Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

440K 84K 42.2K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁 විසිඑක්වන දිගහැරුම 🍁

3.5K 753 445
By HashiHiru

🌄🌄🌄🌄🌄🌄

" නැගිටපන්න්න්න්න් !!!!"

මූණට වැදුන කොට්ට පාරත් එක්ක මාව උඩ ගිහින් ඇහැරුණා...... මන් පිස්සු වගේ ඇහි පිය ගගහ වටපිට බැලුවෙ අයියා කොට්ටෙකුත් උස්සන් ඇද ළගට වෙලා ඉද්දි.....

" නැගිටපන්..... නැගිටල කිරි එක බීපන්..."

මන් ඇදෙන් ඉදගත්තෙ ඔළුවත් කස කස....මොකද උනේ....ඇයි මෙයා ආවේස වෙලා....

" ම්ම්ම්ම්ම්......"

" නැගිපිය....... අටයි වෙලාව "

මන් කකුල් බිමට දාලා  ඇදෙන් ඉදගත්තම අයියා කිරි වීදුරුවක් අතට දුන්නා......

මන් ඒකෙන් උගුරක් තොල ගෑවෙ අයියා කාමරේ අස් පස් කරන්න ගනිද්දි.....ඊයෙ එයා කඩල දුන්න මල් මිට වතුර දාපු භාජනේක දාලා එයාම බෙඩ් සයිඩ් ටේබල් එක උඩින් තියල.... ඒක ලස්සනයි ....මන් ඒක දිහා බලන් ඉදලා බැලුවෙ විවර උන ජනෙල් කවුලු වලින් තරගෙට ඇතුල් වෙන හිරු කිරණ දිහා....

සීතලයි...හරිම සීතලයි.... ජනෙලෙන් නැවුම් වාතය හමාගෙන ඇවිත් මූණෙ වදිද්දී මාරම නිදහස් හැගිමක් දැනෙනව.... අමුතු සුවදක් කාමරේ පුරාම පැතිරිලා.....

" ඉක්මන් කරන්න අභූ....අපි දහය වෙද්දි අඹේවෙල ඉන්න ඕනෙ "

" අඹේවෙල ??"

" ඔව් "

" ඇයි ?"

" අපේ නෑදැයො වගයක් ඉන්නව...බලන්න යන්න...."

මන් ඇහුවෙ එක හුස්මට කිරි එක බීලා දාලා කට පිහිදගෙන.....

" මොකක්...."

" ඔව්....හොද ඇදුමක් ඇදගනින්...."

" ඒත්.....මිස් කිව්වෙ නෑනේ නැදෑ ගෙවල් වල යනව කියල "

මන් කිව්වෙ ඔළුව කස කස....

" හදිසියේ තමයි යන්නේ....."

අයියා කිව්වෙ කාමරේ අතුගාන ගමන්..... කොස්ස අල්ලන විදියට පේනවා ඒකා ජිවිතේට ගෙයක් දොරක් අතුගාලා නෑ කියල ......

" කවුද එහෙ ඉන්නෙ...."

" ආහ්....අපේ අප්පච්චීගෙ තාත්තා "

" ම්ම්ම්....... මන් වොශ් එකක් දාගෙන එන්නම්......"

මන් සාලුවත් අරන් ආවෙ බාතෲම් එකට......

දත් මැදල මූණ සෝදගෙන මන් එළියට එද්දි මට ඇහුනෙ බැල්කනිය පැත්තෙන් අයියගෙ කටහඩ.....

" මට එවෙලෙ මාව පාලනය කරගන්න බැරි උනා බන්....... මන්දා..... ආයිශ්ශ්..... කොල්ලා හොදටම බය උනා....... පුදපු ගමන් කාපි යකා වගේ මන් ඌව බය කලා යකෝ...... දැන් කටක් ඇරල අහන්නෙ කොහොමද ??............ ආයිශ් උඹ කියන මගුල් ඌට ගැළපෙන්නෑ බන් .....ඌ මන් ගැන හිතන්නෙ සහෝදරයෙක් ගානට බන් මට ඕනෙ ඒකට මාව ආගන්තුක පිරිමියෙක් කරන්න වි.......කැහ් කැහ්හ්..."

