පිය උන ඇස් වලට උඩින් දීප්තිමත් ආලෝකයක් වැටෙනවා වගේ දැනෙනකොට ජන්කුක් ඇස් අරින්න උත්සහ කරත් ඇස් අරින්න ගොඩක් අමාරුයි වගේ දැනුනා.. ඒත් එක්කම ඇහුන කටහඩවල් එක්ක ජන්කුක් අත් එහෙ මෙහෙ කරන්න හැදුවත් ලොක් වෙලා තිබ්බේ... ටිකකින් අමාරුවෙන් ඇස් ඇරපු ජන්කුක්ට ජනෙල් වලින් ආපු දීප්තිමත් ආලෝකය පේනවත් එක්කම , එලියට ටිකෙන් ටික ඇස් හුරු උනා..
ඇතුලෙන් ජන්කුක් හෙලවෙනවා වගේ දැනෙනකොටම හෝසොක් ඉක්මනට දුවගෙන ආවා... ඇවිත් මැශින් ටික චෙක් කරාම ඔක්කොම නෝමල් වෙලා තිබ්බා... ජන්කුක් හිමීට ඇස් අරිනකන් හෝසෝක් බලන් හිටියේ ඇස් වල කදුලු පුරවන්... ටිකකින් ජන්කුක්ගේ ඇස් හෝසොක් පැත්තට හැරුනා..
"හොබී හ්‍යුන්ග්..."
"ජන්කුක්, දැන් කොහොමද ඔයාට ආහ්..."
ජන්කුක්ගේ ඇගිලි වල තියන ක්ලිප් ගලවන ගමන් හෝසොක් අහනකොට ජන්කුක් හෝසොක් දිහා බලලා ඔලුව හෙලෙව්වා...
"අමාරුවක් තියනවද දැන්.. වතුර ටිකක් බොමු..."
ජන්කුක්ට නැගිටලා ඇද පිටිපස්සට හේත්තු වෙන්න උදව් කරන ගමන් හෝසොක් වතුර ටිකක් ජන්කුක්ට පෙව්වා... ජන්කුක් බඩට අත තියාගන්නකොට හෝසොක් හිනාවෙලා උඩ ශර්ට් එක ඉස්සුවා...
"රිදෙනවද ... දැන් ගොඩක් හොදයි තුවාල... මන් ගොඩක් බය උනා..."
තුවාල වල වැදෙන් නැතුව යන්තම් ජන්කුක්ව වැලදගන්න ගමන් හෝසොක් කීවේ සතුටින්...ජන්කුක්ට සිහිය ආවෙ මාසෙකට විතර පස්සේ.. ජන්කුක් අවදානම් තත්වෙන් මිදුනට පස්සේ හෝසොක් ජන්කුක්ව සෝල් වලින් ගොඩක් දුරකට අරන් ආවෙ කාටවත්ම දෙන්නේ නැතුව...
ජන්කුක් ටේහ්‍යොන්ග් හින්දා දුක් විදපු විදිය දැක්කා වගේම, මුලු කිම් පවුල ගැනම කිසිම පැහැදීමක් තිබ්බේ නැති හෝසොක් ආයේත් ජන්කුක්ට කරදරයක් වෙයි කියලා බය උනා... ජන්කුක්ව දන්නේ සාමාන්‍ය කාලෙක ඉදන් උනත් එදා ඉදන් ජන්කුක්ගේ ලගින් හිටියේ හෝසොක් , ඉතින් තමන්ගේ මල්ලිට වගේ ගොඩක් ආදරේ කරා හෝසොක් ජන්කුක්ට.. ඉතින් ආයෙත් කරදරයක් වෙනවා බලන්න් හෝසොක් බය උනා...
"අපි කොහෙද හ්‍යුන්ග් ඉන්නේ... ගුකී කෝ මගෙ ගුකී.. එයා පරිස්සමට ඉන්නවා නේද..."
වේලුනු වෙව්ලන තොල් වලින් යන්තම් කතා කරන ගමන් ජන්කුක් හැමතැනම බැලුවත් හෝසොක් නිශ්ශබ්දවම හිටියේ දෙන්න උත්තරය හොයාගන්න අපහසු හින්දා...
