Hollow Spirit🍁 [ Zhanyi Comp...

HashiHiru által

400K 77.9K 41.3K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... Több

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁 දහඅටවන දිගහැරුම 🍁

3.3K 707 342
HashiHiru által

" අනේ මන්දා මේ දරුවා කොහේ ගියාද කියල ......"

මිසුයි මිස්ගෙ මහත්තයයි මමයි එළියට වෙලා ඉදියෙ අයියා එනකන්.....ෆයිව් මිනිට් කිව්වට දැන් ෆිෆ්ටි මිනිට් වගේ ගිහින්......

" තිසෙව්ට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද සුනීතා ? ඔයා අර මොකද්දෝ කතාවක් කිව්වෙ...."

මිස්ගෙ මහත්තයා මිස්ගෙ දිහා හැරිලා අහද්දි මාත් හරි බරි ගැහිලා පුටුවෙ ඉදගත්තෙ මගේ අදහසුත් ප්‍රකාශ කරන්න සූදානමේ....

" ඔව් දයේ.... කොල්ලා මාත් එක්ක කිව්වා.....කෙනෙක්ට කැමති කියල ..... ටික කාලයක් දෙන්නෙයි කිව්වෙ....."

මිස්ගෙ මහත්තය සාක්කුවක අතක් හොවාගෙන නැගිට්ටෙ පුටුවෙන්.....

" තිසෙව් කවදාවත් වැරදි දෙයක් කරන්නෙ නෑ.....එයා ගන්න තීරණ හරියටම හරි ....."

ජනෙලෙන් එපිට ඈත බලන් මිස්ගෙ මහත්තය කිව්වෙ එහෙම.....අනේ මන්දා..... අයියා මොන දේ කිව්වත් මිස්ගෙ මහත්තය ටිකක් නිතියටම වැඩ කරන මනුස්සයෙක් වගේ.....

" එයා මොන තීරණය ගත්තත් මට ඕනෙ එයා ජිවිතේ එකලාසයක් කරගන්නව දකින්න දයේ......"

මිස් කිව්වෙ ලොකු හුස්මක් පිට කරල.....

" තිසෙව් බුද්ධිමත් දරුවෙක්.... "

අනේ උගේ බුද්ධිය.....

" තිසෙව් කවදහරි මගේ අඩිපාරෙ ගිහින් මට වගේම ඔයාටත් ලොකු ගෞරවයක් දෙනව සුනීතා..... ඒක මට විශ්වාසයි.... අපේ කොල්ලට අපි කාලයක් දෙමු..... කසාදයක් කවද කරගන්න බැරිද..... "

මිස්ගෙ මහත්තය එහෙම කිව්වා විතරයි ඕං මිස්ට මල පැනගෙන ආවා.....

" ඔයත් හරි කතා තමයි කියන්නෙ දයෙ.....හෙට අනිද්දයින් මේ කොල්ලට හතලිහකටත් කිට්ටුයි..... තව කාලයක් දුන්නම මේ කොල්ලා කසාද බැදල දරුවෙක් හදන්නෙ නාකි උනාමද ?"

" සුනීතා.....මන් කසාද බැන්දෙත් අවුරුදු තිස් අටෙන්..... ඔයා මට වඩා අවුරුදු හතක් අටක් බාල උනාට මනුස්සයෙක් කසාද බදින්න පුලුවන් හොදම කාලෙ මන් හිතන්නෙ ඒක...."

හෑ.............

" දයේ...... ඔයා මොනවද මේ කියන්නෙ....අප්පච්චීත් එකයි පුතත් එකයි..... කටයුත්තක් හොයන්න ගියාම දෙන්නම මැරෙන්න හදනව..... මට කියන්න ඔයාගෙයි චූටි පුතාගෙය් හොරේ මොකද්ද ?"

" ආහ්හ්හ්......මොන...හොරයක්ද සුනීතා..... මන් තිසෙව්ගෙ පෞද්ගලික ජිවිතේට ඇගිලි ගහන්න යන්නෑ !එයා කොල්ලෙක්නේ...කෙල්ලෙක් උනා නම් මන් මීට වඩා හොයන්න තිබ්බා.."

මිස්ගෙ මහත්තය කිව්වෙ මිස් ළගින් ඉදගන්න ගමන්.....

" දයේ......කල වයස පහු වෙන්න කලින් ඔය හොයන් ඉන්න කටයුත්ත හොදද බලලා ඉක්මනට කරල දෙමු..... මටත් සැනසිල්ලෙ හුස්මක් ගන්න ඕනෙ.... "

මිස් කිව්වෙ කේන්තියෙන් ....

" තිස් පහක් කියන්නෙ මහ ලොකු වයසක්ද සුනීතා.... මේ කරදර ඉවර වෙනකන් කොල්ලට ටික කාලයක් දෙන්න...."

මිස්ගෙ මහත්තයා කිව්ව ගමන් මිස් ගැස්සිලා බැලුවෙ මහත්තයා දිහා...

" මොන කරදරද දයේ....පහුගිය කාලවල් වලට අමතරව තවත් කරදර අපේ ජිවිත වලට වෙන්න තියෙනවද ?"

" ආහ්....මන් මේ කිව්වෙ - ...."

" දයේ.....ඔයා මට මොකක් හරි හංගනවා !"

මිස් කිව්වෙ මිස්ගෙ මහත්තය දිහා සැකෙන් බලලා.....

" මන් ඔයාට මොනව හංගන්නද සුනීතා...."