මන් මූන පිහ පිහ කාමරේට ඇවිත් අල්මාරිය අරිද්දි ඒ සද්දෙට ගැස්සුන අයියා පෝන් එක කනේ තියන් එළියට ගියා..... ඌට පිස්සු...

නිල් පාට ඩෙනිමට නිල් පාට ජර්සි එකම ඇදල අයියා දුන්න ශූස් දෙකත් දාගෙන වටිනාකමක් නැති වොච් එකත් බැදගෙන මන් ආවෙ පහළට....

" අපි කොහෙද මිස් යන්නෙ....?"

ඇදුමක් දාගෙන පහළට ඇවිත් කෑම මෙසෙන් ඉදගෙන මන් ඇහුවෙ මිස්ගෙ මහත්තයා සාලෙ ටිවි එක ඉස්සරහ ඉදන් ඉද්දි........මිස් උන්නෙ කුස්සියෙ උයමින්......

" අඹෙවෙල ගිහින්...... ඉන් පස්සෙ හෝර්ටන්තැන්නෙ යන්.....අදට එච්චරයි "

" සුනීතා මට උණු වතුර එකක් දෙන්න....."

මිස්ගෙ මහත්තය මගේ හිස පිරිමැදගෙනම කුස්සියට ආවෙ මිස් දඩිබිඩි ගාලා උණු වතුර බෝතලෙන් උණු වතුර ටිකක් කෝප්පෙකට දාලා මහත්තයට දෙද්දි...ඒ දෙන්න  හරිම ආදරණීයයි.....

" අඹේවෙල ඉන්නෙ අයියලගෙ සීයද එතකොට ?"

" පුහ්හ්හ්...... කැ.....හ්හ්....."

මිස්ගෙ මහත්තය මහ හයියෙන් කහින්න ගනිද්දි මිස් මන් දිහා බලලා මහත්තයගෙ පිටට තට්ටු කළේ පඩිපෙල බැහැන් ආව අයියා ආපහු උඩ තට්ටුවට දුවද්දි.....

ඇයි.....මන් වැරදි දෙයක් වත් කිව්වද ඈ......??

" පුච්චගත්තද දයේ.....ඔයත් පොඩි එකෙක් වගේනේ...."

" ආහ්....නැහ් සුනීතා.....මේහ්.... ඔයාට ඉන්නෙ හොද ගෝලයෙක්.... "

මිස්ගෙ මහත්තය වතුර වීදුරුව අරන් ආයෙ සාලෙට ගියේ මිස් මන් දිහා බලලා ඉනටත් අත් දෙක තියාගනිද්දි....

" දැන් මෙයත් හැදෙන්නෙ අර උඩ ඉන්න එකා වගේනේ....... දෙන්නව එකට තියන්නත් බයයි..... "

හෑ...........

මිස් කිව්වෙ අයියා ගැනද.....

" මගෙ අහිංසක පොඩි එකාගෙ ඔළුව කනවා "

ඔළුව නම් නෙමෙයි මිස් කටත් කෑවා.....

" ගුඩ් මෝනින් අප්පච්චී ....."

" මෝනින් තිසෙව්..... "

" අප්පච්චී අර වැඩේ ගැන මන් සදෙව් අයියගෙන් ඇහුවා..."

" ආහ්..... කොල්ලා මොකද කිව්වෙ...."

අයියා ගිහින් අප්පච්චී ලග ඉදගනිද්දි මන් ඔළුව කසාගත්තා.....

එයාලා මහ අමුතුයි නේ......මන් වැරදි දෙයක් ඇහුවෙ නෑනේ ??

මිස් දඩිබිඩි ගාලා උයල කෑම මේසෙට බෙදුවයින් පස්සෙ අපි කන්න පටන් ගත්තා.....බෝංචි උයල මාළු මිරිසට හදල වට්ටක්කා උයල සුදු බත්....

