โ€ข ๐๐€๐ˆ๐ ๐Ž๐… ๐‹๐Ž๐•๐„ โ€ข |...

By Dark_Sunshiner

96.8K 17K 2.6K

A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life... More

|01|
|02|
|03|
| Characters INTRODUCTION |
|04|
|05|
|06|
|07|
|08|
|09|
|10|
|11|
|12|
|13|
|14|
|15|
|16|
|17|
|18|
|19|
|20|
|21|
|22|
|23|
|NEW STORY|
|25|
|26|
|27|
|28|
|29|
|30|
|31|
|32|
|33|
|34|
|35|
|36|
|37|
| EPILOGUE |

|24|

1.9K 428 45
By Dark_Sunshiner

"හේයි මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්....අයි මිස් යූ බේබ්.."

වැඩ ගොඩක හිරවෙලා හිටපු ටේහ්‍යොන්ග් එක පාරටම බය වෙලා බැලුවේ මහ හයියෙන් කෑ ගහගෙන ඇතුලට ආවේ කවුද කියලා...ජිමින් කියලා දැක්ක ගමන් ආයෙත් තමන්ගේ වැඩට අවධානය දුන්නේ ජිමින්ව අදෘ ශ්‍යමාන මනුස්සයෙක් ගානට දාලා..

කටේ ලොකු හිනාවකුත් එක්ක මලු ගොඩකුත් උස්සන් ආපු ජිමින්ගේ හිනාව නැවතුනේ ටේ තමන්ව ගනන් ගත්තෙවත් නෑ කියලා දැක්ක හින්දා... ජිමින් දන්නවා දැන් මේ ටේහ්‍යොන්ග් තරහ වෙලා ඉන්නේ කියලා, ඇයි නිකමටවත් ටේව බලන්න ආවේ නෑනේ..

"අනාව් මගෙ පැටියා තරහා වෙලාද..."

මලු ටික ස්ටූල් එක උඩින් තියලා මේසේ ගාවට එනගමන් ජිමින් අහනකොට ටේට හිනා යන්න ආවත් රවාගෙනම හිටියා..

" අනේ.. මට වැඩ ගොඩ තිබුනා.. ඒකයි ආවෙ නැත්තේ.. තරහා නෑ නේද .. අහ්.. අහ්.."

ඇස් දෙකත් හීනි කරලා ටේගෙ උරහිසට උඩින් මූනට එබෙන ගමන් ජිමින් කියනකොට ටේ ටිකක් එහාට උනා..

"අපෝ.. මොකක්ද යකෝ.. මිනිහා තරහා උනාමවත් යාලු කරගන්න මෙච්චර අමාරු නෑ.."

ටේව තල්ලු කරන ගමන් ගස්සලා ජිමින් කියනකොට ටේ හිනාවෙලා ජිමින්ගේ පැත්තට හැරුනා..

"උබ මහ නරකයි දැන් කොච්චර දවසක්ද බලපන්.. නිකමට මම කියලා එකෙක් ඉන්නවද, නැද්ද කියලා බලන්න ආවද.."

මූනත් දෙක කරන් ටේ කියනකොට , ජිමිනුත් කට උල් කරගත්තා..

"අනේ ඉතින් මන් එන්න හිටියේ, උබ දන්නවනේ මේ කාලෙට අලුත් අයව ට්‍රේනින් කරනවා කියලා, මට මගේ ඩැඩී එක්ක ඉන්නවත් වෙලාවක් නෑ.."

බොරුවට කදුලු පිහින ගමන් ජිමින් කියනකොට ටේ කකුල දිගෑරලා පයින් පාරක් දුන්නේ ඉදන් හිටපු තමන්ගේ මේසෙන් වැටෙන්නමයි..

"ආව්.. යකෝ.. පස්ස මගේ.."

"උබට ඒකටනම් වෙලාවක් නැති වෙන්න නැතුවැති කියලා මම දන්නවා.. නිකන් බොරුවට අඩන් නැතුව මොනාද ගෙනාවෙ කියපන්.."

ජිමින් බිම වැටිලා ඉද්දිම නැගිට්ට ටේහ්‍යොන් ඇදිලා ගියේ ජිමින් ටික්කට කලින් ස්ටූල් එක උඩින් තිබ්බ මලු ටික දිහාට...