මවාගත්ත හිනාවකින් මහත්තයා කිව්වෙ මිස් කේන්තියෙන් අහක බලාගනිද්දි....

" ඇත්ත කියන්න දයේ...දේශපාලන බලපෑමක් කියල බොරු කියල පුතා උවමනාවෙන් නේද මතුගමට ගියේ.... ඇයි මට මේ දේවල් හංගන්නේ.... බැරි වෙලා වත්....... "

මිස් දෑස් වල කදුළු පුරවන් බැලුවෙ මිස්ගෙ මහත්තයා දිහා....

" පුතා ආයෙ අශ්වින් ගැන හොයන්න අරන්ද දයේ...... "

" නැහැ සුනිතා....ඔයා මොනවද ම් කිය......"

" ඇති දයේ.....හොදටම ඇති !! ඒක නේද පුතා කසාදයක් කරගන්න පරක්කු වෙන්නෙ.....ඒක නිසා නේද ඔයත් මේවට උල්පන්දම් දෙන්නෙ... ආ.... පුතාට කටයුත්තක් හොයන්න ගත්තම පුතාටත් කලින් අකමැති වෙන්නෙ ඔයා දයේ....ඒකට හේතුව අශ්වින් නේද ??"

" කට වහගන්නවා සුනීතා.... අනවශ්‍ය දේවල් ඇදා ගන්න හදන්නෙපා !!"

" අපේ ජිවිත වලට උන කරදර හොදටම ඇති දයේ.... දැන් වත් අපි නිදහසේ ඉමුකෝ.....ප්ලීස්.... මට දැන් මේ ජිවිතේ තිත්ත වෙලා තීන්නෙ...."

අනේ මිස් හොදටම අඩනව....මට කරන්න දෙයක් නැති නිසා මන් අහක බලන් ඉදියෙ එයාලගෙ ප්‍රශ්න වලට අතදාන්න බැරි කමට....

" තිසෙව් කරන්නෙ හරි දේ... ඒ ළමයට ටික කාලයක් නිදහසේ ඉන්න දෙන්න.... අශ්වින් නිසා ඒ ළමයා සෑහෙන්න මානසිකව කඩාගෙන වැටුනා... යන්තම් යථා තත්වෙට පත්වේගෙන එද්දිම ඔයා ඒ ළමයට ගෑණු තෝරන්න හදන්න එපා.... !! ගෙදර තීරණ ගන්නෙ මම සුනීතා..... ඔයා ඒක මතක තියාගත්තොත් හොදය් !"

දැඩිව කියපු මිස්ගෙ මහත්තය නැගිටල එළියට යන්න ගියේ මිස් ගස්සල අහක බලාගනිද්දි....

අපෝ වලිද කොහෙද.....අනේ මේ මිනිහට ඉක්මනට කසාදයක් බැදගන්න කිව්ව නම් හරි ....... මගෙත් කන් දෙක පිරිලා ඔය කටයුතු වලින්ම.....

" අභූ ......ම්ම් "

මන් පුටුවට ඇලිලා ඉද්දි කොහෙන්දෝ ආව අයියා මට දික් කළේ බොක්ස් එකක්.....අහක බලන් උන්න මිසුත් උවමනාවෙන් බැලුවෙ අයියා දිහා...

" මෙයා නුවරඑළි යන්නත් බාටා දාන් ඇවිත් අම්මා...shoes දෙකක් ගන්න ගියා...."

මගේ ඇස් දෙක පොල් තඩි උනේ මන් ඉක්මනට ඒ බොක්ස් එක අතට ගනිද්දි.....

අනේ අයියේ මට කියන්න එප ඔයා මට සපත්තු ජෝඩුවක් ගෙනාවා කියල .....

මන් ඒක ඉක්මනට ඇරල බලද්දි මන් දැක්කෙ පාටවල් පහකින් මේස් ජෝඩු පහක්....

" සීතලට දාගන්නවා....තමුසෙ නම් ජිවිතේට නුවරඑළි ගිහින් නෑ..... මෙහෙ කට්ට අව්වෙ වෙලිලා එකපාරටම එහෙම ගියාම මැරෙන්න වගේ ඕයි.... "

අයියා කෑ ගහද්දි මන් මේස් ටික ටේබල් එකෙන් තියල බැලුවෙ සපත්තු දෙක දිහා.....කොළ පාටයි.....ලස්සන ලා කොළ පාට ලේස් දෙකක් ගැටගහල තිබ්බ ශූස් දෙකක්...

අනේ....ඒක ලස්සනයි මාරම.....

හෑ....ඒත් මේ කේබල් එකකුත් තීනවනෙ....

මන් ශූස් දෙක යට තිබ්බ USB කේබල් එක අරන් බැලුවෙ අයියා දිහා....

" කෝ මෙහෙ දෙනවා...."

අයියා බලෙන්ම සපත්තු දෙක උදුරන් මන් ළග බිමට නැමෙද්දි මන් ඉබේම බැලුවෙ මිස් දිහා.....මිස් ඇස් ගහල මට කිව්වෙ සන්සුන් වෙන්න කියල .....

මන් බලන් ඉද්දිම අයියා මගේ බාටා දෙක ගලවලා අර මේස් වලින් ජෝඩුවක් අරන් ඒ දෙක මගේ කකුල් වලට දැම්මා..... මන් විතරයි බාටා දෙකක් දාන් ඉදියෙ....අයියත් ශූස් දාගෙන ඉදියෙ.... මිසුත් මේස් දාලා නැති උනාට කවර්ඩ් ශූස් දෙකක් දාන් ඉදියා.....