" අයියේ ??"

අයියගෙ කනට ලන් වෙලා මන් ඇහුවෙ මිසුයි මහත්තයයි බර කතාවක් නිසා....

" ම්ම් "

" ඔයාගෙ සීයා නෙමෙයිද අඹේවෙල ඉන්නෙ......"

" ඔව්......"

" මන් ඒක ඇහුවහම ඇයි මිස් මට බැන්නෙ...."

" අම්මා මොනාද කිව්වෙ ??"

" අයියා මගේ ඔළුව කනව කිව්වා...."

" මම ??????????"

අයියා ඇහුවෙ ඇස් ලොකු කරන්......

" ඔව් "

" ඉතිං ඉතිං ??"

" එච්චරයි ......ආ තව දෙන්නව එකට තියන්නත් බයයි කිව්වා...."

" එච්චර ද ?"

" හ්ම්ම්.....ඇත්තටම අඹේවෙල ඉන්නෙ ඔයාගෙ සීයා නෙමේද ?"

" ගිහින්ම බලන්නකො.... ඔයා එයාලව අදුරනව ඇති....එයාලගෙයි ඔයාගෙයි වෙනසක් නෑ..... "

අයියා කිව්වෙ මගේ කම්මුලක් මිරිකලා.... සමහර විට මිස්ගෙ මහත්තයගෙ ෆැමිලි එක ලස්සන ඇති.....අඹේවෙල ඉන්න අයයි මමයි වෙනසක් නෑ කිව්වෙ....මමත් ලස්සනයි නේ ඉතිං ....මන් කොහොමත් ලස්සනයි .... මන් කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට දාගත්තෙ මූණ රතු කරන්...... ඔව් මන් දන්නව මන් ලස්සනයි ඒක අයියා කියන්න ඕනෙ නෑ...

" අභූ මීට කලින් අඹේවෙල ඇවිත් නෑ වගේ ??"

" අඹෙවෙල තියා මන් නුවරඑළියෙ වත් මීට කලින් ඇවිත් නෑනේ ඉතිං .....ම්හ්..... ඔයා නම් ඇවිත් ඇති නේද ?"

" අපෝ ස්කෝලෙන් එන්නෙම මෙහෙනේ....."

" එහෙමද ?"

" හ්ම් "

අයියා තඩී බත් කටක් කන්න ගනිද්දි මාත් පාඩුවේ කෑවා.....

අපි දහය විතර වෙද්දි ගෙදරින් පිටත් උනේ සීතලට ජැකට් පෙරවගෙන.....

" මිස්...."

" ම්ම් "

" අයියගෙ සීයා ගොඩක් නපුරුයිද ?"

කාර් එකට නැගල අයියා ඩ්‍රයිව් කරන් යද්දි මන් මිස්ගෙන් ඇහුවෙ ඉස්සරහ සීට් එකේ උන්න මිස්ගෙ මහත්තය හැරිලා බලද්දි....

" දයේගේ අප්පච්චී ද....ම්ම්.... ටිකක් නම් නපුරුයි තමයි ...ඇයි අභූ "

" නෑ.....මේ මට අඹේවෙල යන්න බයයි වගේ..... අයියලගෙ සීයලෑ පවුලෙ ගොඩක් ඉන්නවද ?"

අයියා මුවට අත තියාගනිද්දි මිස්ගෙ මහත්තය අංශක එකසිය අසූවක් බෙල්ල කරකවල මන් දිහා බැලුවා....

" අභූ....ඔයා මේ මොකක් ගැනද කියන්නෙ කියල මට තෙරෙන්නෑ දරුවො....??"

මිස් කිව්වෙ මගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙ රදවල......

" නෑ.....මි...ස්....මේ....මට ඇත්තටම ....අඹේවෙල....මිස්ගෙ මහත්තයලගෙ නෑයොන්ගෙ ගෙදර යන්න බයයි වගේ....ඒකය් ....මන් ඉතිං .....පිට කෙනෙක්නෙ..."

