• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • |...

By Dark_Sunshiner

96.3K 16.9K 2.6K

A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life... More

|01|
|02|
|03|
| Characters INTRODUCTION |
|04|
|05|
|06|
|07|
|08|
|09|
|10|
|11|
|12|
|13|
|14|
|15|
|16|
|17|
|18|
|19|
|20|
|21|
|22|
|23|
|24|
|NEW STORY|
|25|
|26|
|27|
|28|
|30|
|31|
|32|
|33|
|34|
|35|
|36|
|37|
| EPILOGUE |

|29|

2K 412 73
By Dark_Sunshiner

"පපා..."

සුදු පාට සිනිදු තිර රෙදි ඇදපු , ලස්සන සෙල්ලම් බඩු ගොඩක් පිරුනු සුවපහසු ලස්සන ලොකු කාමරේ මැද තිබුනු විශාල ඇද මැද හිටපු පුන්චි දරුවගේ මුවින් ගෙවුන දවස් තුනටම පිට උන එකම වචනය ඒක විතරයි.. මොන තරම් කෑම වර්ග සෙල්ලම් බඩු ගොඩක් හම්බුනත් හම්බුනේ නැති එකම දේ තමන්ගේ පපාව විතරයි..

කදුලු පිරුනු චූටි බෝල ඇස් ලොකු කරගෙන ඇදේ මැද ගුලි වෙලා ගුකී එක දිගට දොර දිහා බලාගෙන හිටියේ කලු ඇදගත්තු නාදුනන අය වෙනුවට තමන්ගේ පපා එතනින් මතුවෙයි කියලා..

"අදත් කෑම කෑවෙ නැද්ද..."

මේසේ උඩ වාඩි වෙලා හිටපු ගෑනු කෙනා තමන්ගේ ඉස්සරහින් හිටගෙන ඔලුව නවාගෙන ඉන්න මනුස්සයගෙන් ඇහුවේ දැන් දවස් තුනක් එක දිගට කෑම කන්නේ නැති ලමයා හින්දා..

"සමාවෙන්න මැඩම් ඒත් කන්නේ නෑ අනිත් පැත්ත හැරිලා ඉන්නවා.."

ඒ මනුස්සයා බයාදු කට හඩකින් කීවේ තමන්ගේ මැඩම්ව තරහ ගස්සන් නැති වෙන්න..

"ආයිශ්.. මේ ලමයා කන්නෙ මොනවද , කන්න ඕනෙ දෙයක් ගෙනත් දෙනවා, මොනවද ඕනෙ ඔක්කොම ගෙනත් දෙනවා.."

කරදර කාරී කටහඩකින් කීව ගෑනු කෙනා කොන්ඩේ පිටිපස්සට දාගන්න ගමන් මේසේ උඩින් නැගිටලා පිටිපස්සෙන් තිබුන කාමරේ ඇතුලට ගියා.. දරුවෙකුට අවශ්‍ය දේවක් ගැන දැනුමක් නොතිබ්බ මනුස්සයා ආයෙත් පොඩි දරුවා හිටපු කාමරේ දිහාවට ඇවිදගෙන ගියා..

හෙමීට කාමරේ දොර ඇරලා ඇතුලට යනකොට වෙනදා වගේම ගුකී රතු ඇස් බෝල කරන් චූටි කම්මුලත් කොට්ටේ උඩට හිර කරන් දොර දිහා බලාගෙන හිටියා.. හෙමීට ගුකී ගාවට අර මනුස්සයා යනකොට ගුකී ඉක්මනට අනිත් පැත්ත හැරුනා..

"බබා.."

අර මනුස්සයා කතා කරත් , ම්හුම්.. ගුකී හැරිලාවත් බැලුවේ නෑ..

"බබාට මොනාද කන්න ඕනේ, ඕනම දෙයක් කියන්න ගෙනත් දෙන්නම්.."

හුස්මක් පාතට දාන ගමන් අර මනුස්සයා කීවත් ගුකීගෙ හෙලවීමක්වත් තිබ්බේ නෑ..