මන් අයියා දිහා කියාගන්න බැරි හැගීමකින් බලද්දි එයා මගේ කකුල් දෙකට අර ශූස් දෙක දැම්මා.....

" ම්ම්.....ඕක LED shoes දෙකක්...."

අයියා සපත්තුව කරවලා මොකද්දෝ කරල කිව්වම සපත්තුවෙ අඩිය වටේට ලයිට්ස් පත්තු වෙන්න ගත්තා....

" වෝහ්....."

මන් අත් දෙකෙන්ම කට වහගත්තෙ ඇතිඋන පුදුමයට....

" ඇවිදිනෝ බලන්න....."

අයියා කියද්දි මන් පුටුවෙන් නැගිටල ඇවිද්දා.....ඒක ෆිට්.....ගානටම ගෙනල්ලා.. මන් අලුත් සපත්තු වලට ආසයි...... අලුත් ඇදුම් වලට..... ඒ දේවල් වලට මන් කැමති.....

" ම්ම් .....මෙකෙන් තමයි චාජ් කරන්නෙ....."

අයියා කිව්වෙ කේබල් එක බොක්ස් එක ඇතුලට දාලා......

මන් වටයක් ඇවිදන බැලුවෙ සපත්තු දිහා....අලූත් සපත්තු...ලස්සන ලයිට් එකක් දිලිසෙනව...

" මේක...කීයක් උනාද......."

මන් ඇහුවෙ අහිංසකව.....

" එච්චර ගානක් නෑ අභූ.....මන් ඔයාට මේස් ගෙනත් ඇති.... ඒවා අනිවාරෙන් දාන්න....ඔයාට ඕනෙ නම් දැනට ඕවා ගලවගන්න ..... එහෙට ගියාම දාගන්න...."

" ම්හ්හ්......එපා...මන් මේවට ආසය්...."

මන් කිව්වම එයා මගේ ඔළුව අතගෑවා.....

" අම්මා යන්.....?"

මෙච්චර වෙලා අපි දිහා බලන් උන්න මිස් මගේ ඔළුව අතගාගෙනම ඇවිත් අයියගෙ හිස සිම්බා.....

" මගේ කොල්ලා ....."

අයියගෙ නහයත් මිරිකලා මිස් එලියට යද්දි අයියා මට අත දික් කලා....මන් එයාගෙ අතේ එල්ලෙද්දි අපි ආවෙ වාහනේ ළගට......

.
.
.

එන්න පිටත් උනා....අයියා තමයි ඩ්‍රයිවින්ග් කළේ...... පුරුදු විදියට මන් ඉස්සරහ ඉදගත්ත.. පැයක් විතර පහුවෙනකන් මන් වටපිට බල බල උන්නත් මගක් යද්දි මට නින්ද ගියා.....

සෑහෙන තරම් වෙලා මන් සැපට නිදාගත්තා..... අයියත් සීට් එක කඩල දෙද්දි මට නිදාගන්න ඒක පහසු උනා.......

පැය තුනකට විතර පස්සෙ මන් ඇහැරුනේ කම්මුලට දැනුන ස්පර්ශයක් එක්ක.....

"සුන්දරී......~ ඔබ හින්දා මන්.....
ඔය රුව හින්දා මන්....
හිත කුල්මත් වෙලා....~ "

රේඩියෝ එකේ සිංදුවක් ප්ලේ වෙද්දි මන් ඇස් පොඩි කරමින් බැලුවෙ අයියා දිහා....

" නැගිටින්නකෝ....."

වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නිදහස් අතින් මගේ කම්මුලක් මිරිකලා දාලා අයියා කිව්වෙ බැගෑපත් හඩින්....

" ඇ.....යි "

මන් ඇහුවෙ ඈනුමක් යවමින්...

" මට පාළුයි.....හැමෝම නිදිනෙ "

අයියා කිව්වම මන් පිටිපස්ස බැලුවා......මිසුත් මහත්තයට හේත්තු වෙලා නිදි.....මහත්තයත් නිදි.....

මන් නිදි ගැට කඩමින් සීට් එකේ කෙලින් උනා......

අතපය හිරි යවමින් මන් බැලුවෙ එයා දිහා.....

මන් දිහා බලාගෙනම උන්න එයා අහක බලාගත්තෙ මහ සද්දෙට හෝන් එකකුත් ගහන ගමන්.....

හොර ගෙඩියා.....

" කකුල් මෙතනින් තියන්න.....එක විදියටම ඉදල ඔයාට අමාරු ඇති....."

අයියා කිව්වම මන් හිස දෙපසට වැනුවා....ඒත් එයා බලෙන්ම මගේ කකුලක් ඇදල තියාගත්තෙ එයාගෙ ඔඩොක්කුවේ......

මන් අනිකත් උස්සල තියල ශීට් එකේ දිගෑදුනේ එයා පාඩුවේ ඩ්‍රයිව් කරද්දි.....

"අයියේ ඔයා ...... ??"

" ම්ම් "

" ඔයා.....කාටද....ආදරේ කරන්නෙ ?"

මන් දන්නෑ මන් එහෙම ඇහුවෙ ඇයි කියල ..... ඇත්තටම එයා කාට ආදරේ කලත් මට ඒක වැදගත් නෑ කොහොමටවත්ම.......

