โ€ข ๐๐€๐ˆ๐ ๐Ž๐… ๐‹๐Ž๐•๐„ โ€ข |...

By Dark_Sunshiner

96.9K 17K 2.6K

A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life... More

|01|
|02|
|03|
| Characters INTRODUCTION |
|04|
|06|
|07|
|08|
|09|
|10|
|11|
|12|
|13|
|14|
|15|
|16|
|17|
|18|
|19|
|20|
|21|
|22|
|23|
|24|
|NEW STORY|
|25|
|26|
|27|
|28|
|29|
|30|
|31|
|32|
|33|
|34|
|35|
|36|
|37|
| EPILOGUE |

|05|

2.2K 422 55
By Dark_Sunshiner


ටේහ්‍යොන්ග් හිටියෙ වාහනේ තනියම ඩ්‍රයිව් කරගෙන ගෙදර යන ගමන් . ගෙවුන සතිය ඔලුවට වෙහෙසකර උනා. වගකීම් නැතුව ඉදලා ඉදලා එක පාරටම ලොකු වගකීමක් ඔලුවට කඩාගෙන වැටුනම ටේහ්‍යොන්ට තවත් කේන්ති යන්න පටන් ගත්ත එකයි උනේ . පලවෙනි දවසෙම හිටපු සෙකට්‍රි ව මරලා දැම්මෙ එහෙම කේන්තිය පාලනයා කරගන්න බැරුව ගිහින් .

5 years ago...

ඉස්සර මෙහෙම කේන්ති ගිය කෙනෙක් නෙවෙයි ටේහ්‍යොන්ග් කියන්නෙ . කිම් ෆැමිලි එකේ පොඩි ලමයා උන ටේහ්‍යොන්ග් පොඩි කාලෙ ඉදන් ඔම්මා අප්පා නැති උනත් හ්‍යුන් ලග හරි හුරතලේට හැදුනා.. ඔම්මයි අප්පයි මැරුනට පස්සෙ නෑ මැරුවට පස්සෙ අවුරුදු 16 න් 17 න්ම කම්පැනිඑක , ෆැමිලි එක නම්ජූන්ට බාරගන්න උනා. ඉගන ගන්න දක්ෂයෙක් උන නම්ජූන්ට තමන්ගෙ පාසල් ගමන නතර කරන්න උනා. ඔම්මා අප්පා අමාරුවෙන් ගොඩ නගපු දේවල් ආරක්ෂා කරන්න පටන් ගත්තා.. ඒ වෙනකොට පොඩි ටේහ්‍යොන්ග් ට මේ දේවල් තේරුනේ නෑ. කවදාවත් දැනෙන්න තේරෙන්න දුන්නෙ නැහැ නම්ජුන් , ටේහ්‍යොන්ග් ව දිගටම ඉස්කෝලෙ යවලා ඉගැන්නුවා. නම්ජූන්ගෙ ලෝකෙ උනේ ටේහ්‍යොන්ග් විතරයි .

ඔය අතරෙයි ඔම්මා අප්පා මැරුනේ නිකන්ම නෙවෙයි කියලා හිටපු ලෝයර් හොයාගන්නෙ . කිසි දේකට අතගහන් නැතුව පාඩුවේ කම්පැනි එක විතරක් කරන් ගිය නම්ජූන්ට තවත් එහෙම ඉන්න බැරි උනේ කම්පැනි එකේ ප්‍රශ්න මතුවෙන්න ගත්ත හින්ද වගේම , ටේගෙ , එයාගෙ පස්සෙන් මිනිස්සු එන්න පටන් ගත්තු නිසා .

අප්ප කරගෙන ආපු ෆැමිලි එක නම්ජූන් බාරගත්තා. ටේහ්‍යොන්ග් ගෙ නම්ජුන්ගෙ අප්පා මෆියා වලට සම්බන්ද උන කෙනෙක් නෙවෙයි ඒත් තමන්ගෙ කම්පැනි බිස්නස් දියුණු වේගන එනකොට එන කරදර වලින් ආරක්ශා වෙන්න ඒ පැත්තට නොයා බෑ කියලා මිස්ටර් කිම් තේරුම්ගත්තා. මොන තරම් හොද බිස්නස්මන් කෙනෙක් උනත් නොපෙනෙන පැත්තක් අනිවාරෙන්ම තිබ්බ .

මුලදි වෙන අයට කියල තමන්ට ඕන දේ කරගත්තත් විශ්වාසෙ කියන දේ ඕනම දෙයක් , තමන් කරන වැඩ එකක් ගැස්සුනොත් තමන්ගෙ හැමදේම විනාශ වෙන්න එක පැයක් යන්නෙ නෑ කියලා මිස්ටර් කිම් තේරුම්ගත්තා , ඒ විදියට තමයි කිම් මාෆියා ෆැමිලි එකේ මුල සිද්ධ උනේ . ඒ ලෝකෙට අඩිය තිබ්බම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලොකු අවදානමක් එක්ක එතන රැදෙන්නම වෙනව මොකද එතන ආපස්සට යන්න තේරීම් ඉතුරු වෙලා නෑ, ඒක තමන් ගාවින් ඉවර වෙන්නෙ එක්කො මැරෙන්න ඕන නැත්නම් කාගෙන ඉන්න ඕන,