" කැහ්....කැහ්....සුනීතා....වතුර තීනවද ??"

මිස්ගෙ ඇස් ලොකු වෙද්දි මිස්ගෙ මහත්තය පපුවටත් අත තියාගෙන ඇහුවෙ මන් උඩ බිම බලද්දි.....ඇය් එයාලා එච්චරටම පුදුමෙන්...???

.
.
.

" පැටියො "

" එපා !!!"

" පැටියො........"

" එපා කිව්වනේ....!!!"

" පැටියො.....තරහද...!!!"

" මිස්ස්ස්ස්ස්ස් ~ අයියා මට ඉන්න දෙන්නෑනේ......ම්හ්හ් "

සේරම කරලා....සේරෝම කරල දැන් එනවා තරහද අහන්න...ඇත්තමයි මූ කියන දේවල් විශ්වාස කරනවට ගහන්න ඕනෙ මට.....මට....!!

මන් එයාව මගෑරල එන්න ආවෙ එයත් පූස් පැටියා වගේ පස්සෙන් එද්දි.....

අඹේවෙලට ආවම තමයි මන් දන්නෙ අඹේවෙල ඉන්නෙ හරක් කියල ..... ඉතිං හිතන්න ලැජ්ජාව ....අයියෝ මන් ජර්සි එකෙව් ඔළුවට දාන්න කෑල්ලෙන් මුළු මූණම වහගත්තා..... මිස්ගෙ මහත්තය මොනා හිතුවද දන්නෑ.....

" තරහද ඉතිං ?"

මගේ කනක් ඇදල අයියා ඇහුවෙ මන් එයාට ගස්සල දාලා මිස්ගෙ පස්සෙන් පාර්කින් එකට යද්දි.......දැන් අපි මේ හරක් බලලා එන ගමන්...

මටත් මෙහෙන්මම නැවතුනා නම් හරි.....හරකගෙයි මගෙයි ලොකු වෙනසකුත් නෑනෙ  බලන් යද්දි.....

අයියව නවත්තගත්‍ත නම් හරි හරක් ටික බලාගන්න....කොහොමත් ඌට හරක් එක්ක තීන්නෙ සමීප සම්බන්ධතාවයක් නෙ....

" අභූ......අර පාට පාට ....බයි කලර් හරකෙක්.....ඔයා වගේමයි නේද ??"

ඈත උන්න පාට පාට හරකෙක් දැකල අයියා අත දික් කරල හෙන සද්දෙට කියද්දි අවට ඉන්න මිනිස්සුත් බක බක ගගා මට හිනාඋනා.....මන් මූන රතු කරගත්තෙ ලැජ්ජාවට....

" අයියේ !!! මන් ඔයාව අප්පච්චීට කියනවා !"

මන් කිව්වෙ එයා දිහාවට රවල.....

" ම්ම්ම් "

අයියා මට දික් කළේ කිරි පැකට් එකක්....

" මට එපා !"

" මොකද උඹේ ඔච්චර ගෑස්....මේක බීපන් "

" එපා කිව්වනේ.."

" මේක බිව්වොත් චොක්ලට් එකක් අරන් දෙනවා...."

" එපා "

" ගන්නකො පැටියො "

" මට පැටියො කියන්න එපා "

මන් ගස්සගෙනම ඉස්සර වෙලා එද්දි එයා මගේ අතින් ඇදල අරන් මගේ දෙතොල් වලට එයාගෙ දෙතොල් තද කරල හාදුවක් තියල දෙතොල් අරගත්තෙ මන් බීරාන්ත වෙලා ඉද්දි.....

" තව එකක් දෙන්නද...."

හෑ.........

මන් කටත් ඇරන් ඉද්දි එයා ආයෙම එහෙම කළා.... එයාගෙ දෙතොල් තද කරල මගේ දෙතොල් උඩ තියල ආයෙ දෙතොල් අරගත්තා....

" එහෙම කරන්නෙ ආදරේ කරන අයලු...."