"කෑම නොකා හිටියොත් බබා අසනීප වෙයි.. ඒ හින්දා කෑම කන්නම ඕනෙ.. බබා කැමති ඕනෙ දෙයක්.."

ඒත් ගුකී බැලුවෙවත් නෑ..

"කෑම එපා නම් බබාට වෙන මොනවද ඕනේ..ඕනම දෙයක් කියන්න ගෙනත් දෙන්නම්.."

ඒක ඇහෙනකොටනම් ගුකී යන්තම් හෙල්ලුනා.. කදුලු පිරුනු බෝල ඇස් උස්සලා අර මනුස්සයා දිහා බැලුවා..

"ඇත්තමද.. ඕලෙම දෙයක් දෙනෝද.."

කැඩුනු කට හඩකින් පලවෙනි වතාවට මෙහෙට ගෙනාවට පස්සේ ගුකී ප්‍රතිචාර දුන්නා,

"ඕන දෙයක් කියන්නකෝ.."

අර මනුස්සයා සතුටින් ඇහුවා.. ඒ ක්‍රමේට සාර්ඨ්ඃඅක උන එකට පුදුම වෙන ගමන් ඒ මනුස්සයා ඇහුවා..

"පපාව දෙලෝද මත.. පපා ගුකී නැතුව හුගක් බය වෙලා ඇත්තේ.. මත පපා ඕනෙ.."

චූටි ඇස් වල කදුලු පුරෝගෙන ගුකී කියනකොට , අර මනුස්සයාගෙ පපුවෙත් හීනියට හිරියක් ගියා.. අහින්සක දරුවෙක්ව මෙහෙම තියන එකට ඇත්තටම ඒ මනුස්සයාගෙත් හිතේ වරදකාරී හැගීමක් තිබ්බා.. ඒත් අණට පිටින් යන්න හැකියාවක් තිබ්බේ නෑ..

ඒ මනුස්සයා එහෙමම හැරිලා කාමරෙන් එලියට ආවා.. කවුරුත් ඒ තමන්ගේ මැඩම්ගේ දරුවා කියලා දැනගෙන හිටියෙත් නෑ..

.

.

.

.

.

.

"ජියෝන්ව අස් කරා කියලා මේල් එකක් යවලා, අලුත් සෙකට්‍රි කෙනෙක් ඉන්ටව් කරන්න.."

ටේහ්‍යොන්ග් තාවකාලිකව සෙකට්‍රි විදියට වැඩ කරපු ලේඩිට කීවේ තම්න්ගේ ලැප් එක දිහා බලාගෙනමයි..

"ඒත්.. සර්.."

අර ලේඩි ගොත ගහන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් ලැප් එකෙන් ඇස් දෙක උස්සලා බැලුවා..

"ඇයි උබටත් තව මෙතන වැඩ කරන්න ඕනෙ නැද්ද, මගෙ තීරණ ප්‍රශ්න කරන්නේ.."

දත් මිටි කාගෙන ටේහ්‍යොන්ග් ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්..

"සමාවෙන්න සර්.. මම කරන්නම්.."

ඉක්මනට කියලා එලියට දුවගෙන යන දිහා බලාගෙන ටේහ්‍යොන්ග් ආයෙත් පුටුවෙන් ඉදගත්තා.. තමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ අවුල් කරගෙන පුටුවේ පිටිපස්සට ඔලුව තියාගත්තා.. ජන්කුක් වැඩට එන් නැතුව දවස් තුනක් , ලොකු තරහක් හිතේ තියාගෙන ඒකටත් වයිර කර කර ටේහ්‍යොන්ග් තමන්ගේ දවස ගෙව්වේ ගොඩක් අමාරුවෙන්..