මිස්ටර් කිම් මැරුනට පස්සෙ නම්ජූන් කම්පැනි එක බාරගත්තත් එච්චර පොඩි ලමයෙක් ට මාෆියා ෆැමිලි එකක් බාරගන්න බෑ. ඒත් ෆැමිලි එක තමන්ගෙ බොස්ට ලෝයල් ඒ හින්දම කොච්චර කාලයක් ගියත් ෆැමිලි එක විසිරුනේ නෑ. කිම් ෆැමිලි එක තවදුරටත් නෑ කියලා හැමෝම හිතපු කාලෙක තමයි නම්ජූන් ෆැමිලි එක බාරගන්නෙ ...

එතන ඉදන් ගොඩක් දේවල් වෙනස් උනා , නම්ජූන් තිබ්බට වඩා හොදට ෆැමිලි එක කරගෙන ගියා. හැමදේම හරියටම කෙරීගෙන යනකොටයි ඔම්මගෙයි අප්පගෙයි මරනෙ ගැන පලිගන්න පටන් ගත්තෙ , ඔය කාලෙ ඇතුලත ටේහ්‍යොන්ග් ඉගන ගෙන ඉවර කරලා තිබ්බ. හරිම සෙල්ලක්කාර මුරන්ඩු විදියට හැදුන ටේහ්‍යොන්ග් අවනත උනේ තමන්ගෙ හ්‍යුන්ට විතරයි . කිසිම වෙලාවක බිස්නස් , කම්පැනි එක ගැන උනන්දුවක් තිබ්බෙ නැති ටේහ්‍යොන්ග් නම්ජුන්ගෙ ලොකු අකමැත්ත මැද ෆැමිලි එකේ වැඩ වලට සම්බන්ද උනා. Diamond ,Gold Medicine වගේ බිස්නස් මෙයාලා කරේ..

මිස්ටර් කිම් ෆැමිලි එක පටන් ගද්දි තිබ්බ ලොකුම මාෆියා ෆැමිලි එක ජියෝන් ෆැමිලි එක . කිම්ගෙ බිස්නස් එක top 1 තිබ්බා වගේම ෆැමිලි එකත් දියුණු වේගන ආවා. ඒක එච්චර කාලයක් ජියෝන් කියන නම ඇහුවත් බය වෙන තරම් බයානක ජියෝන් ෆැමිලි එකට හොද ආරන්චියක් උනේ නෑ.

එතකොට අවුරුදු ගානක් ගිහින් තිබ්බත් නම්ජූන් මහන්සි වෙලා හොයාගත්ත ඔම්මයි අප්පයි ආපු වාහනේ හෙලට වැටිලා ගිනි ගත්තෙ නිකන් අහම්බෙන් නෙවෙයි කියලා. කිසිම සාක්ෂියක් නැතුව යට ගහලයි කේස් එක තිබ්බෙ , ඒ කාලෙ නම්ජූනුයි ටේයි පොඩි නිසා ඒක ගැන තේරුමක් ඒ දවස් වල තිබ්බෙ නෑ. මොන දේ ලැබුනත් ඔම්ම් අප්ප නැතුව ජීවත් වෙන තරමට තමන්වයි තමන්ගෙ සහෝදරයවයි පත් කරපු උන්ගෙන් පලි ගන්නයි නම්ජූන්ට ඕන උනේ . සතෙක්වත් මරපු නැති නම්ජූන් මේ කේස් එක පස්සෙන් ගිහින් ගනන් කන්න බැරි තරම් මිනිස්සු ගොඩක් ඉවර කරලා තිබ්බා ..

ඒ වගේ දේකට ගිහින් නම්ජූන් ට වෙඩි වැදුන වෙලාවක හොස්පිටල් එකට ගෙනිහින් අවදානමක් ගන්න බැරි නිසා, ටේහ්‍යොන්ග් එක්ක සෙට් එක හොස්පිටල් එකෙන් ඩොක්ටර් කෙනෙක්ව උස්සන් ආවෙ ...

තර්ජනය කරලා කොහොම හරි නම්ජූන් සනීප වෙනකන් ඩොක්ටව බලෙන් තියාගත්තා. ඒ කිම් සොක්ජින් ..

නම කීවත් බය නපුරු මාෆියා ලීඩර් බය එකම කෙනා ජින් උනේ එහෙමයි ... මුලදි මේ වැඩ වලට ජින් තදින්ම විරුද්ධ වෙලා අකමැත්ත පෙන්නුවත් නම්ජුන්ට තියන ආදරේ හින්දම ඒ දේවල් ප්‍රශ්නයක් නොකරගෙන ඉන්න ජින් තීරනය කරා..

ඔය විදියට හැමදේම වෙනකොට ඔම්මා ගෙයි අප්පගෙයි මිනීමැරුමට ජියෝන් ෆැමිලි එක තමයි සම්බන්ද කියලා හොයාගත්තා.. ඒත් ජියෝන් ෆැමිලි එකේ කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා.