"දැන් සිහිය ආවා විතරයි.. ඔයාට කෑමට හොද මොනවද බලලා එන්නම් මම , එතකම් රෙස්ට් කරන්න..."
කියලා හෝසොක් එලියට යන්න ගියත් ජන්කුක් හෝසොක්ගේ අතින් අල්ලගත්තා..
"හ්‍යුන්ග්..."
ජන්කුක් කතා කරනකොට හෝසොක් ආයෙත් හැරුනා..
"හ්‍යුන්ග් ගුකී කෝ ... එයා හොදින් ඉන්නවා නේද... කියන්නකෝ මට...මොකක්ද උනේ.."
"ආයිශ්... දැන්වත් තමන් ගැන පොඩ්ඩක් හරි හිතන්න ජන්කුක්... ගුකී ඉන්නවා එයාගෙ ඩැඩා එක්ක.. ඔයාට කලබල වෙන්න ඕනෙ නෑ.. "
ජන්කුක්ගේ අත මිරිකන ගමන් හෝසොක් කියනකොට ජන්කුක් ඇස් දෙකෙත් කදුලු පුරවගෙන අනිත් අතිනුත් හෝසොක්ගේ අත අල්ලගත්තා..
"ඇයි ඒම කියන්නේ හ්‍යුන්ග්.. ගුකී මගෙනේ.. මන් එයාගේ පපානේ.. මගෙ බෝලෙට මම නැතුව ඉන්න බෑ... මට යන්න ඕනෙ.."
ජන්කුක් කලබල කරනකොට හෙමීට ජන්කුක්ගේ උරහිත් දෙකෙන්ම අල්ලලා හෝසොක් ජන්කුක්ව ඇදට හේත්තු කරා...
"ශ්.. මේ අහන්න.. ඔක්කොටම කලින් සනීප වෙන්න ඕනේ.. ඔයා හොදටම සනීප උනාම ඕනම දෙයක් කරන්න මම දෙන්නම්..."
එහෙම කියලා හෝසොක් දොර ඇරන් එලියට ගියා.. ජන්කුක්ට ඉක්මනට නැගිටලා මොකද උනේ කියලා හොයන්න ඕනෙ උනා.. හැමෝටම කොහොමද කියලා හොයන්න ඕනෙ උනත් හෝසොක්ට විරුද්ධ වෙන්න ජන්කුක්ට බෑ.. ජන්කුක්ට ගොඩක් ආදරේ හින්දා මෙහෙම කරන්නේ කියලා ජන්කුක් දන්නවා...
පිටිපස්සේ පිටෙනුයි බඩෙනුයි එන වේදනාවත් එක්ක ජන්කුක් එහෙමම ඇස් පියාගත්තේ , නාගරික පරිසරයෙන් මිදිලා තියන හොස්පිටල් එක්ක උන ඒකෙන් එලියේ ඇහෙන කුරුල්ලන්ගේ සද්ද වලට කන් දෙන ගමන්...
.
.
.
.
ජන්කුක්ව දකින් නැතුව දැන් සති ගානක් වෙලා... හැමදාම ජන්කුක්ව බලන්න හොස්පිටල් එකට ගියත් ටේහ්‍යොන්ග්ට ඉඩක් ලැබුනේ නෑ වගේම , එක දවසක් හොස්පිටල් එකෙන්ම ජන්කුක්ව අරන් ගිහින් තිබ්බා..
එදා ඉදන් කාටවත් ජන්කුක් ගැන තොරතුරක් හොයාගන්න බැරි උනා වගේම ගුකී ගාව හිනා වෙලා හිටියත් උන හැමදේකම තමන්ට පවරගෙන හිටිය ටේහ්‍යොන්ග් ගොඩක් මානසිකව වැටිලා හිටියා... ටිකෙක් ටික තමන් එයාගෙ ඩඩා කියලා ගුකීට ඒත්තු ගන්වලා තිබ්බත් ඉදලා හිටලා කතා කරන ගුකීගෙන් ඒ වචනේ වැඩිය ඇහුනේ නෑ වගේම , මුලු කාලේ පුරාම බලාගත්තු අත බලාගෙන ඉන්න පුරුදු වෙලා තිබ්බා.. තාම දග කරන වයසේ ඉන්න පුන්චි දරුවෙක්ට කොහෙත්ම ගැලපෙන් නැති හැසිරීම රටාවක් තිබුන ගුකීටත් එහෙම උනේ තමන් හින්දා කියලා ඒ වරදත් තමන්ගේ පිටට පටවගෙන ටේහ්‍යොන්ග්නුත් සිහියකින් කාලෙ ගෙව්වේ නෑ..