ජිමිනුත් හිනා වෙලා නැගිටලා ආවෙ , කොහෙ හිටියත් තමන්ගේ කෑම කන්න ටේ හරි කැමති හින්දා..

" හෙමින් කාපන් , උබ කෑවෙ නැද්ද උදේට , තිරිසනෙක් වගේ ගිලින්නේ.."

කාගෙන කාගෙන යන ටේගේ පිටටත් එකක් ගහන් ගමන් ජිමින් කියනකොට , ටේහ්‍යොන්ග් වතුර ටිකක් බීලා ආයෙත් සද්ද නැතුවම කන්න ගත්තා.. වෙනදානම් මේ වෙනකොට විකාර කියවන ටේහ්‍යොන්ග් සද්ද නැතුව ඉන්නකොටනම් ජිමින්ට තේරුනා ටේහ්‍යොන්ග් අවුලක ඉන්නේ කියලා..

" මොකද උනේ කියපන්.."

කාලා ඉවර වෙලා ඔක්කොම අස කරලා ජිමින් ඇහුවේ , ටේහ්‍යොන්ගේ අවුල්සහගත ඇස් දිහා බලන ගමන් ..

"නිශා..."

නිශා කියනකොට ජිමින් ටිකක් පුදුම උනත් ආයෙත් මුකුත් කීවෙ නැත්තේ, කොහෙන් හරි හම්බෙනවානම් ටේහ්‍යොන්ගේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ කියලා හිතන ගමන්..

"ඉතිම්.."

" නිශාව .. දැක්කා.."

" මන් දන්නවා.. යුන්ගි හ්‍යුන්ග් කීවා..ඒත් දැන් මොකද උනේ.."

ජිමින් කියනකොට ටේහ්‍යොන්ග් හුස්මක් පාතට දැම්මා..

"එච්චරම තමයි බන්.. වෙන මුකුත්ම හොයාගන්න බැරු උනා.."

"නම්ජූන් හ්‍යුන්ග් මොකද කීවේ..."

ජිමින් අහනකොට ආයෙත් ටේහ්‍යොන්ග් කලකිරීමෙක් හුස්මක් ගත්තා..

"හ්‍යුන්ග් මාත් එක්ක දැන් කතා කරන්නෙත් නෑ.. එයාට ලොකු උනන්දුවකුත් නෑ මේක හොයන්න.. මන් හිතුවේ නෑ බන් හ්‍යුන්ග් මෙහෙම කරයි කියලා..

අසරණ මූකනකින් ටේහ්‍යොන්ග් කියනකොට ජිමින්ගෙත් හිත රිදුනා.. ටේහ්‍යොන්ග් මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවේ කොහොමවත්ම.. පොඩි කාලේ ඉදන් හැමදේම ජිමින් දන්නවා... සහෝදරයා වගේ හිටපූ ටේට මෙහෙම උන එකට ජිමින්ට ඇත්තටම දුකයි...

"එහෙම හිතන්න එපා.. අපි පුලුවන් තරම් බලමු.. මම දන්නවා උබ මේ වෙනකොටත් නිකන් නෙවෙයි ඉන්නේ .. නේහ්.."

ටේගේ පිටට තට්ටුවක් දානගමන් ජිමින් කීවා..

"කරන එක මගුලක්වත් හරියන් නෑ බන්.. මොනා කරන්න්ද කියලත් මට හිතාගන්න බෑ.."

"ඒක නෙවෙයි .. ජන්කුක් ගැන මොකද.."

ජිමින් එක පාරටම කතාව වෙනස් කරනකොට ටේගේ මූන වෙනස් උන විදියට තමන් කීව දේ වැරදිද කියලත් ජිමින්ට හිතුනා..

"ඇයි ජියෝන් මොකද.."

දැන් ජන්කුක්ගේ නම ටේහ්‍යොන්ග් දන්නවා..

"ඉදකින් යකෝ.. ඒ පොඩි කොල්ලට ජියෝන් ජියෝන් ග ගා ඉදපන් .. නමක් තියෙන්නෙ ලස්සනට ඒකෙන් කතා කරපන්කෝ.."

ජිමින් ටේගේ අතටත් ගහලා කියනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙකත් ලොකු කරලා බැලුවා..

