โ€ข ๐๐€๐ˆ๐ ๐Ž๐… ๐‹๐Ž๐•๐„ โ€ข |...

By Dark_Sunshiner

96.8K 17K 2.6K

A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life... More

|01|
|02|
|03|
| Characters INTRODUCTION |
|04|
|05|
|06|
|07|
|08|
|09|
|10|
|12|
|13|
|14|
|15|
|16|
|17|
|18|
|19|
|20|
|21|
|22|
|23|
|24|
|NEW STORY|
|25|
|26|
|27|
|28|
|29|
|30|
|31|
|32|
|33|
|34|
|35|
|36|
|37|
| EPILOGUE |

|11|

2.1K 409 49
By Dark_Sunshiner

ජන්කුක් හිටියේ ඔෆිස් එකේ කා පාක් එකේ ටේහ්‍යොන්ගෙ වාහනේ ඇතුලේ ....ජන්කුක්ට තරහයි දැන් වාහනේ ඩ්‍රයිව් කරන්නත් ඕනෙ ජන්කුක් .. ජන්කුක්ට හිතගන්න බෑ මෙහෙම වැඩ දෙන්න එයා ටේහ්‍යොන්ග්ට කරපු වැරැද්ද මොකක්ද කියලා..

අනිත් පැත්තෙන් ටේහ්‍යොන්ග් වාහනේට නැගපු ගමන් ආයෙ බැස්සෙ කෝල් එකක් ආව හින්ද...

_ " ටේ... මන් ගාඩ්ලා එවනවා ඔයත් එක්ක ... එහෙ යන ඕනම තැනක ගාඩ්ලා අරන් යන්න ඕනෙ හරි..පරිස්සමට ගිහින් එන්න.."

ටේහ්‍යොන්ග්ට වචනයක්වත් කියන්න දෙන් නැතුව නම්ජූන් කියාගෙන ගිහින් කෝල් එක කට් කරේ කතා කරන්න දුන්නනම් තියන මුරන්ඩු කමට අනිවාරෙන් ගාඩ්ලා එපා කියන හින්දා...කරදරකාරී සද්දයක් කටින් දාපු ටේහ්‍යොන්ග් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනේ ජන්කුක්ට යන් කියලා අතින් සන් කරන ගමන් ...

වාහනේ පාකින් ලොට් එකෙන් එලියට අරන් පාරට දානකොටම වාහනේ ඉස්සරහෙනුයි පස්සෙනුයි කළු පාට ජිප් යන්න ගත්තා.. ජන්කුක් බයවෙලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

" ඒකට කමන් නෑ .. ඔහොම්මම යන් ..."

ඇගිලිතුඩු වලින් නලල මිරිකන ගමන් ටේහ්‍යොන්ග් කීවා.. ටේට තරහයි මොකද ටේහ්‍යොන්ග් බබෙක් නෙවේනෙ තමන් ආරක්ෂා කරගන්න බැරි වෙන්න... ජන්කුකුත් කීව විදියටම යන්න ගත්තෙ එදා කිම් මන්දිරේ තිබ්බ ආරක්ෂාවත් එක්ක මේක එච්චර දෙයක් නෙවෙයි කියලා හිතන ගමන් ...

යන ගමන පුරාවට දෙන්න අතරේ වැඩි කතා බහක් තිබ්බෙ නෑ.. ජන්කුක්ට බඩගිනි උනත් සද්ද නැතුව හිටියේ ටේහ්‍යොන්ග් කීයටවත් මග නවත්තලා කෑම ගන්නෙ නැති හින්දා... නවතින හොටෙල් එකට ආවට පස්සෙ ජන්කුක්ට හොද ගනන්... ඉක්මනට ටේහ්‍යොන්ගෙ රූම් එක එහා පැත්තෙන්ම තමන්ට අරන් තිබ්බ රූම් එකට ගිය ජන්කුක්ට ඕනෙ උනේ හොද නින්දක් ... හෙට වැඩ ගොඩක් තියන දවසක්...