එදා හෝසොක්ගේ වචන ටේහ්‍යොන්ග්ට හුගක් දැනුනා වගේම පිහි පාරවල් වගේ රිද්දුවා.. ජන්කුක් තමන්ට ආදරෙයි කියන එක එහෙම වෙන කෙනෙක් අතින් කිය උනාම ටේහ්‍යොන්ග්ට දරාගන්න අමාරු උනා... ටේහ්‍යොන්ග්ට හැමදේටම සමාව ගන්න ඕනෙ උනා... වැරදි වැටහීම් වලට සමාව ගන්න ඕනෙ උනා... ගොඩක් ස්තූති කරන්න ඕනෙ උනා.. ඒත් ඒ එක දේකටවත් ජන්කුක් ලග හිටියේ නෑ වගේම , ගුකී ඉන්න ස්වභාවය තවත් ටේහ්‍යොන්ග්ට රිද්දුවා...
ඇදේ හෙඩ් බෝඩ් එකට වෙලා ගොඩක් කල්පනා කර කර හිටපු ටේහ්‍යොන්ග් ගැස්සිලා සිහියට ආවේ පුන්චි අතක් එයාගෙ මූන දිගේ යනවා කියල දැනුන හින්දා...
"ඩැඩා අඩල්ලේ ඇයි... "
ටේහ්‍යොන්ගේ මූන දිගේ ගලපු කදුලු බින්දුවක් අතින් පිහලා ගුකී ඇහුවේ ටේහ්‍යොන්ගේ කකුල් දෙක උඩට නගින ගමන්...
"අඩල්ල එපා..."
චූටි අත් දෙකෙන් එදා වෙරලෙදි වගේම ටේහ්‍යොන්ග්ව බදාගන්න ගමන් ගුකී කීවේ ටේහ්‍යොන්ගේ බෙල්ල අස්සේ මූන තියාගන්න ගමන්... ටේහ්‍යොන්ග්ට මතක් උනා එදා මේ වෙලාවෙදි තමන් කල්පනා කරපු දේවල්... අන්තිමට මේ හුරතල් පොඩ්ඩ තමන්ගෙම තමයි.. ටේහ්‍යොන්ග් ගුකීගේ වටේ අත් යවන ගමන් ඒ චූටි උරහිසේ තොල් තියලා ලොකු හුස්මක් ගත්තා...
"ඩැඩා..."
"ම්ම්ම්.."
ටේහ්‍යොන්ග් ඉන්න විදියටම ඉදන් මිමිණුවා..
"පපාට තාම තූල හොද නැද්ද... පපා ඇයි මාව බලන්න එන්නේ නැත්තේ.. ගුකී බබා නලක වැඩ මුකුත් කලේ නැහැ... පපා මාත් එක්ක තලහා වෙලාද..."
ටේහ්‍යොන්ගේ මූන දිහා බලන් ගුකී අහනකොට ටේහ්‍යොන්ග් ගුකීගෙන් ඇස් එලියට අරන් ග්ලාස් වෝල් එකෙන් එලිය බැලුවා...
"ගුකී බබාට පපාව මතක් වෙනවද.."
"ගුකී බබාට පපාව ඕනේ ගුඩාක්... පපා මාත් එක්ක තලහ නිසාද එල්ලේ නැත්තේ..."
"නෑ.. පපා තරහා නෑ මැනිකත් එක්ක... පපා ඉක්මනටම එයි..."
"අපි යන්ද පපාව බලන්න... අපි හොලෙන් බලමු... පපාට තූල හොද වෙනකන් එල්ල දෙන් නෑනේ..."