තමන් ඉන්න තැනින් නැගිට්ට ටේහ්‍යොන්ග් පෝන් එකයි කෝට් එකයි අතට රගෙන එලියට ආවා.. දොර ගාව හිටපු පෝලුත් ඉක්මනට ටේහ්‍යොන්ගේ පස්සෙන් දුවගෙන ආවා.. එලියට ඇවිත් ටේහ්‍යොන්ග් වාහනේ පිටිපස්සෙන් නැග්ගම පෝලුත් ඉස්සරහින් නැග්ගේ ඩ්‍රයිවර් වාහනේ ස්ටාර්ට් කරනකොට..

"කොහෙටද බොස්.."

"ජියෝන්ගේ ගෙදරට.."

ටේහ්‍යොන්ග් කීව ගමන් පෝල් ඉක්මනට පිටිපස්ස හැරුනා..

"ඇයි බොස් එහෙට යන්නේ.."

පෝල් ඇහුවම ටේහ්‍යොන්ග් රවලා බැලුවා..

"ඇයි දැන් ඒකත් බැරිද.. මගෙ වාහනේ ගෙනෙන් මට යන්න පුලුවන්.."

ටේහ්‍යොන්ග් කෑ ගැහුවම නිශ්ශබ්දවම වාහනේ ඉස්සරහට ගියා..

.

.

.

.
ජන්කුක් එදා ඉදන් ගොඩක් මානසිකව වැටිලා හිටියේ.. ඇත්තටම දැන් මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි තත්වෙකට ජන්කුක් පත් වෙලා හිටියා..

ක්ලෝසෙට් එකේ දොර ළඟ බිම ඉදගෙන දොරට හේත්තු වෙලා ගුකීගේ චූටි ඇදුමක් තුරුල් කරන් ජන්කුක් හිටියා.. පහලින් දොර එක පාරටම ඇරෙන සද්දෙට ජන්කුක් ගැස්සිලා ගියා.. කිසිම පණක් ඉතුරු වෙලා තිබ්බේ නැති ඇගෙන් හෙමීට නැගිටින ගමන් කාමරේ දොරෙන් එලියට ගිය ජන්කුක් අත් වැට අල්ලගෙන හෙමීට පහලට බැහැගෙන ගියා..

පඩිපෙල ඵලටම බැස්ස ජන්කුක් හිටපු තැනම ගල් ගැහුනේ සෝෆා එක ගාව හිටගෙන් ඉන්න් ටේහ්‍යොන්ගේ රූපෙ දැක්කම.. ඒත් ආයෙමත් හිත සතුටින් පිරුණ ජන්කුක් ඉක්මනට වැනි වැනීම් ටේහ්‍යොන්ග් ගාවට දුවගෙන ගියා.. දුවගෙන ගිහින ටේහ්‍යොන්ගේ ඇගට බර උන ජන්කුක් තදින් ටේහ්‍යොන්ග්ව බදාගත්තා..

පඩිපෙල අග ඉන්න ජන්කුක්ගේ ස්වරූපය දැක්කම ටේහ්‍යොන්ගේ හිත් මොහොතකට නතර උනා.. දිලිසෙන ලස්සන ලොකු බෝල ඇස් කදුලින් පෙගිලා ඇස් ගිලිලා තිබ්බා වගේම මුලු මූනම ඇදිල ගිහින් , ඊටත් ඒ ඇදන් හිටපු ඇදුම , අන්තිම පාරට ජන්කුක්ව දකිනකොට ඇදන් හිටපු ඇදුම... ඒ කිසි දෙයක් හිතන්න කලින් ජන්කුක් දුවගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ව තද කරලා බදාගත්තම ටේහ්‍යොන්ග් මොහොතකට නිශ්චලව හිටියා.. ඒත් ඒ සැනින්ම ජන්කුක්ගේ කොන්ඩෙන්ම ඇදලා තමන්ගෙන් එහාට කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුලට තදින් අතු පාරක් දුන්නා..

කෑමක්වත් අරන් නැතුව කිසිම පණකින් හිටියේ නැති ජන්කුක් ටේහ්‍යොන්ගෙන් හම්බුන තද කම්මුල් පාරට බිමට වැටුන..