වොශ් එකක් දැම්ම ජන්කුක් එහෙම්මම ඇදට ආවෙ ගුකීට කතා කරන්න.. උදේම ගුකීව ජින්ට බාරදීලයි ජන්කුක් කම්පැනි එකට ආවෙ... ගුකීටත් කතා කරලා රූම් එකටම කෑම ගෙන්නගෙන අරගෙන ජන්කුක් ඉක්මනට නිදාගත්තෙ හෙට උදේට ඇහැරෙන්න ඕන නිසා...

.

.

.

පහුවදා උදේම ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් හොටෙල් එකෙන් වාහනේට නැග්ගෙ , " මෙච්චර උදේම , වැඩ පටන් ගන්න මුට පිස්සුද ..." කියලා හිතින් ටේහ්‍යොන්ග්ට බනින ගමන් ... මොකද තව හරියට එලියවත් වැටිලා තිබ්බෙ නැති හින්ද...

ටේහ්‍යොන්ග් නම් හොදට ටැබ් එක දිහා බලාගෙන එයාගෙ අලුත්ම ප්‍රොජෙක්ට් එකේ වැඩ ප්ලෑන් කරනවා.. ටේහ්‍යොන්ග් පිටිපස්සෙ සීට් එකේ හිටපු හින්දා ජන්කුක් ඈනුම් අරින ගමන් පැසෙන්ජර් සීට් එකෙන් ඉදගත්තා.. හැබැයි අද හොදකට තිබ්බේ ටේහ්‍යොන්ග් ඩ්‍රයිවර් කෙනෙක්ට වාහනේ දීලා තිබ්බා...

බාගෙට නිදන් හිටිය ජන්කුක් ගැස්සිලා ඇහැරිලා වටපිට බලන්න ගත්තේ කොහෙද මේ ඉන්නෙ කියලා.. වාහනේ ඇතුලේ කවුරුත් නෑ ...

තැනට ආවත් ජන්කුක් බාගෙට නිදි කියලා දැක්ක ගමන් ටේහ්‍යොන්ග් කරේ වාහනෙන් බැහැලා පුලුවන් උපරිම හයියෙන් දොර වහපු එක... කතා කරන එක මදිකමක්නෙ එයාට.. ඒ සද්දෙට තමා ජන්කුක් උඩ ගිහින් ඇහැරුනේ...

ටක් ගාලා වාහනෙන් බැහැපු ජන්කුක්ගෙ නිදිමතත් ගියේ එයා ඉන්න තැන දැකලා.. ලොකූ ගස් තියන කැලයක් මැද... ටේහ්‍යොන්ගෙ වාහනේ පිටිපස්සෙන් කලින් ආපු ජිප් ටික නවත්තලා තිබ්බත් කවුරුත් පේන්න හිටියේ නෑ... ජන්කුක් ඔලුව හරව හරව බැලුවේ ටේහ්‍යොන්ග් කෝ කියලා... කොච්චර කතා නොකෙරුවත් දන්න මනුස්සයෙක්ට ඉන්නෙ එයා විතරනේ ...

" සර්... බොස් ඉස්සරහට ගියා..."

ජන්කුක් ලගට ඇවිත් ඔලුව නවලා අචාර කරන ගමන් කලු ඇදගත්ත මනුස්සයෙක් කීවා...

" අනේ .. ගොඩක් ස්තූතියි..."

හිනාවෙලා ආචාර කරපු ජන්කුක් ඉක්මනට අඩි පාර දිගේ ඉස්සරහට ගියේ අර කලින් කතා කරපු මනුස්සයත් එයාගෙ පස්සෙන් එද්දි .. ඉස්සරහටම ගිය ජන්කුක් කටත් බාගෙට ඇරගෙන නතර උනේ ඉස්සරහා තියන ලස්සන දර්ශනේ දැකලා...

වීදුරු කැටයක් වගේ පැහැදිලි වතුරේ උදේට හමන ලා හුලගට පොඩි රැලි ඇතිවෙලා... ඈතින් පායගෙන එන ඉර එලියේ කිරණ එක දෙක වැටෙන ගමන් විලේ මැද ලස්සනට ඡායාව වැටිලා වතුර දිලිසෙනවා... විල වටේට එක එක මල් පිපිලා.. කුරුල්ලෝ කෑ ගහනවා...