"උබ දන්නවා මම වැඩ කරන අයව හුරතල් කරන් නෑ කියලා.. අනික නම් ගම් කතාකරන්න මම කවුද මෙතන.. කාත් එක්කවත් අනවශ්‍ය දේවල් ඕනෙ නෑනේ.."

කට හඩ ගැඹුරු කරලා ටේහ්‍යොන්ග් කියන් යනකොට ජිමින් එහෙමම ටේහ්‍යොන්ගේ මූනට එබුනේ, 'ආර් යූ සීරියස්' වගේ බැල්ලමක් දාන ගමන්...

"උබ ඕන කෙනෙක් තම්මබපන් ඕවා කියලා, හැබැයි මාව නෙවෙයි.."

ටේගේ ඔලුවට පාරක් ගහන් ගමන් ජිමින් කියනකොට ටේ ජිමින්ව තල්ලු කරා..

"පලයන් .. ඇයි උබේ සුගර් ඩැඩී නැද්ද අද , මේක අස්සේ මෙච්චර වෙලා ඉන්නේ..."

ටේහ්‍යොන්ග් කින්ඩියට වගේ කියනකොට , නැගිටින්න ගිය ටේහ්‍යොන්ග්ව ජිමින් ආයෙත් ඉන්දවගත්තා..

"මගේ ඩැඩී ගැන මම බලාගන්නම්..උබව බලන්න ඇවිත් මෙහෙම කුනු කතා අහගන්නවට මට තමයි ගහන්න ඕනෙ හොද පොල්ලකින්... ඉස්සල්ලම අහපු දේට උත්තර දීලා ඉදපන් මගාරින් නැතුව..."

ජිමින් සීරියස් කට හඩකින් කියනකොට ,ටේහ්‍යොන්ග් ආයෙත් වාඩි උනා..

"මොකක්ක්ද ඉතින්.."

"දැන් මන් ඇහුවේ.. ජන්කුක් කොහොමද..?"

"ඔය ඉන්නෙ එහා පැත්තේ ..ගිහින් බලපන්.."

ටේහ්‍යොන්ග් ආයෙත් කියනකොට ජිමින් තමන්ගේ අතින් නලල මිරිකගත්තා..

"එහෙම නෙවෙයි.. උබ ජන්කුක්ට කැමතිද.."

ඒක ඇහුන පරක්කුවට ටේ ජිමින් දිහා බැලුවා..

"මම.. නෑ.. කවුද කීවේ.."

" මට කවුරුත් කීවේ.. නෑ උබ මොකද කලබල වෙන්නෙ..ඒක ඇත්තද.."

"මන්දා බන්.."

දීග හුස්මක් පාතට දාන ගමන් ටේ ඉස්සරහ බලාගත්තා..

"මට කියපන්.. උබ මට නොකියන දෙයක් තියනවද, මම උබට නොකියන දෙයක් කියනවද, උබ තනි වෙලා නෑනේ ටේ, මට පිට මනුස්සයෙක්ට වගේ කතා කරන්න එපා, මන් නිතර ආවෙ නැතුවට මම උබේ හොදම යාලුවා.."

ජිමින් කියනකොට ටේහ්‍යොන් ජිමින්ගේ අත තදිම් මිරිකුවා..

"මම දන්නවා බන් ජිමිනා.. ඒ උනාට් ඒ මොකක්ද කියලා මට තේරුම්ගන්න බෑ.. මට කොල්ලොන්ට ඉන්ටරස්ට් එකක් තිබ්බේ නෑ කියලා උබ දන්නවානේ, ඒ හින්දා මම එහෙම කැමති වෙන්න බෑ ජියෝන්ට, අනික .. අනික.. බන් නිශා ඉන්නවනේ මට.."

බිම බලන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජිමින් තව ටිකක් ටේහ්‍යොන්ග්ට ලන් වෙලා පිටිපස්සට හේත්තු උනා..

"උබ කොහොමද කැමැත්තක් නෑ කියන්නේ.. ඒනම් ජන්කුක්ව කිස් කරේ ඇයි..නිකන්ද.."

ජිමින් ආයෙත් කීවේ ටේහ්‍යොන්ගේ මූනේ වෙනස්කම් බලන ගමන් .. ටේහ්‍යොන්ග් බය වෙලා ජිමින් දිහා බැලුවා..