"උබ හිතන් ඉන්නේ මං මුකුත් දන්නේ නැතුව උබත් එක්ක හිටියා කියලාද ආහ්..."

බිමට නැමිල ජ්න්කුක්ගේ කට දෙපැත්තෙන් තදින් අල්ලන ගමන් ටේහ්‍යොන්ග් කෑ ගැහුවා.. තමන්ගේ මූන තදින් අල්ලන් හිටපු ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තු ජන්කුක් කදුලු ගලන ඇස් උස්සලා අසරණව ටේහ්‍යොන්ග් දිහා බැලුවේ මුකුත් හිතා ගන්න බැරුව...

"අතෑරපන් .. උබේ ජරා අත් වලින් මාව අල්ලන්න එපා.. කොහෙද මගේ නිශා කියපන් , මං අද දෙකෙන් එකක් බේර ගන්න ආවේ.. තෝ හිතුවේ මාව රවට්ටන්නද , උබ හැමෝවම රැවැට්ටුවට මම එහෙම මෝඩයෙක් නෙවෙයි දැනගනින්..."

තමන්ගේ අත ඇදලා ගන්න ගමන් කකුලෙන් ජන්කුක්ට එහාට විසිවෙන්න පයින් ගහන ගමන් ටේහ්‍යොන්ග් කෑ ගැහුවා...

"මං රැවැට්ටුවේ නෑ .. ප්ලීස් මට උදව් කරන්න.. දරුවා.."

බිම දිගේම ටේහ්‍යොන්ගේ කකුල් දෙක ගාවට ඇවිත් කලිසමේ කොනක් අල්ලගන්න ගමන් ජන්කුක් කීවේ කදුලු බේරෙන ඇස් වලින් ... ජන්කුක් දන්නේ නෑ ටේහ්‍යොන්ග් කියන්නේ මොකක් ගැනද කියලා , ඒත් ජන්කුක් දන්න එකම දේ තමන්ගේ දරුවගේ අප්පා මේ ඉන්නේ කියලා විතරයි ..

"පලයන් එහාට.. උබව මම අතෑරියා කියලාහිතන්න එපා. උබ ගැන මං ඒ විදියට බලාගන්නම්.."

කකුලෙන්ම ජන්කුක් අල්ලන් හිටිය කකුල ගසපු ටේහ්‍යොන්ග් ජන්කුක් එහාට විසිවෙනකොට මූන දිහා වත් බලන්න මහන්සි නොවී දොරෙන් එලියට ගියා..

ටේහ්‍යොන්ග් එලියට ගිහින් හයියෙන් වැහුනු දොර් දිහා බලාගෙන ජන්කුක් වැටුන තැන වැටුන විදියටම හිටියා.. කියන්නවත් කරන්නවත් කිසිම කෙනෙක් නැතුව තනි උන ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව දැක්කම් ලොකූ සතුටක් දැනුනා.. ඒ දැනුන සතුටත් එක්ක ටේහ්‍යොන්ග්ගේ තුරුලේ ටිකක් අඩන්නයි ජන්කුක්ට් ඕනෙ උනේ , ඒත් ටේහ්‍යොන්ගෙන් හම්බුනේ බලාපොරොත්තු උන ප්‍රතිචාරයක් නෙවෙයි..

ජන්කුක් මේ වගේ ප්‍රතිචාරෙකට සූදානම් උනා , ඒත් මෙච්චර ඉක්මනට නෙවෙයි... ජන්කුක්ට තමන්ගේ ලෝකෙ නැවතුනා වගේ දැනුනා , තමන්ට කියලා මේ ලෝකේ කවුරුත් නෑ කියන එක තදින්ම ජන්කුක්ගේ පපුවට දැනුනා..