කියන්න තේරෙන්නෙ නැති අමුතු ලස්සනක් තියන දර්ශනේ දිහා ජන්කුක් හිටපු තන ඉදන්ම බලන් හිටියේ කාලෙකින් තමන් දැකපු ලස්සනම දේ මේක හින්දා...

" ජියෝන් .. ඉස්සරහට එන්න..."

ටේහ්‍යොන්ගෙ කට හඩින් හරි සිහියට ආපු ජන්කුක් ඉස්සරහට ගියා... දැන්නෙ මෙච්චර උදෙන් මෙතනට එන්න හේතුව ජන්කුක්ට තේරුනේ...

උදේ නිදිමතේ වාහනේට නැගපු ජන්කුක් දැන් තමා හරියටම ටේහ්‍යොන්ග්ව දක්කෙ .. හැමදාම ෆුල් සූට් ඇදන් ඉන්න ටේහ්‍යොන්ග්ව මෙහෙම දැක්කම කාටද පුදුම නොහිතෙන්නෙ ...

සුදු පාට සැහැල්ලු ශෝට් එක්කට අත් කොට සැහල්ලු ශර් ට් එකක් ඇදලා , වෙනදට උඩට කරලා හදලා තියන කොන්ඩෙ අද ඇස් ගාවට එනකන්ම වැටිලා...

" මෙතන ගොඩක් .. ලස්සනයි නේද..."

ටේහ්‍යොන්ග් දිහා කට ඇරන් බලන් ඉන්න ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් ඇහුවේ ඉස්සරහ දර්ශනයෙන් ඇස් ඉවතට නොගෙනමයි..

' හ්ම්ම්.. ඔව් සර් .. ගොඩක් ලස්සනයි... මේක ඇතුලේ මෙහෙම තැනක් තියනවා කියලා පිටට හිතන්නවත් බෑ.."

ජන්කුක් කීවෙ එයත් දැන් ටික්කට කලින් හිටිය අදුරු තැන ගැන හිතමින්.. ජන්කුක් කාලයක් බුසාන්වල හිටියත් මෙහෙම තැන් ගැන දැනගන්න නිදහසක් එයාට තිබ්බෙ නෑ....ජන්කුක් එහෙමම හැරිලා බලුවේ සද්ද ඇහෙන පැත්ත දිහා.. විල ගාවින් ටිකක් එහාට වෙන්න හොටෙල් එක හදන්න වැඩ පටන් ගන්නවා... ප්‍රොජෙක්ට් එක කියෙවත් , අහලා තිබ්බත් මෙච්චර පර්ෆෙක්ට් තැනක් කියලා ජන්කුක් හිතුවේ නෑ..

" මන් මෙතන තෝරගත්තෙත් ඒ හින්දා... කවුරුත් බලාපොරොත්තු නොවෙන වෙනස් දෙයක් මන් තෝරගත්තේ... "

ටේහ්‍යොන්ග් එහෙම කියනකොට ජන්කුක් කල්පනා කරේ අර නාකි ceo ලා ටික මොනවා දැනගෙනද කෑ ගැහුවේ කියලා...

" ජියෝන් .. හිතනවද මෙතන හොදයි කියලා මගේ වැඩේට...?"

ටේහ්‍යොන්ග් තවත් ජන්කුක් දිහා නොබලම අහනකොට, ජන්කුක් ඇස් දෙක ලොකු කරලා පුදුමෙන් බැලුවේ තමන් වගේ සෙකට්‍රි කෙනෙක්ගෙන් තමන්ගෙ බොස් එහෙම අහන්නෙ මොකටද කියලා....

' මන් ..මන් ..සර්.."

" ඔයාගෙ අදහස කියන්න ජියෝන්... මොකද විකාරෙන් කෑ ගහන් එවුන්ට වඩා මම කැමති අදහස් ගන්න ..."

ටේහ්‍යොන්ග් කීවම මේ කම්පැනි එක මෙච්චර සාර්ථක වෙන්න හේතුව ජන්කුක්ට තේරුනා...

.

.

.