එයා කිව්වෙ ඔළුව කස කස දිලිසෙන ඇස් දෙකකින්.....

" ආදරේ කරන අය මොනා කළත් අපිට මොකද....අපි ආදරේ කරන්නෑනේ..."

අයියගෙ මූණ හත්තිලව්වට ගහපු මොකද්ද එකක් වෙද්දි මන් එයාගෙ අතේ තිබ්බ කිරි පැකට් එකත් උදුරන් එයාව තල්ලු කරන් ආවෙ ඉස්සරහින් යන මිස් ළගට....

එයා ගල් වෙලා එතන හිටගෙන ඉදියෙ යකෙක් දැක්ක ගානට....

ශික්..... හැමතිස්සෙම කට කන්න ලෑස්තිය..... ඇත්තටම මෙයාව හැපී මනෝචිකිත්සක සායනයට ඉදිරිපත් කරා නම් හරි.....ඔව් මට තෙරෙනව මෙයාට මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තීනව....

මිසුය් මිස්ගෙ මහත්තයයි මමයි තුන් දෙනාම වාහනේට නැගල බලන් ඉදියෙ අයියා එනකන්..... ඒ යකා කොහේ ගිහින්ද දන්නෑ........

අපි ඇවිල්ලත් ටික වෙලාවකට පස්සෙ තමයි අයියා ආවෙ....

" කොහෙද තිසෙව් ගියේ...??"

අප්පච්චී ඇහුවෙ කේන්තියෙන් වගෙ....

" සොරි අප්පච්චී .....හරකෙක් බලන්න ගියා...."

" හරකෙක් ??"

" ඔව් අප්පච්චී ....හරකෙක්ට යමක් කමක් තේරුම් ගැනීමෙ හැකියාව ගැන ලිපියක් තිබ්බා...මන් ඒක කියවල පොඩ්ඩක් අවබෝධ කරගත්තා අප්පච්චී ....... "

අයියා වාහනේ ස්ටාර්ට් කරල පාරට දැම්මෙ මන් මගේ පාඩුවෙ කිරි පැකට් එක බොද්දි ...කෑම වලින් පලිගන්න හොද නෑ.....

.
.
.

දවල්ට කාලා ඉන් පස්සෙ අපි ආවෙ හෝර්ට්න් තැන්නට..... වටේ පිටේ ඇවිදලා ලෝකාන්තය බලලා සත්තු බලලා මිසුයි මිස්ගෙ මහත්තයයි ගහක් යට බෙන්ච් එකකින් ඉදගනිද්දි මන් මෙහාට වෙන්න බෙන්ච් එකකින් ඉදගත්තා.....

මිස් අද හරිම සතුටින්..... මිස්ගෙ මහත්තය මිස්ගෙ කරට අතදාගත්තෙ මිස්ගෙ කම්මුලකට හාදුවක් තියල.....මිස් හිනාඋනේ ලැජ්ජාවෙන්.... හරිම ලස්සන දර්ශනයක්.... මගේ හිතට දැනුනෙ පුදුම සතුටක්.....

" ම්ම්ම් "

ඒ සතුට විනාශ කරන්න ආව අයියා  මල් කිනිත්තක් මට දික් කළේ අනංගයා වගේ....

මන් ඒක ගත්තම එයත් මන් ලගින් ඉදගත්තා.....

" මෙහෙ හරිම ලස්සනයි නේද ?"

අයියා අහද්දි මන් ඔළුව වැනුවෙ මල් කිනිත්තෙ සුවද බලන ගමන්.....

" අභූ ගෙදරට කතා කරන්න ඕනෙද ?"

" ම්හ් "

" අභුට ඔය ඇදුම මාර ලස්සනයි .... I mean ඔය හූඩි එක එහෙම..."

" ලස්සනයි ද? අම්මා තමයි අරන් දුන්නෙ...."