ඒත් මන් එහෙම ඇහුවම එයාගෙ මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්....ඒත් ඒ හිනාව එක්ක මට දැනුනෙ ඊරිසියාවක්....

" මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනාට....."

අයියා කිව්වෙ දිලිසෙන ඇස් දෙකකින්.....

" හුහ්....ඇයි එයාව එච්චරටම ලස්සන "

" එයා මට විශේෂ නිසා....."

" ඇයි එයාවම විෂේශ.....?"

අයියා බැලුවෙ මන් දිහා.....

" මගේ හිත නැවතුනෙ එයා ළග නිසා "

විකාර.....

මන් ශටර් එකට ඔළුව හේත්තු කරන් බැලුවෙ පහුවෙලා යන ගස් දිහා....

" අපි කොහෙද ඉන්නෙ....?"

" ගිනිගත්හේනේ....."

" ම්ම්....."

" බඩගිනිද ?"

" චුට්ටක් විතර "

මන් කිව්වෙ ඈනුමක් අරිමින්....

" අප්පච්චී කිව්වා හැටන් වලම කන්න නවත්තමු කියල ..... ඔයාට කන්න චිප්ස් දෙන්නද..... මන් කකා ආවෙ කම්මැලිකමට "

අයියා මට චිප්ස් පැකට් එකක් දුන්නම මන් ඒක ගත්තා...

" ආ මටත් කවල කාපිය...තනියෙම ගිලින්නේ...."

අම්මයි අප්පච්චී නිදි නිසා එයා හෙමින් වගේ කිව්වෙ මට එයාටත් චිප්ස් කවන්න සිද්ධ වෙද්දි.....

" අයියේ...."

" ම්ම් "

" මේ ශූස්...දෙක...කීයක් උනාද ?"

" ගාන වැඩක් නෑනේ...."

" ම්හ් "

"..........."

" කියන්නකො "

" උඹට ගාන වැඩක් නෑනේ...."

අයියා කිව්වම මන් එයාට රවල චිප්ස් වලින් කට පුරවගත්තා...

" ඔයා ආසම මොන වගේ දේවල් වලටද අභූ "

එයා හරිම හෙමින් ඇහුවෙ ඒ කටහඩ එක්ක මගේ හිතට අමුතු හැගීමක් දැනෙද්දි.....

" මන් ආසම ???"

" හ්ම් "

එයා හිනාවෙලා ආයෙ ඉස්සරහ බලාගත්තෙ මන් චිප්ස් පෙත්තක් කරස් ගාලා හපද්දි.....

" අලුත් සපත්තු අලුත් ඇදුම් වලින් එන සුවදට මන් ගොඩක් ආසයි..... අලුත් සපත්තු දාන්න ඇදුම් අදින්න ආසයි....තෑගි ලිහන්න ආසයි වෙන කෙනෙක්ට හම්බුන තෑගි උනත්... ම්ම් ලස්සන පොඩි දේවල් වලට ආසයි.... කෝපි බොන්න ගොඩාක් ආසයි.... පෙට්‍රල් සුවදට ආසයි "

අයියට හිනාවක් ගියේ එයා හිස දෙපසට වනමින් හිනාවෙද්දි....

" ඇවිදින්න යන්න මන් ගොඩක් ආසයි..... පොත් වලට.. ම්ම් මන් ගොඩාක්ම ආස පරිවර්තන කියවන්න... ඒක පිස්සුවක්...."

" තව...."

" ම්ම්ම්....කේක් ජාති වලට..... ටියාරා චොක්ලට් රෝල් වලට ගොඩාක්ම ආසයි...... "

" තව ....."

" පොල් වතුර බොන්න මන් මාරම ආසයි.....අම්මා පොල් බිදින සද්දෙට මන් දුවගෙන යනව කුස්සියට.....ආ දැන් ඒ පස්සෙත් සම්බෝලයත් දුවනව...ඌ නම් දුවන්නෙ පොල් කන්න.... පොල් වතුර ගොඩාක් ගුණයි. මන් නම් කවදාවත් අහක දාන්නෙ නෑ....."

" ම්ම්......වෙන ?"

" ම්ම්.... හදුන්කූරු සුවදට ගොඩක් ආසයි.... කෝවිලෙන් එන ඝන්ටාර සද්දෙ හදුන්කූරු කුංකුම , මල් වල සුවද මන් හරි ආසයි කොවිලට ගිහින් පැත්තකට වෙලා ඉදගෙන ඉන්න....... නලලට තිලක තියන්න.... අම්මගෙ මෙහෙන්දි වල සුවදට එතකොට අර පා සලං වල සද්දෙට මන් හරිම ආසයි....මන් කෙල්ලෙක් උනා නම් මන් දවසට එක ගානෙ පා සලං සල්ලි වලට ගන්නව...එක එක ජාතියෙන්..... "

" ම්ම්ම්......තව "

" සත්තුන්ට ආසයි.... බල්ලො පූසොන්ට...... ඒ උනාට මකුණොන්ට ගොඩක් බයයි.... දැක්කම කෑ ගැස්සෙනව මාව ....අපේ අම්මා බනිනව ඔහොම බෙරිහන් දෙන්න එපා කියල ...හී"

මන් කිව්වෙ මූණ රතු කරන්....

" එතකොට අයියා ??"

මන් ඇහුවම එයා හිනාඋනා....