හවස් වෙනකන්ම එතන වැඩ ගැන බලපු දෙන්න රෑ වෙන්න කිට්ටු උනාම එතනින් හොටෙල් එකට එන්න පිටත් උනේ... ජන්කුක්ව හොටෙල් එකෙන් බස්සපු ටේහ්‍යොන්ග් වාහනෙන් එහෙම්මම ගියා... ටේහ්‍යොන්ග් ආපු නැති හින්දා, රූම් එකට ආපු ජන්කුක් වොශ් එකක් දාගත්තා... ටේහ්‍යොන් නැති උනත් ෆ්ලෝ එකේ තැනින් තැන ගාඩ්ලා... ඒත් ඉතින් මොනවගෙන් ආරක්ෂා වෙන්නද මෙච්චර...

.

.

.

ටිකක් නින්ද ගිහින් ඇහැරුන ජන්කුක් වෙලාව බැලුවම පැය දෙකක් විතර නින්ද ගිහින් කියලා දැක්ක... ටිකක් රෑ වෙලා තිබුනත් බඩගිනි තිබ්බෙ නැති හින්ද ජන්කුක් බැල්කනියට ටිකක් ආවෙ කම්මැලි හින්දා... ගුකී හිටියානම් එයාගෙ ඉවරයක් නැති කත පෙට්ටිය අහගෙන ඉන්න තිබ්බ... ගුකීට කතා කරන්න ඕන උනත් දැන් එයා නිදාගෙන ඇති කියල හිතුන නිසා හෙට කෝල් කරනවා කියලා ජන්කුක් හිතුවා...

බැල්කනියට ආවම දැක්කෙ හොටෙල් එකේ බැක් යාඩ් එකේ හදලා තිබ්බ ගාඩ්න් එක ... ලොකු පදුරු වලින් වට වෙලා නිදහසේ ඉන්න ලස්සන තැනක් ...

ඇදන් හිටිය ලොකූ දිග කලිසමට ලොකූ හූඩියක් ඇදගෙන ඇස් දෙක විතරක් පේන්න අයිස් කැප් එක්කුත් දාගත්තු ජන්කුක් හිමින් දොර ඇරලා එලියට එබුනේ ගාඩ්ලා තාම ඉන්නවද බලන්න... මොකද ජන්කුක් පස්සේනුත් එයාලා එන හින්දා ... එයාලා පඩිපෙල ගාව ඉන්නව දැක්ක හින්දා ටක් ගාලා ලිෆ්ට් එක ඇතුලට පැනලා දොර වහගෙන පහලට යන්න බට්න් එක එබුවා...

හොටෙල් එකෙන් එලියට ආව ජන්කුක් සීතලට අත් දෙකත් එකට අතුල්ල අතුල්ල ගාඩ්න් එක ඇතුලට ගියේ කැප් එකත් දාගෙන ආවෙ හොද වෙලාවට කියලා හිතන ගමන් ... තැනින් තැන තියල තිබ්බ ලී බන්කු බල බල ගිය ජන්කුක් නතර උනේ කොනේම බන්කුවේ තමන්ට පිටුපාලා ඉදගෙන ඉස්සරහින් තියන වතුර මල දිහා බලාගෙන ඉන්න කෙනාව දැකලා ...

උදේ ඇදුම පිටින්ම තාම හිටපු ටේහ්‍යොන්ග්ව අදුරගන්න ජන්කුක්ට අමාරු උනේ නෑ... ඒත් වාහනෙන් ගිය ටේහ්‍යොන්ග් ආවානම් ඇතුලට එන් නැතුව මෙතන මොකද කරන්නෙ කියලා ජන්කුක් කල්පනා කරේ ..

ලගට යනවද නැද්ද කියල හිත හිත හිටිය ජන්කුක් ඔන්න ඔහෙ යනවා කියලා හිතුවෙ උදෙත් එච්චර කේන්ති අරන් හිටපු නැති හින්දා...

ටේහ්‍යොන්ගෙ පිටිපස්සට වෙලා සද්ද නැතුව ටිකක් වෙලා හිටපු ජන්කුක් කතා කරන්න කියලා හදනකොටම...

" ආව නම් .. කතා කරන්න ජියෝන් .."

" මේ මනුස්සයට පස්සටත් ඇස් තියනවද ..." හිතන ගමන්,

" සර් .. මන් මෙතනින් වාඩි වෙන්නද..."