"උබ කොහොමද දන්නේ කියපන් මට..."

ටේහ්‍යොන්ග්ට බය හිතුනා , අනවශ්‍ය දෙයක් කට්ටිය දැනගනී කියලා.. ඔක්කොටම වඩා දැන් නිශා ඉන්නවා කියලත් දැනගෙන ඉන්නකොට ..

"කොහොම දැනගත්තත් කතාව ඇත්තනේ.. උබ තවමත් කියන්නේ නිකන් කියලද ආ.."

"මන්දා බන්.. මට මේ මුකුත්ම තේරෙන් නෑ.. මට තේරුම්ගන්න ඕනෙත් නෑ..."

තමන්ගේ කොන්ඩේ අත් දෙකෙන්ම අල්ලගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට , ජිමින් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් අත යැව්වා..

"උබව උබෙන්ම හන්ගන්න එපා බන්.. උබේ වෙනසවත් අපිට තේරෙන් නෑ කියලද හිතන් ඉන්නේ.. උබේ ඇස් වල ඇදෙන සැනසීම පේන් නෑ කියලද උබ හිතන්නේ.. "

"ඇති.. ඇති නවත්තපන් .. මොනාද උබ කියන්නේ.. උබට මොනාද ඕනෙ..අ.. අනික නිශාට ද්‍රෝහි වෙන්න මට බෑ.."

ටේහ්‍යොන් කෑ ගහලා කියනකොට ජිමින් හොද හුස්මක් ගත්තා..

"උබ නිශාව හොයන්නේ ඇයි.."

"නැ.. නැත්නම් මන් වෙන මොනාද කරන්නේ ... මොනාද මම කරන්න ඕනෙ කියපන් .."

ඇස් දෙකේ කදුලු පුරවන් ටේහ්‍යොන්ග් කීවා..

"උබ ගොඩක් දේවල් අස්සෙ හිර වෙලා ඉන්නේ.. උබට ඇත්තටම ඕනේ මොනාද කියලා හිතලා බලපන් ... ඒ අතරින් උබට ඇත්තටම ඕනෙ දේට උබ ලන් වෙයන්.. උබගේ මෙන්න මේ තැනට සැනසීම දැනෙන තැනට ලන් වෙයන්..'

ටේහ්‍යොන්ගේ පපුවට ඇගිල්ලෙන් අනින ගමන් කියලා ජිමින් හිටපු තැනින් නැගිට්ටා..

"මන් ආයේ එන්නම්.. උබට මෙන්න මේ පෝන් එක කියන එකේ මගේ නම්බර් එක සේව් වෙලා තියනවනේ.. එතනින් මට කෝල් එකක් බැරිනම් මිස්ස් කෝල් එකක් හරි ගහපන් , උබේ ඔය ලොකුකම පැත්තකින් තියලා.. අනික උබ හිතන තරම් තනි වෙලා නෑ .. උබ තනිකම මවාගෙන හොයන් ගිහින් තියෙන්නේ..."

ටේහ්‍යොන්ගේ ඔලුවත් අත ගාන ගමන් කල්පනා කරන්න දීලා ජිමින් එලියට ආවා.. දුකයි කියලා එකට යාලුවත් එක්ක අඩන්න නෙවේ ටේහ්‍යොන්ගේ හිත ශක්තිමත් කරන්නයි එයාට ඕනෙ උනේ.. ජිමින් එහෙමයි.. ඒකයි හැමෝම අතරින් ටේහ්‍යොන්ගේ එකම යාලුවා ජිමින් උනේ...

.

.

.

.

ටේහ්‍යොන්ග් මැන්ශන් එකට ඇතුල් වෙනකොටම මොනවා හරි පෑගුනා වගේ දැනුනා..

"මේ මොකක්ද.."

තමන්ටම කියාගන්න ගමන් වටපිට බලලා අතට ගත්ත ටේහ්‍යොන්ග් දොරත් වහගෙන උඩට ගියා... සීල් තියලා නමලා තිබ්බ කාඩ් එක එහෙමම පොඩි ටේබල් එක උඩින් තියලා බාගෙට ගලවපු ශර්ට් එකත් ගලවන ගමන් බාත් රූම් එක ඇතුලට ගියා.. රෙදි ඔක්කොම බින් එකට දාලා ශවර් එක යටට ගිහින් ඇස් පියාගත්තේ අයිස් වගේ සීතල වතුර ඇග දිගේ ගලාගෙන යනකොට... මේ දවස් වල කොහොමත් සීතලයි... ඉස්සර සීතලට නිශාත් එක්ක නටපු නාඩගම් මතක් වෙනවත් එක්කම , එදා පාර්ක් එකේ ලොකු කෝට් එක පොරවන් සීතලේ ගැහි ගැහි එයා ගාවට වෙලා හිටපු ජන්කුක්ව මතක් උනා..