" අයිස් ක්‍රීම්.... මන් ආසම අයිස් ක්‍රීම් වලට.... මින්ට් චොක්ලට් අයිස් ක්‍රීම් ,ස්ට්‍රෝබෙරි විතරයි මන් කන්නෙ... "

" හෑ....මන් නම් නොකන්නෙම ඒවා තමයි "

" ම්ම්ම්....ඊට අමතරව ගත්තම..... මන් ආසයි ඔරලෝසු වලට....... එක එක ජාතියේ ඔරලෝසු ගොඩක් මන් ළග තියෙනව....collection එකක්ම "

අයියා කිව්වෙ හිනාවෙවී....

'" මන් තනියෙම එහෙ මේහෙ යන්න කැමති .... solo dates.... තනියෙම ගිහින් අයිස් ක්‍රීම් කන්න ගොඩක් කැමති ..... එච්චරයි .... සැලරි එක ගත්ත දාට මන් කරන්නෙ ඒ දේ විතරයි ....."

" අයිස් ක්‍රීම් කනවා ???"

මන් ඇහුවෙ පුදුමෙන්....

" ඔව් "

අයියා හිස වැනුවෙ ආඩම්බරව....

මන් පොඩි හිනාවක් දාන් ඉස්සරහ බලාගත්තෙ එයා ගැන පුදුම හිතුන නිසා.....

" මන් ඉස්සර හිතුවෙ ඔයා ගොඩක් නපුරු සීතල කෙනෙක් කියල "

මන් කිව්වෙ හෙමින්....

" නොදන්න අය ඉස්සරහ මන් චුට්ටක් shy අභූ...මන් එච්චරටම open කෙනෙක් නෙමේ...!හැබැයි ඉතිං උඹත් එහෙමම තමයි නේ"

" හ්ම්.....ගෙදරට කවුරුහරි ආවොත් මන් ඉන්නෙ කාමරේ ......"

මන් කිව්වෙ හිනාවෙමි.....න්...

ඔහොම කතා කර කර ඉද්දි අයියලගෙ අප්පච්චී නැගිට්ට නිසා මන් කකුල් පහලට දාගත්තා....ඒ කොහොම උනත් කකුල් දිගස්සගෙන ඉදියායින් මට පොඩි සහනයක් ලැබුනා එක දිගටම නවාගෙන ඉන්නවට වඩා......

ඉන් පස්සෙ අයියලගෙ අප්පච්චී වාහනේ ගනිද්දි මන් මිස් එක්ක පස්සට ගියා....අයියයි අප්පච්චී මොනාදෝ කතා කර කර වාහනේ අරන් ගියා.....

ඉන් පස්සෙ කදු පල්ලම් මැද්දෙන් හිත ඇදිලා යන පරිසරක් මැද්දෙ අපි ගමන් කරන්න පටන් ගත්තා.... එන්න එන්න ගතට දැනෙන සීතලත් වැඩි වෙද්දි මන් මේ ලස්සන පරිසරයට ආදරේ කරන්න ගත්තා.....

පැය කිහිපයක ගමනකින් පස්සෙ අපි ආවෙ හැටන් වලට...නිවුස් වල නාය යනවා කියල නිතර දෙවේලේ දැකල තිබ්බත් ඒ පරිසරය දැක්කම හිත කිරි ගැහිලා ගියා...

හරිම ලස්සනයි දෙයියනේ...

තැන තැන යායට තේ වතු....ඒවා අපේ පැති වල තේ වතු වලට වඩා හාත්පසින්ම වෙනස් හරිම ලස්සනයි ...... විසාල රබර් වතු..... අලුත් විදියෙ මල් එළවලු පැල යායවල්.... කදු පල්ලම් වල ලීක්ස් ගෝවා රතු අල පැල වවල තිබුන විදියට මට කදුකර ගෙයක ජිවත් වෙන්න ආසාවක් දැනුනා....

" බහින්න ....."

'The spoon ' කියල තිබ්බ රෙස්ටුරන්ට් එකක වාහනේ නවත්තද්දි මන් වගේම මිසුත් වාහනෙන් බැස්සෙ සීතලේ වෙව්ලමින්..... කට්ට අවුව එක්ක ඔට්ටු වෙලා දාඩිය පෙරාගෙන ඇවිදල අපිට මෙහෙ සීතල ඉවසගන්න බෑ ...

අයියා ඩිකියෙන් මිස්ට ජර්සි එකක් අරන් දීලා මගේ අතට මගෙ බැග් එක දුන්නෙ සීතලට මොකක් හරි ඇදගන්න කියන්න....

මන් බෑග් එක අවුස්සල ජැකට් එක දාගනිද්දි මිස් මහත්තයා එක්ක කඩේ ඇතුලට ගියා.....

" ඔයාට සීතල නැද්ද ?"

මන් ඇහුවෙ ආයෙ බෑග් එක දාලා.....

" ම්හ්....අවුලක් නෑ "

එයා කිව්වෙ ඩිකිය වහන ගමන්......

" අහ් අභූ පොඩ්ඩක් ඉන්න....."

අයියා දැන් මතක් උනා වගේ කාර් එකේ ඉස්සරට දුවල ගිහින් අරන් ආවෙ ලිප් බාම් එකක්.....

" ඔයාගෙ ලිප්ස් පැලෙයි සීතලට...කෝ කට අරින්න... "

එයා මූණට ලන් වෙලා කිව්වම මන් කට ඇරියා....එයා ලිප් බාප් එක මගේ දෙතොල් වල ගෑවෙ ඒකෙ ස්ට්‍රෝබෙරි රසක් දැනෙද්දි.....