ජන්කුක් අහනකොට ඉස්සරහ බලාගෙනම සුපුරුදු විදියටම බන්කුවට අතින් සන් කරා...බන්කුවෙන් ඉදගත්ත ජන්කුක්ට සැර සිගරට් ගදක් ආවා.. සිගරට් සෑහෙන ප්‍රමාණයක් ටේහ්‍යොන්ග් බීලා තියනවා කියල්ල බිම වැටිලා තිබ්බ අළු ප්‍රමානෙන් ජන්කුක්ට තේරුනා...

' සර් .. මොකද මෙතන කරන්නෙ .."

නිහඩව ඉන් නැතුව ජන්කුක් ඇහුවා..

" ඒක... මම නෙවේද අහන්න ඕනෙ ..."

ගැඹුරු කට හඩකින් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුකුත් නිහඩවම වතුර වැටෙන දිහා බලන් හිටියා...

" ඔයා මට උත්තර දුන් නෑ ජියෝන් ..."

ටේහ්‍යොන්ග් ආයෙ සැරයක් කතා කරා..

" මම .. නිකන් කම්මැලි හින්ද එලියට ආවෙ සර්..."

ජන්කුක් කීවෙ ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් .. ටේහ්‍යොන්ගෙ ඇස් රතු වෙලා... අත් වෙව්වලනවා .. ඒ සීතල හින්දා කියලා ජන්කුක් හිතුවා...

" මම ගාඩ්ලා දැක්කෙ නෑනේ... උඩ නැද්ද...?"

ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන ගමන් අහනකොට ජන්කුක් නිකන් හොර වැඩක් කරලා අහුවුන පොඩි ලමයෙක් වගේ ඇගිලි දෙකක්ක් පටලගෙන බිම බලාගත්තා... ඇගේ සයිස් එකටත් වඩා ගොඩක් ලොකූවට ඇදන් හිටිය ඇදුමයි ඇස් දෙක ගාවට එනකන්ම දාගෙන හිටිය කැප් එකයි හින්දා ජන්කුක්ව බෝලයක් වගේ පෙනුනා...

" කියුට්..."

ටේහ්‍යොන්ග්ට හිතුනා.. ආයෙත් තමන් මොනවද මේ හිතන්නෙ කියලා තමන්ටම බැනගෙන ඉස්සරහා බලාගත්තා...

" ජියෝන්ට ..ඇයි කම්මැලි..?"

ටේහ්‍යොන්ග් ආයෙත් ඇහුවා.

" නිකන් .. මට ගුකී නැතුව පාළුයි සර්.. වෙනදට මන් ගාව ඉන්නවනේ..."

ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග්ට මතක් උනා එදා එයත් එක්ක හිටපු හුරතල් බබා..

"ජන්කුක්ගෙ ..වයිෆ් කෝ...එයාට මොකද උනේ..."

මෙච්චර අඩු වයසින් දරුවෙකුත් එක්ක තනිවෙන එක ගැන පොඩි කුතුහලයක් ඇති උනා..

" ඒක .. ගැන කතා කරන්න මම කැමති නෑ සර්...එයා නෑ.."

ජන්කුක් කීවෙ අහක බලාගෙන .. ආයෙ ටේහ්‍යොන්ග් ඒක අහන්න ගියේ නෑ.. ඔය වගේ දේකට හිත රිදෙන විදිය ටේහ්‍යොන්ග් හොදටම දන්නවා...

"සර් .. මෙතන තනියම ඇයි ..."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා..

" ඇයි .. මම කවුරු එක්කද ඉන්න ඕනෙ ජියෝන් ..?"

" මන් .. එහෙනම් ඇතුලට යන්නම් සර්.."

ජන්කුක් හැදුවේ ඇතුලට යන්න .. මොකද තවත් මෙතන ඉන්න ඕනෙ කියලා එයාට හිතුනේ නෑ...

" ඉන්න.."

යන්න හැදුව ජන්කුක් ආයෙ හැරිලා බැලුවේ ටේහ්‍යොන්ග් කියපු දේ ඇහිලා .. ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙ බෝල ඇස් දිහා බලන් හිටියා..

" ටිකක් .. ඉන්න පුලුවන්ද ඔයාට මෙතන..."