__

පැය ගානන් එතනම බිම් ඉදගෙන අඩපු ජන්කුක් තමන්ගේ පණ නැති කකුල් වලට ශක්තියක් අරගෙන හෙමීට නැගිට්ටා.. ටේහ්‍යොන්ගේ පයින් පර වැදුන බඩේ රිදුම් දෙන තැන එක අතකින් අල්ලගෙන හෙමිට ස්ටොර් රූම් එක ගාවට ගිය ජන්කුක් දොර ඇරලා මුල්ලෙම තිබ්බ කබඩ් එක ගාවට ගියා...

පරන දූවිලි බැඳුණු කබඩ් එකේ දොර ඇරපු ජන්කුක් සාක්කුවේ තිබ්බ යතුරෙන් ලාච්චුව ඇරලා පොඩි පෙට්ටිය අතට ගත්තා... හෙමිට පෙට්ටිය ඇරලා ඒකේ තිබුනු සිල්වර් පාට පිස්ටල් එක වෙව්ලන අත් දෙකෙන් එලියට ගත්තු ජන්කුක් පෙට්ටිය ආපහු තිබ්බ තැනින්ම තිබ්බා..

"කවුරුත් ඕන නෑ, අන්තිම වෙනකන් මං මගෙ පැටියා වෙනුවෙනි මට පුලුවන් දෙයක් කරනවා...මට සමාවෙන්න ඔයාගෙම ඔම්මගෙන් ඔයාව උදුරගන්න හදනවා නම්..."

රතු වෙලා තිබුනු කම්මුල උඩින් ගලන උණු කදුලු බින්දු පිහදාන ගමන් ජන්කුක් තමන්ගේ අත් දෙකෙන් තදින් පිස්ටල් එක අල්ල ගත්තා..

.

.

.

.

.

"නින්ද ගිහින්ද..."

දොර ගාව හිටපු මනුස්සයාගෙන් නිශා ඇහුවේ ඇදේ නිදාගෙන ඉන්න ගුකී දිහා දොර ගාව ඉදන්ම බලාගෙන..

"අඩ .. අඩ ඉදලා දැන් ටිකකට කලින් නින්ද ගිහින් මැඩම්.."

ඔලුව බිමට නවාගෙනම ඒ මනුස්සයා නිශාට් උත්තර දුන්නා..

"හේයි .. ලව් මන් එන්න පොඩ්ඩක් ලේට් උනා.."

දොර ගාව හිටගෙන ඉන්න නිශා ගාවට ඇවිදගෙන ආපු පුද්ගලයෙක් නිශාගෙ ඉන වටේ අත යවලා තොල් වලට පෙක් එකක් දෙන ගමන් කතා කරා..

"ඔහ්.. ඔයා ගෙනාවා මෙයාව එහෙනම්.."

ඇතුලේ නිදාගෙන ඉන්න ගුකී දිහා බලාගෙන ආයෙත් ඒ පුද්ගලය කතා කරා..

"ඔව්.. දැන් නින්ද ගිහින්, කාලත් නෑ කියලා කියන්නේ..."

කරදරකාරි බැල්මක් දානගමන් නිශා උත්තර දුන්නා.. තමන්ගේ දරුව කෑවෙ නෑ කියන එක මෙච්චර ලේසියෙන් කියන්න පුලුවන් ඔම්මා කෙනෙක්..

"කොහොම හරි කවනවා.. "

ගුකීව බාරදුන්න මනුස්සයට තදින් කියපු පුද්ගලයා නිශාවත් එක්කගෙන එතනින් ආවා..

"අරූට මොකද කරේ.."

"සමහර විට දැනටමත් කිම් ටේහ්‍යොන්ගේ අතින්ම ඉවර වෙලා ඇති...."

නපුරු හිනාවක් නිශාගෙ මූනේ ඇදිලා තිබ්බා..






**************

_______________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading .....♥️

To be Continued ....

2022/11/02

Continue Reading

You'll Also Like

3.2K 781 9
ආදරණීය ශීත සෘතුවක එක්වුනු ; වෙන්වුනු ආදරවන්තයින්ගේ කතාවක් ~
109K 18.5K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
7K 1.5K 27
හීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍ය...
9.2K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...