" ඔහ්...එක තමයි .... ලස්සනයි "

" අපේ අම්මාට ලස්සනට ඇදුම් තෝරන්න පුලුවන් ..... එයා ඉතිං තවම තරුණයිනෙ..... ඔයා දන්නවද අයියේ මන් ආසම  අපේ අම්මා එයාගෙ දිග කොණ්ඩෙ ගොතල මෙහෙම ඉස්සරහට දානවට....එතකොට අම්මා ගොඩාක් ලස්සනයි "

" ..........."

" තව අම්මා මෙතනට තිලකෙ තියල ඉන්න දාට...ඉදල හිටල එයා තැල්ලකුත් දානවා.....ඒක ගෙනත් දුන්නෙ මන්..... මන් නම් ආසම එයා තද රතු පාට සාරි අදිනවට.....කකුලට සලඹ දැම්මම මාරම ලස්සනයි ....."

" ..........."

මට අම්මව මතක් උනා...... එයා පාළුවෙන් ඇත්තෙ මන් නැතුව.......

" අභු.....ඔයා ළග පිච්ච සුවදයි "

" ආ..... මන් අර බාතෲම් එකේ තිබ්බ පිච්ච ෆෙස් වොශ් එක ගෑවනේ..... ඒක කාගෙද.....ඔයාගෙද අයියේ...."

" වෙන්නැති 😒 "

" ආ...ඒක මන් ඇගේ ගෑවා..... පට්ට සුවදයි ඒක.... ඒ නිසා වෙන්නැති ......ඔයා ගෑවෙ නැද්ද..... ඔයා ලග නම් ගන්දස්සාරෙ බෑ....අඩුම සෙන්ට් එක වත් ගහගත්තෙ නෑද ආ "

" අමතකුනා....."

අයියා අහක බලාගත්තා.... මන් අර මලේ සුවද බැලුවෙ ආසාවෙන්.....

" ඔයාගෙ කටහඩ ලස්සනයි අභූ "

අයියා කිව්වම මන් පුදුමෙන් එයා දිහා බැලුවා....

" ඇත්තට.....?"

" ඔව්නෙ.... කොහොමද ඔච්චර කටහඩ ලස්සන උනේ...."

අයියා ඇහුවෙ මගේ නිකටෙන් උඩට උස්සල මගේ ඇස් දිහා බලාගෙන....

" අපේ අම්මා නිසා....එයාටත් තීන්නෙ ලස්සන කටහඩක්නේ..... එයා ඉස්සර සංගීතත් කලාලු...... මාත් සංගිත කලා... ඒඋනාට මන් දක්ෂ වාදනයට..මන් සිංදුවක් කියපු පලවෙනි දවසෙ මිස් කිව්වා ටකරමට ගල් ගහනව වගේ කියල ....."

"......................."

" එදා ළමයි මට හිනත් උනා....ඔයා දන්නවද අයියේ මගේ පොඩි කාලෙ ඉදන් යාලුවා සුරේෂ්..... ඌ දැන් කරන්න් කොමස්.......ඉස්සර ඉදල මට උන්නෙ ඌ තමයි ..... ඉස්සර ඉදන් මන් ඉතිං හරි ලස්සනයි නෙේ..... අපේ ස්කොලෙ කොල්ලොම මට අනම් මනම් කියනව....මන් වෙනුවෙන් ඌ තමයි වලියට යන්නෙ...... ඌ කැමති නෑ කවුරුත් මට ලස්සනයි කියනවට.... ඌට දැන් කෙල්ලෙක් ඉන්නව..... කෙල්ල සිංහල..... මන් හිතන්නෙ ගෙවල් වලින් ප්‍රශ්නයක් වෙයි...."

"......................"

" අපෙ  අම්මා අප්පව බැන්දා උනත් අම්මා සිංහලනේ...... ඇත්තටම ඒක අසාධාරණයි නේද...ජාති ආගම් භේද නිසා ආදරයක් නැති වෙන එක..... කොච්චර එහෙම දේවල් තීනවද..... මගේ තව යාලුවෙක් ඉන්නව ලසිදු කියල .....පොර යාලුවෙලා ඉදියෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක.... අවාසනාවට ඒ කෙල්ලව ගෙදරින් බන්දල දුන්නානේ නාකි සීයා කෙනෙක්ට.... මල හත්තිකයයි ඉතිං ... "

" අභූ...... ඔයා පොත් කියවන්න ආසයි කිව්ව නේද ?"