ඒ වැඩේ අතරින් නැතුව දිගටම හැමදේම වෙනකොට ඔය අතරේ නම්ජූන් ජින්ව මැරි කරා ...

ජින්ගෙ හුරතලේ හින්ද ආයෙත් ලැබුන නිදහස හින්ද ටේහ්‍යොන්ගෙ සෙල්ලක්කාර ගති මතු උනා.. ක්ලබ් ගිහින් ආතල් එකේම ඉන්න ගත්තා. කොච්චර වත් නම්ජූන් කම්පැනි එකට එන්න කීවත් ඒකට කැමති උනේ නෑ.

ටික කාලයක් යනකොට ටේහ්‍යොන්ග් ක්ලබ් ගිහින් පාන්දර දෙකට තුනට හැමදාම කාගෙ හරි එක්ක ගෙදර එන්න පුරුදු වෙලා තිබ්බ..තවත් නාස්ති වෙන එක බලන් ඉන්නැතුව ජින්ගෙත් විරෝධය මැද නම්ජූන් ටේහ්‍යොන්ග්ට මැරේජ් එකක් ලෑස්ති කරන්න ගත්ත . ඒකට හොදටම තරහ ගිය ටේහ්‍යොන්ග් නම්ජූන් එක්ක රන්ඩු වෙලා ගෙදරින් ගියා. ඒකට නම්ජූන්ගෙ හිත හොදටම රිදුනත් ඉවසීමෙන් බලන් හිටියෙ කියපු විදියටම කෙල්ලෙක් හොයාගනීද බලන්න. කීවා වගේම සතියකින් ටේහ්‍යොන්ග් ලස්සන කෙල්ලෙක් ගෙදර එක්කගෙන ආවෙ කීවොත් දෙයක් කරනවා කියලා ආයෙත් පෙන්නල් දීලා...

කෑ ගහලා ගිය විදියට මොකක් හරි මුරන්ඩු වැඩක් කරයි කියලා දන්න නිසාම නම්ජූන් තදින්ම මේකට විරුද්ධ උනා. ඒත් ජින් සන්සුන් විදියට හැමදේම කතා කරා. නම්ජූන් කොච්චර සැර උනත් ජින්ට බෑ ටේහ්‍යොන්ගෙ පොඩි පොඩි දග වැඩ වලට විරුද්ධ වෙන්න... ටේහ්‍යොන්ග් එක්ක ඉස්සල්ලම ගෙදරට ආව ගර්ල් ව පන්නන්නෙ කොහොමද ... ජින් සන්සුන්ව කතා කරා.. ගර්ල්ගෙ නම
පාක් නිශා...

__________________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading ...❤

To be Continued .....

හලෝ ....
මේක හොදයිද...
මං ලියන්නද ඉස්සරහට කියලා යන්න...
වැරැද්දක් තියනවානම් ඒකත් කියන් යන්න...
Love you...❤🥀

2022/09/19

Continue Reading

You'll Also Like

158K 10.8K 22
แ€€แ€™แ€นแ€˜แ€ฌแ€•แ€ฑแ€ซแ€บแ€™แ€พแ€ฌ แ€œแ€ฐแ€•แ€ฑแ€ซแ€„แ€บแ€ธ billion แ€แ€ปแ€ฎแ€•แ€ผแ€ฎแ€ธแ€›แ€พแ€ญแ€”แ€ฑแ€œแ€Šแ€บแ€ธ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€™แ€กแ€€แ€ผแ€Šแ€บแ€ทแ€แ€ฝแ€ฑแ€€ แ€›แ€พแ€„แ€บแ€ทแ€โ€‹แ€šแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€žแ€ฌแ‹
308K 52.8K 64
เถฉเทš เถ…เถธเทŠเถธเท”.... เถฑเท เถ‹เถฑเทŠเถฑเท™เถบเท’ เถšเทเถฏเท’เถฝเท’เถšเทŠเถšเท’เถปเทšเถฑเทŠ โค (เถดเถปเท’เถฑเถญ เถ…เถฑเทŠเถญเถปเทŠเถœเถญเถบเถšเท’...)
599K 39.5K 79
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
17.9K 3.6K 53
เท€เท’เถฑเทเท เถšเถปเถฏเทเถธเท– เถšเท’เถปเท’ เทƒเท’เท„เท’เถฑเถบเถšเทŠ เท€เท™เถฑเท”เท€เท™เถฑเทŠ เถถเทเถฏเท’ เท€เท›เถปเถบเถšเทŠ เถฑเท’เทƒเท เถดเถปเถธเทŠเถดเถปเทเท€เถšเทŠเถธ เถฑเทƒเถฑเทŠเถฑเถง เทเถดเถฎ เถšเท… เถฑเทšเถญเทŠโ€เถปเทเท€เถšเถœเทš เถดเท…เท’เถœเทเถฑเท“เถธเถง เถธเทเถฏเท’เท€เท– เทƒเท™เถฑเท™เท„เทƒเถš เถ…เถฑเทŠเถฏเถปเถบ....... เถปเท”เท„เท’เถปเท” เถถเทเถฏเท’ เถถเทเถธเท’~