ආයෙ අනික් පැත්තට ඒ ස්ටික් එකෙන්ම එයා එයාගෙ දෙතොල් වලත් ඇදගනිද්ද්දි මාව රතු වෙන්න ගියේ තත්පරයයි..... ලැජ්ජාවෙ බෑ අනේ...කිස් එකක් දුන්නා වගේ....

" මේක ලග තියාගන්න... කාලා ඉවර උනාම ආයෙ ගාගන්න "

අයියා ඒක දුන්නම මන් ඒක මගේ සාක්කුවට දාගත්තා.....

එයා මගේ අතේ මැණික් කටුවෙන් අල්ලගෙන රෙස්ටුරන්ට් එක ඇතුලට ආවා....

බත් එක්ක එක එක ජාතියේ කෑම ගොඩාක් කාලා අපි එන්න එද්දිම මිස්ට වොශ් රූම් යන්න ඔනෙ කියල මිස් මහත්තයවත් ඇදගෙන ගියා....

" ඔයාටත් වොශ් රූම් යන්න ඕනෙද ?"

" ම්හ්..... ඕන්නෑ.."

අයියා සීතලට සාක්කු දෙකට අත් දෙක දාන් එලියට ඇවිදන් යද්දි මාත් අයියගෙ පිටිපස්සෙන් ආවෙ ලොලිපොප් එකක් ලොවන ගමන්...ඒක නම් අරන් දුන්නෙ මිස් තමයි .....කෑම හපද්දි සීතල නැති වෙනවලු...

" Excuse me....."

අයියගෙ පස්සෙන් මන් ඇවිදන් යද්දිම ටිකක් වයසක සුද්දියෙකුයි සුද්දෙකුයි එක්ස් කූස් මී ගෑවෙ දැන් නම් බඩු හරි කියල මට තෙරෙද්දි...

" please excuse me boy !"

එන පොට හොද නෑ කියල මාරුවෙන්න හැදුවත් නාකි සුද්දි මන් ඉස්සරහින් හිටගත්තෙ බැගෑපත් හඩකින්....

" ආහ්හ්හ්......"

" where is in hatton post office ?"

"ආහ්හ්???"

" Can you tell me where in the hatton post office is ??"

මන් ඇස් ලොකු කරන් ඉද්දි එයාලා ආයෙ ඒකම ඇහුවෙ දෙන්නට දෙන්නා මූන දිහාත් බලාගෙන...

" Aahhh.....p...o...st....o..ff..ice .... first you go arahen.....arahen going kelin ....pare digatama go.... ita passee......mm....left go....and....mm... right go.... digatama go.... ethana thamayi place ekah...."

මන් ගිරවා වගේ කියද්දි සුද්දයි සුද්දි මූණට මූණ බලාගත්ත...

" හී....."

මන් එයාලට දත් තිස් දෙකම පෙන්නල හිනාවුනා....ඒත් මට හික් ගෑවුනේ ඒත් එක්කම මගේ ඔළුවට බෝම්බයක් අතෑරියා වගේ හැගීමක් දැනෙද්දි....

" ආව්ව්ව්ව්ව් "

" excuse me....what do you want to know ?"

මගේ කනක් මිරිකලා අල්ලගත්ත අයියා කන අල්ලගෙනම සුද්දිගෙන් ඇහුවෙ මට තරු පෙනෙද්දි....

" ආව්ව්ව්ව්..... කන අතෑරපිය..ආව්ව්ව්ව් "

" How to go to the hatton post office ? "

" oh....I really don't know about it because we are also new here "

අයියා යැයි යැයි ගෑවම සුද්දයි සුද්දි ඔලුව වැනුවා..... මන් ලස්සනට කිව්වම මුන්ට තෙරුම් ගන්න බැරි උනා..ඒකෙත් හැටි බලාපල්ලකො....නාකි සුද්දයි සුද්දි..

" Didn't you cheked google ??"

ආව්ව්ව් අනේ එයා තාම මගේ කන අල්ලගෙන......ම්හ්හ්...

" ආව්ව්....ආව්ව්..... මිරිකන්නෙපා....ආව්ව්.....රිදෙනවා "

මන් කිව්වෙ එයාගෙ අතට හිරවෙලා තීන කන ගලවගන්න අසාර්ථක උත්සාහයක නිරත වෙමින්.....

" Also looked son...but there is no signal here...."

" wait , I 'll see it for you "

ඔන්න ඒ ගමන එයා මගේ කන අතෑරලා පෝන් එකට කොටද්දි මන් කන අල්ලගත්තා....ඌව්ව්හ් ඒක රතු වෙලා....

ගොං බඩුව !!!

විනාඩි කිහියකට පස්සෙ නාකි සුද්දයි සුද්දී යද්දි අයියා ආයෙ මට ටොක්කක් ඇන්නා.....

" යූ ගෝ අරහෙන් තමයි ..දෙන්නෙ උඹට...."

" ආව්..."

එයා අත උස්සද්දි කෑවා කියල හිතන් මන් ඔළුව බදාගත්තෙ එයා මගේ පුපට පයින් පාරක් අනිද්දි....

" නැගපන් කාර් එකට..."

මන් මූණ දෙක කරන් ගිහින් වාහනේට නැග්ගා....ටිකකින් මිස්ලා ආවම අපි ගමන යන්න පිටත් උනා....කාලා බඩ පුරවන් උන්න මන් ජනෙලෙට හේත්තු වෙලා ඉදියෙ පහුවෙලා යන පරිසරයෙ සුන්දරත්වය දිහා බලාගෙන...මේක නම් පිස්සුවක්.....