ගුකී කියනකොට ටේහ්‍යොන්ග් ගුකීගේ චූටි ඔලුව උඩින් තොල් තිබ්බා.. එදා ගෙදර ආවත් හරි කවදාවත් ජන්කුක්ව බලන්න ගුකීව එක්කන් ගියේ නෑ... පපාට තුවාල වෙලා හින්දා ඒවා හොද වෙනක්න් ඉන්නේ කියලා තමයි ගුකීව තියාගත්තේ.. එකම බොරුව දිගටම කියලා දැන් ගුකී තමන්ගේ පපා හොද වෙලා එනකම් බලාගෙන ඉන්නවා..
"දැන් දොයියලා, හෙට උදේම අපි යමු පපාව බලන්න..."
කොහොම හරි ජන්කුක් ගාවට යනවා කියලා හිතාගෙන ටේහ්‍යොන්ග් ගුකී එක්කම ඇදෙන් හාන්සි උනා...
.
.
.
.
"හ්‍යුන්ග් .. ඇති..."
සුප් එකක් පොවන හෝසොක්ට ජන්කුක් කීවේ දැන් බඩ පිරිලා හින්දා...
"එහෙම බෑ.. ඉක්මන්ට අඩු වෙන්න ඕනෙ.."
හෝසොක් කියනකොට ජන්කුක්ට හිනාවක් පැන්න..
"හ්‍යුන්ග් ඔයා නිකන් පොඩි බබෙක්ට කියනවා වගේනේ මට කියලා කවන්නේ..."
"බබෙක් තමයි මට හහ්.. කට වහගෙන ඉතුරු ටිකත් බොමු..."
හිනාවෙන්න ඇරපු කට අස්සට සුප් හැන්ද ගහන ගමන් හෝසොක් කීවේ හිනා වෙවී.. ජන්කුක් ටිකක් හිනා උන එක ගැන සතුටුයි හෝසොක්ට..
"ආයෙත් බුසාන්..."
ජන්කුක් කීවේ හෝසොක්ගේ ගෙදර එලියෙන් පේන ගස් දිහා බලන ගමන්...
"ඉස්සර වගේ... මේ ගෙදර වහලානේ තිබ්බේ... ටිකක් සනීප වෙන්න මෙහෙට එන්න හිතුනා.."
හෝසොක් කීවේ ඉස්සර දෙන්නම බුසාන් හිටපු දෙන්නෙක් උන හින්දා...
"ටික්කින් එලියට යමු...හරිද දැන් ටිකක් ඉන්න ඔහොම..."
සුප් බාජනෙත් අරන් එලියට යන හොබී හ්‍යුන්ග් දිහා බලාගෙන ජන්කුක් ආදරෙන් හිනා උනා.. හෝසොක් ගොඩක් ආදරෙන් ජන්කුක්ව බලාගත්තේ තමන්ගේම කෙනෙක් වගේ... සමහර විට හෝසොක් නැත්නම් මේ කාලෙ එයාව බලාගන්න කවුරුත් නැති වෙන්න තිබුනා කියලා ජන්කුක්ට හිතුනා... එදත් අදත් තමන් අමාරුවේ වැටුන හැම වෙලාවකම හෝසොක් තමන් ගාව හිටිය එක ජන්කුක්ට ලොකු හයියක් උනා... ඒකමයි ජන්කුක් වෙන කාටත් වඩා හෝසොක්ට ගරු කරන්නේ වගේම ආදරේ කරන්නෙත්...
ටිකකින් ජන්කුක්වත් අල්ලගෙන දෙන්නම එලියට ඇවිත් ලොකූ ගහ යට තිබ්බ හෙවනේ බෙන්ච් එකේ වාඩි උනා.. දැන් යන්තම් ජන්කුක්ට ඇවිදින්න පුලුවන්.. තුවාලත් ගොඩක් දුරට අඩුුනත් ටිකක් එහෙට මෙහෙට වෙනකොට වේදනාවක් ජන්කුක්ට දැනුනා...
"හ්‍යුන්ග්... හැම දේකටම ස්තූතියි..."
හෝසොක්ගේ උරහිසට හේත්තු වෙලා ජන්කුක් කියනකොට ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සන ගමන් හෝසොක් හිනා උනා...