" ඔව්නෙ...... මන් ආසම පරිවර්තන වලට.... ෂර්ලොක් හෝම්ස් ගෙ පොත් සෙට් එක...බුදාම්මෝ මන් හැම එකක්ම කියවල ඇති..... ඒ කාලෙ මන් හිතන් ඉදියෙ දොස්තර වොට්සන් කියන්නෙ හෝම්ස්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල ..... "

" ඈ..... එහෙමද..... හෝම්ස් කියන්නෙ වොට්සන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද...ඒ අභූ එහෙමත් වෙනවද ??"

" ඒක තමයි කියන්නෙ.... පස්සෙ මට තෙරුනා එහෙම උනාම ලමයි හම්බ කරන්න බෑ කියල ..."

" නෑ නෑ නෑ නෑ !!!එහෙම වෙන්න පුලුවන් ....මම...න් ඇස් දෙකටම දැකල තී... නව....."

" ඔව් මාත් මේ ලගදි දන්නෙ ඇත්තටම එහෙම වෙන්න පුලුවන් කියල....මටත් යාලුවෙක් කිව්වෙ..... අයියට කියන්න මන් නම් ඒ හැම පොතක්ම කියවල තීනව... මට හිතාගන්න බැරි ෂර්ලොක් හෝම්ස් මවපු චරිතයක් උනේ කොහොමද කියල ..."

" ම්ම් "

" අයියා ආසම ෆිල්ම් එක මොකද්ද ?"

" One night On stand "

" හෑ........ ස්ටෑන්ඩ් එකක රාත්‍රියක්.... එහෙම එකක් මන් අහල නෑනෙව්....පව් නේද.....ඕනෙ තරම් මිනිස්සු ඉන්නවනෙ ඉතිං ස්ටෑන්ඩ් එක ඇතුලෙ නිදාගන්න අය..... මතුගම ස්ටෑන්ඩ් එකේම කී දෙනෙක් ඉන්නවද ? ඔයා හරිම සංවෙදි කෙනෙක් නේද අයියේ.... ඔය වගේ ෆිල්ම් අලන අය දැන් අඩුයිනෙ.... හැමෝටම ඕනෙ කටවල් කාගෙන ඇගවල් උඩ නැගගන්න ඒවනෙ...."

අයියා ඔළුවෙ අත ගහගත්තෙ මන් එයාගෙ මූණට එබෙද්දි...

"අයියේ  ඇයි ??"

" ආහ්....නෑ.....මේ ...ම...දුරුවෙක්..."

අයියා ඔළුවට තව පාරක් අතින් ගහගත්තෙ මදුරුවො එලවන්න.....

" කෝ ඉන්න බලන්න...... ආහ්....මේ ඉන්නෙ......"

චටාස්ස්ස්ස්......

මන් එයාගෙ ඔඩොක්කුවට නැගල ඉළුවෙ උන්න මදුරුවට ගැහුවා....

" ආව්ව්‍ යකෝ "

" ඉන්න ඉන්න.....මදුරුවෙක් කාගෙන ඉන්නව....... දැන් ඩෙංගු හැමතැනම.... මන් දැක්කා මිස්වත් මදුරුවො කාලා තීනව....."

" ඇති ..ඇති බැහැපන් මගෙ ඔඩොක්කුවෙන්...... උඹ නිකන් මදුරුවො තලන්නෙ හෙන ගහන්න වගේනේ ....ආහ්....මොලෙත් හෙල්ලුනා.."

මන් අයියගෙ ඔඩොක්කුවෙන් බැස්සා.......

" අයියා ඔයා දන්නවද ?"

" නෑ....."