" තිසෙව්.....Adress එකේ විදියට නම් guest house එක තීන්නෙ මේ හරියෙ වෙන්න ඕනෙ...."

ටවුන් එකට ඇවිල්ලත් අපි විනාඩි ගානක් කැරකුනෙ අයියා බුක් කරල තිබ්බ තැන හොයාගන්න බැරුව.....

" ඔව් අප්පච්චී අපි ටිකක් ඉස්සරහට යමුකො..... "

අයියා ටැබ් එක දිහා බලාගෙන කියද්දි මිස්ගෙ මහත්තය වාහනේ ඉස්සරහට අරන් ගියා....

" මේ තීන්නෙ අප්පච්චී බෝඩ් එක...."

අයියා දකුණු අත පැත්තෙ බොඩ් එකක් පෙන්නල කිව්වම මිස්ගෙ මහත්තයා එතනින් වාහනේ හරවල ගේට් එකට හෝන් එකක් ගැහුවා.....

" Roseoale Bunglow "

ටිකකින් ආව මැදි වියේ මනුස්සයෙක් ගේට් එක අරිද්දි අයියලගෙ අප්පච්චී වත්ත ඇතුළට කාර් එක දැම්මා...

ලොකු වත්තක් එක්ක තට්ටු දෙකක විශාල ගෙයක්.....බිත්ති වෙනුවට තිබ්බෙ තිරුවානා පාට මිශ්‍ර ගඩොල් කැට.... ඒකෙන් ආරෝපණය උනේ සීතල පැත්තක කන්දක් උඩ තීන ලස්සන ගෙයක්... ඇත්ත මේකත් තීන්නෙ කන්දක් උඩ තමයි ....පල්ලමේ තීන්නෙ ලා කොළ පාට දළු වලින් සැරසුන තේ යායක්...

බන්ග්ලෝ එක වටේට පාට පාට මල් ගොඩාක් පිපිලා... ගාර්ඩ්න් එක වගේ තැන හරිම ලස්සනයි .....

" තිසෙව් එක ID එකක් දෙන්න වෙය්...ඔයාගෙ එක දෙන්න....ඕකෙ "

" ඕකෙ අප්පච්චී "

මුලින්ම අයියයි අප්පච්චී වාහනෙන් බැහැලා ඉදිය agent එක්ක කතා බහ කරල බන්ග්ලෝ එකට සල්ලි ගෙව්වා....ඉන් පස්සෙ යතුරු දීලා එයා යන්න යද්දි අපි බෑග්ස් අරගෙන ආවෙ ගේ ඇතුළට.....මාරම සීතලයි ...එලියෙ ඉන්නම බෑ....

මන් වටපිට බල බල ආවෙ ගේ ඇතුළට.....

විශාල උදුනක් එක්ක ලස්සන ආලින්දයක් වටේට සෝපා සෙට් එකකුයි පුටු කිහිපයකුයි එක්ක සූදානම් වෙලා තිබ්බා....ඊට ටිකක් එහායින් කිචන් එක හදල තියෙද්දි පහල තිබ්බෙ එක රූම් එකයි...... පඩිපෙලක් උඩ තට්ටුවට තියෙද්දි අයියා මුලින්ම ගේ වටේම සර්ච් එකක් දාලා පහලට ආවා.....

"බෙඩ් රූම්ස් හතරක් තියෙනව....."

අයියලගෙ අප්පච්චී කිව්වෙ යතුරු කැරලි හතරෙන් එකක් අයියා දිහාවට විසි කරල අනික මට දෙන ගමන්....

" අනේ....මන් තනියෙම ඉන්න බයයිනේ...."

මන් අසරණව කිව්වම අයියා මගේ කොණ්ඩෙ අවුල් කලා....

" මායි මල්ලි එක රූම් එකක ඉන්නම් අප්පච්චී .....ඔයයි අම්මයි රූම් එක ශෙයා කරගන්නකො එහෙනම් "

" හරි ඕකෙ..... දෙන්නම වොශ් දාගෙන රෙස්ට් කරන්න..... හවස් වෙලා මොනාහරි ඕඩ්ර් කරල ටී එකක් ගමු.... අද ගෙදර ඉදල හෙට ඇවිදිමු...."

" එහෙම හොදයි අප්පච්චී .....වාහනේ ඩ්‍රයිව් කරල මටත් මහන්සී..... "

අයියා මිස්ගෙ ඔළුව අතගාගෙනම උඩට යද්දි බෑග් එකත් උස්සන් මන් අයියගෙ පස්සෙන් ආවා....

" අම්මෝ අභුවො සීතල බලපන්කො..."

අයියා කාමරේක දොරක් ඇරන් ඇතුළට යමින් කිව්වෙ මාත් ඔළුව වනල කාමරේට එද්දි....

විශාල ලස්සන කාමරයක්...ලොකු බැල්කනි එකකුත් තිබ්බා...බන්ග්ලෝ එක වටේම තිබ්බෙ තේ වතු.... හරි නිස්කලංක පරිසරයක්....

" ඔයා වොශ් එකක් දාගෙන එන්න..... හොට් වෝටර් යූස් කරන්න...."

" ඔයා වොශ් කරන් එන්න අයියේ...ඔයාට මහන්සිත් ඇතිනේ "

" ම්ම් "

අයියා මගේ කොණ්ඩෙ අවුල් කරන් ගිහින් බෑග් එකෙන් ට්‍රවල් එක අරන් වොශ් රූම් එකට ගියා....