"හ්‍යුන්ග් නැත්නම් මම මොනවා කරන්නද.. කවුරුත් නෑනෙ මට..."
බිම බලාගන්න ගමන් ජන්කුක් කියනකොට හෝසොක් ඉක්මනට ජන්කුක්ගේ ඇස් වල කදුලු පිස්සා..
"පරණ මුකුත් වැඩක් නෑ... මම ඔයාගේ හ්‍යුන්ග් .. ඒක මම ඔයාට මීට ගොඩක් කලින් කීවේ.. ඔයාට මම ඉන්නවා ඕනම වෙලාවක... ඕන්නම් අපි බදිමු... මට සල්ලිත් වැඩී දැන්.."
කට කොනින් හිනා වෙන ගමන් හෝසොක් කියනකොට ජන්කුක් හයියෙන් හිනා වෙලා හෝසොක්ගේ කකුලකට ගැහුවා... ජන්කුක්ගේ මූනේ ආයෙත් හිනාවක් ආපු එක ගැන සතුටින් ලස්සන පරිසරය දිහා බලන් හිටියා..
"හ්‍යුන්ග් මට තැනකට යන්න ඕනේ..."
"කොහෙද.. දුර බෑ... තාම එහෙම හොද නෑ දන්නවනේ..."
"නෑ නෑ අනේ අප්පා .. මේ ලගම තමයි.. අනේ බෑ කියන්න එපා.. යන් යන්.. හා නේද.."
ඇස් දෙකත් බෝල කරලා පුලුවන් තරම් හුරතල් විදියට බලන ගමන් ජන්කුක් අහනකොට හෝසොක් නිකන්ම දිය වෙලා ගියා.. ජන්කුක් ගුකීටත් වඩා හුරතල්..
"ආයිශ්.. යමු යමු... තව ටික්කින් හැබැයි රෑ වෙන්න කලින් එමු හරි..."
"හරි .. හරි ඉක්මනට එමු..."
කටත් උල් කරන ගමන් ජන්කුක් කීවේ හිනා වෙවී සතුටින්...
.
.
.
.
ටික්කින් දෙන්නම ආවෙ එදා ටේහ්‍යොන්ග් එක්ක ආපු හොටෙල් එක හදන කැලේට... එදා ආපු තැනින් නැතුව ටිකක් එහායින් වාහනේ නවත්තලා දෙන්නත් එක්කම හෙමින් විල ගාවට ඇවිදන් ගියේ අඩි පාර දිගේ... රොසෝට් ඒරියා එක හින්දා පිට අයට ඇතුල් වෙන්න දෙන් නැති හින්දයි ටිකක් එහායින් ඇතුලට ආවේ..
උදේට වගේම හවසටත් ගොඩක් ලස්සනයි... කිසිම වෙනසක් නෑ..උදේට ඉර පායනකොට දීප්තිමත් එලියක් වගේම හවසටිර බහිනකොට එන තැබිලි පාට එලියෙනුත් හරි ලස්සනට විල දිලිසුනා... ජන්කුක් එතනම තිබුන ලොකු ගලක් උඩින් වාඩි වෙනකොට හෝසොක් ආපහු වාහනේට එන්න හැරුනේ ගෙනාපු කොෆී ගේන්න...
"මන් ඉක්මනට එනවා.. පරිස්සමට ඉන්න.. අමාරුවක් වගේ නම් කෝල් එකක් දෙන්න හරිද..."
"අයියෝ.. යන්න හ්‍යුන්ග්.. මට අවුලක් නෑ...මෙතන හරි ලස්සනයි... හරි සනීපයි..."
"හරි ඒනම්.. මන් ගිහින් එන්නම්.."
කියලා හෝසොක් ආයෙත් හැරිලා ගියා..
හෝසොක් ගියාම පරන දේවක් මතක් කර කර ජන්කුක් හරි ආසාවෙන් එතනට වෙලා හිටියා...
"පපාආආආ..."
එක පාරටම ඇහුන සද්දෙන් ජන්කුක් හැරිලා බැලුවා...
•
•
•
•
*****************
_____________________Dark_Sunshiner 🤍🥀
ඩබල්...🤧
Thanks for reading ...♥️
To be Continued ....
2022/11/07