බිම බලන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවා.. කියාගන්න නොතේරෙන ගොඩක් දේවල් පිරුනු ඇස් දෙකක් ජන්කුක් දැක්කෙ .. ජන්කුක් ඉදගත්තා ආයෙත්..

" අපිටත් වතුර වගේ වෙන්න පුලුවන් නම්..."

ටේහ්‍යොන්ග් කීවා..

" අහ් .."

ජන්කුක්ට ඒ මොකක්ද කීවෙ තේරුන් නෑ..

" ඔනේ තැනක ඕන විදියට ඉන්න වතුරට පුලුවන් ... වතුර ගොඩක් ශක්තිමත් ..."

ටේහ්‍යොන්ග් ඔහේ කියවන් ගියා.. කියපු ගොඩක් දේවල් නොතේරුනත් ජන්කුක් අහන් හිටියා ... ටේහ්‍යොන්ග් මොනවා හරි හිර කරන් ඉන්නවා කියලා එයාට තේරුනා...

" අපි යමු ඇතුලට ..."

ටිකකින් ටේහ්‍යොන්ග් නැගිට්ටෙ ඇතුලට යන්න...

" ජියෝන් .."

"ම්ම්.."

ජන්කුක් මිමිණුවා..

" තැන්ක්‍යූ .. මාත් එක්ක මෙතන හිටියට.."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් පුරුදු විදියටම ලස්සන උණුසුම් හිනාවක් ටේහ්‍යොන්ග්ට දැම්ම..

ජන්කුක් යන්න ඉස්සර උනත් එක පාරටම ඇදිලා යනවා වගේ තේරුනත් එක්කම පදුරක් අස්සට එයාව ඇදිලා ගියා.....

.

.

.

.

_________________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading.......❤️

To be Continued.....

2022/09/27

Continue Reading

You'll Also Like

67.7K 5K 65
แž•แŸ‚แž“แžŠแžธแž€แŸ’แžšแžกแžถแž”แŸ‹แž…แžถแž€แŸ‹ แž˜แž“แžปแžŸแŸ’แžŸแžŸแŸ’แžขแžธแžแžถแŸ†แž„แž–แžธแž€แŸ†แž›แŸ„แŸ‡แž˜แž€แžŠแž›แŸ‹แž–แŸ„แŸ‡แž˜แŸ‰แžถแž™แž€แžผแž“แž”แŸ’แžšแžถแŸ†แž แžพแž™ แžšแž€แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž‡แžถแž”แŸ‹แž›แžถแž”แŸ‹แž“แžทแž„แž‚แŸแŸกแž€แŸแž‚แŸ’แž˜แžถแž“ แž˜แžทแž“แž˜แŸ‚แž“แž›แŸ‚แž„แž›แŸ‡แž‘แŸ…แžฏแžŽแžถแž‘แŸ แž‚แžบแž–แžฝแž€แž‚แŸแž“แžทแž„แžŸแŸ’แž›แžถแž”แŸ‹แžŠแŸ„แž™แž‚แŸ’แž˜แžถแž“แž˜แžผแž›แž แŸแžแžปแž“แŸ…แžŠแŸ‚แž›...
50.4K 10K 56
เท€เทเถธเทŠเถดเถบเถปเทŠเท€เถปเท”เถฑเทŠเถœเทš เท€เท’เถฑเทเทเถบ เถถเถฝเทเทƒเท’เถงเท’เถฑ เถฑเถปเท€เท˜เถšเถบเถฑเทŠ... เถฑเถปเท€เท˜เถšเถบเถฑเทŠเถœเทš เท€เท’เถฑเทเทเถบ เถถเถฝเทเทƒเท’เถงเท’เถฑ เท€เทเถธเทŠเถดเถบเถปเทŠเท€เถปเท”เถฑเทŠ... เทƒเท’เถบเถฝเทŠเถฝเถฑเทŠเถœเทšเถธ เทƒเทเถธเถบ เทƒเถญเท”เถง เถดเถญเถฑ เทƒเท”เถปเถฏเท–เถญเถบเถฑเทŠ... เถ…เท„เท’เถ‚เทƒเถš เทƒเถญเท”เถงเท’เถฑเทŠ เถฏเท’เท€เท’ เถœเท™...
95.4K 12.7K 46
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
179K 26.7K 21
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."