මන් එතන තිබ්බ දොර ඇරන් ආවෙ බැල්කනි එකට.... දොර ඇරපු ගමන් සීතල හුළගක් මාව සිපගෙන තරගෙට වගේ කාමරේ ඇතුළට යද්දි මන් ලොකු හුස්මක් ඇද්දා....

හිතට මාර සන්සුන් හැගීමක් දැනෙනව.... මන් දෙඅත් දෙපසට මුදාහැරල සැහැල්ලුවෙන් හුස්මක් හෙලුවා...

මන් බැල්කනි වැටට හේත්තු වෙලා පහළ බැලුවා...යායට තේ වතු යාය දිලිසෙනව...කෝපි එකක් බොන්න තිබ්බා නම්.....

එන්න එන්න සීතල දැඩි වෙද්දි මන් ටිකක් වෙලා එතන ඉදල දොර වහල දාලා ඇතුළට ආවා.....

අයියා තාම බාතෲම් එකේ.....

එයා කොහොමත් බාතෲම් ගියාම එන්න සෑහෙන්න වෙලා යනවනේ....

මන් ඇදුම් බෑග් එකෙන් ඇදුම් අස් කරල තිබ්බ අල්මාරියේ එක පැත්තකට අඩුක් කළා....බෑග් එක ඇද යටින් දාලා එහෙන්මම අයියගෙ ඇදුම් ටිකත් අනික් පැත්තට අඩුක් කළා......

හරියටම මිනිත්තු හතලිහකට පස්සෙ තමයි අයියා බාතෲම් එකෙන් එළියට ආවෙ.....ඒකත් අර චූටි සාල්ලු කෑල්ල ඉනට ඔතාගෙන ....

මටත් එක්ක ලැජ්ජයි අයියෝ....

සැක්...එයාගෙ ඉන මාර ලස්සනයි ....

" යන්න අභූ "

අයියා කිව්වම මන් ඔළුව වනලා සාලුව එක්ක ඇදුමකුත් අරන් බාතෲම් එකට ගියා.... හොට් වෝටර් වලින් ඇග සෝදගෙන මන් නම් විනාඩි පහෙන් එළියට ආවා....

" එක විදියටම ඇවිත් කොන්දත් රිදෙනව අභුවො... මේ ප්ලාස්ටර් එක අලවන්න පුලුවන් ද ?"

ශෝටකට අත් දිග ජර්සියක් ඇදන් උන්න අයියා මගෙන් එහෙම ඇහුවම මන් මූණ පිහදගෙනම ඇවිත් සාලුව රැක් එකෙන් දාලා ප්ලාස්ටර් එක අතට ගත්තා...අයියා ඇදේ දිගාවෙද්දි මන් ජර්සි එක ඉස්සුවා...

අම්මොහ් එයාගෙ හිප් එක....අයියට තිබ්බෙ පිරුණු බෝල පස්සක්.... එයාගෙ ඉන නිකන් බැලේ කරන ඩාන්සර් කෙනෙක්ගෙ වගේ....

" ලබ්#ක් කරනවද පොඩි එකෝ... ඕක අලවපන්..."

" අහ් හා හා "

මන් ප්ලාස්ටර් එක එයාගෙ කොන්දෙන් ඇලෙව්වෙ එයා එහෙන්මම ඇදේ හාන්සි වෙද්දි......

එයාගෙ දෙඇස් මගේ මූණට එද්දි මන් කලබලෙන් අහක බලාගත්තා..

" අභූ...."

" ම්ම් "

එයා ආයෙ කතා කරද්දි මන් එයා දිහා බැලුවා...

" මෙතනට එන්න "

ඇගිලි දෙකකින් එහා පැත්ත තට්ටු කරල එයා කිව්වහම මන් ඇද වටෙන් එයාගෙ එහා පැත්තෙන් හාන්සි උනා.....

මගේ කොණ්ඩෙ අවුල් කර දාලා එයා අනික් පැත්ත හැරිලා මට පිටුපෑවම මාත් දෑස් පියාගත්තෙ බෙඩ් ශීට් එක කරට කරන්.......

" දරුවො......"

ඇස් පියාගෙන විනාඩි දෙකක් යන්න නෑ අයියා මට කතා කරද්දි මන් එයා දිහා බැලුවා...

" ම්ම් "

" ගිහින් මේස් දෙකක් දාගන්න.... සීතලයි නේද....අනික ලිප් බාම් එක ගාගත්තද...."

මන් ඔළුව දෙපැත්තට වැනුවා....

" යනවා.....ඉතිං "

අයියා කෑ ගහද්දි මන් නැගිටල ගිහින් ලිප් බාම් එක දෙතොල් වල උලා ගත්තා....ඒක කන්න පුලුවන් ද දන්නෑ නේ....ස්ට්‍රෝබෙරි රසයි.....

" රෝස පාට දෙක දාගන්නවා "

අයියා දිහාවට බැල්මක් දාලා අතට ගත්ත මේස් දෙක ආයෙ ඔබල රෝස පාට දෙක දාගෙන බාබි ගර්ල් වගේ ඇදට ආවා....

බාර්බි බෝයි.....

බේබි බෝයි........
.
.
.
.
.
.
.
.
🍁 බායි.....

Olvasás folytatása

You'll Also Like

182K 26.9K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
508K 34.2K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022
18.6K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
9.6K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්