ලස්සන බෝල ඇස් , ගූකී වගේම හුරතල්... ටේහ්‍යොන්ගේ මූනට නිරායාසයෙන්ම චූටි හිනාවක් ආවා... ඒ මනසින්ම ඔක්කොම වැඩ ඉවර කරන් පුරුදු විදියටම තනි කලු පාට බාත් රොබ් එක ඇදන් එලියට ආපු ටේහ්‍යොන්ග් රූම් එකේ මිනි ෆ්‍රිජ් එකෙන් බියර් කෑන් එකක් අරගෙන බැල්කනියේ තිබ්බ හාන්සි පුටුවෙන් වාඩි උනා..

බියර් එකත් උගුරක් බොන ගමන් දෙයක් මතක් වෙලා ඇතුලට ආපු ටේහ්‍යොන්ග් කාඩ් එකත් අරන් ආයෙත් බැල්කනියට ආවා.. නවලා තිබ්බ කාඩ් එක ඇරපු ටේහ්‍යොන්ග් ඇතුලේ කලු පාට කාඩ් එකේ සුදු පාටින් ලියලා තිබ්බ වචන දෙක තුන කියෙව්වා...

"වට්.."

කෑන් එකත් අතින් පොඩි කරන ගමන් පොලවේ ගැහුව ටේහ්‍යොන්ග් ඇස් දෙකත් රතු කරගෙන ඉදන් හිටපු තැනෙන් නැගිට්ටා... ටේහ්‍යොන්ගේ බෙල්ලේ නහර ඉලිප්පිලා තිබ්බා.. කාඩ් එක බිමට විසිකරලා අත් දෙකෙන්ම තමන්ගේ කොන්ඩේ ඇද ගත්තා..

සුදු පාට වැටට බර වෙලා හිටිය ටේහ්‍යොන්ග් ආයෙත් කාඩ් එක අහුලන් කියෙව්වා.. ටේහ්‍යොන්ග්ට තමන්ගේ ලෝකෙ ආයෙත් කඩන් වැටුනා වගේ දැනුනා.. ඉවසන්න බැරි තරහක් දැනුනත් ටේහ්‍යොන්ග්ට ලොකු දුනක් දැනුනා.. ආයෙත් ලොකු දුකක්..

"උබ එක පාරට මන් ගාවට පාත් උනාම මට හිතන්න තිබ්බා... තෝව මන් ඉතුරු කරන් නෑ.."

දත් මිටි කාගෙන කෑ ගහලා කීවා ටේහ්‍යොන්ග් බැල්කනියේ දොර වේගෙන් වහන ගමන් ඇතුලට ආවා..

"අද ඉදන් උබට කරන දේ බලපන්..."

.

.

.

.

.

මෙච්චර වෙලා හැමදෙයක්ම බලාගෙන හිටපු කෙනෙක්, බැල්කනිය ඉස්සරහින්ම තිබුන ගස් අතරෙන් කට කොනින් හිනාවෙන ගමන් පෝන් එක කනේ තියාගෙන හැරිලා යනවා කවුරුත් දැක්කේ නෑ...

.

.

.

.

.

*****************

____________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading ...♥️

To be Continued ....

2022/10/23








Continue Reading

You'll Also Like

3.2K 781 9
เถ†เถฏเถปเถซเท“เถบ เทเท“เถญ เทƒเท˜เถญเท”เท€เถš เถ‘เถšเทŠเท€เท”เถฑเท” ; เท€เท™เถฑเทŠเท€เท”เถฑเท” เถ†เถฏเถปเท€เถฑเทŠเถญเถบเท’เถฑเทŠเถœเทš เถšเถญเทเท€เถšเทŠ ~
594K 38K 76
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
94.9K 12.7K 46
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
179K 26.7K 21
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."