනේ අස්සෙ මීක් සද්දයක් නැ.

හ්ම්ම්...මන්දා මට තේරෙන්නෙ නෑ..අගක් මුලක් තේරෙන්නෙ නෑ නේද ...ඔව් ඉතින් පටන් ගත්ත වෙලේ ඉදලාම වැලපුන එකනෙ කරේ..

එහෙනම් දරුවනේ ඔන්න කිව්වා වගේම අලුත් කතාව...ඔයාලගෙ අදහස් කියාගෙන යන්ටකෝ එහෙනම්...

ආ උදේ පාන්දර මට හාට් ඇටෑක් දුන්න මනුස්සයා පාපොච්චාරනය කරා...@thvpramu2002 ඉතින් තෑම්ස් ලමයෝ උදේ පාන්දරම මේ අහිංසකීව හාට් පේශන් කෙනෙක් කරාට...

එහෙනම් කෙල්ලනේ කොල්ලනේ ...අදහස් හලාගෙන යන්න ...

ඊලග චැපියෙන් සෙට් වෙමූ....🖤

Continue Reading

You'll Also Like

135K 17.1K 120
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
22K 3.2K 36
ජීවිතේ සතුට හොයන රෑනේ පියාඹන කුරුල්ලෝ
5.5K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...
108K 13.4K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....