" ඉතිං මන් කිව්වෙ නෑනේ....පොඩ්ඩක් ඉන්න.... ඔයා දන්නවද මන් ආසම 24 කියල තීන්නෙ අර වොච් එකකින් කාලය හරහා ගමන් කරන්නෙ....ඒ ෆිල්ම් එකට...ඒක පට්ට නේද.....අම්මො මටත් ඒ වගේ වොච් එකක් තිබ්බා නම්...... "

"..................."

" එකේ ප්‍රධාන චරිතෙ කොල්ලත් මරු....හැන්ඩ්සම්..... ඒක ඇරෙන්න මන් ඊළගට ආසම දිල්වාලේ එකට..... ඒකත් මරු.....මන් ආසම නිලිය එයා තමයි ....හැබැයි මන් ශාරුක්ට නන් ආස නෑ....... දිල්වාලෙ එකේ එයාගෙ මල්ලිට ඉන්නෙ......එයාට නම් ආසයි....."

මන් මල් කිනිත්ත අරන් නහයට ලන් කරගත්තා....ඒක මාර සුවදයි....හෝර්ට්න් තැන්න පුරාම ලස්සනට මල් පිපිලා....

" පැටියො ??"

ටික වෙලාවක් ගිහින් අයියා කතා කළාම මන් එයා දිහා බැලුවා....

" ම්ම් "

" ඔයා දන්නවද ?"

" මොකද්ද ?"

" මෙහෙම දේවල් කතා කරන්නෙ ආදරේ කරන අයලු "

" ආදරේ කරන අය මොනා කතා කලත් අපිට මොකද අනේ....... "

" ................."

" අයියට කියන්න මන් ආසම අර සුදු පාට පෙත්තක් තියෙන කහ පාට රවුමක් තියෙන මල් වලට....මන් ඔයාට අර කලිනුත් පෙන්නුවෙ...."

"................."

" ඒක මාර සුවදයි නේද...... ඒක නෙමෙයි මන් ඒලෙවල් ඉවර උනාම ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නෙ.... කොහොමහරි සල්ලි ටිකක් හොයාගන්න ඕනෙ කැම්පස් යන්න.....හ්ම්ම්හ් ! මන් කැම්පස් ගියොත් අම්මා තනියෙම ගෙදර ...එ ගැන හිතද්දි දුකයි..... "

" අභූ....උඹේ කට රිදෙන්නැද්ද ?"

" හෑ......."

" මොන මල වදයක්ද මේ කනක් ඇහෙන්න නෑනෙ....පොඩ්ඩක් කට වහග්නිකො...."

" ඇයි දැන් ඔවා  කිව්වෙ මගේ කටහඩ ලස්සනයි කියල...."

" එහෙම එකක් කිව්වා නම් මන් ඒක ඉල්ලා අස් කරගන්නව......පොඩ්ඩක් කට වහන් ඉදින් පුතේ....කන රිදෙනවා ....."

අයියා කිව්වෙ කනක්  සුළගිල්ලෙන් හාරන ගමන්...

" හහ්...... තියාගනින් උඹෙ මල් නැට්ට....... "

මල් කිනිත්තෙන් එයාටම දමල ගහපු මන් නැගිටල ඇවිත් ඉදගත්තෙ තනි බෙන්ච් එකකින්.... දෙයියනේ කියල අර මගුලත් පාඩුවේ අතනට වෙලා ඉදන් ඉදියා..... මන් මගේ පාඩුවේ මනෝ පාරක් ගහන් ඉදියෙ අහස දිහා බලාගෙන...........

.
.
.
.
.
.
.
.
🍁 බායි.....

Continue Reading

You'll Also Like

12.3K 2.1K 25
Labarin mace da namiji masu bincike, binciko abinda yake a boye da kuma hukunta masu laifi. Zakuji cases da dama da yanda suke warwaresu....
14.3K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
3.4K 601 4
🐰- මං යීබොට තාමත් ආදරෙයී....💚❤️
123K 15.1K 113
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...