My White calla Lily [ Complet...

De Lunenuu

82.5K 19.2K 5.9K

වසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්... Mais

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTERS 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 36
Boulevard ❤️
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
FINAL CHAPTER

CHAPTER 35

1K 305 159
De Lunenuu

ජනෙල් තිර රෙදි අතරින් ගලා ආ හිරු කිරණ මුහුනට පතිත වීම නිසාම සෙමි සෙමින් තම දෑස් ඇරි ටේහ්‍යුන්ග් දැඩි හිසේ වේදනාවක් දැනෙද්දීම නින්ද ගොස් තිබූ සෝෆා ව මතින් නැගිටින්නට විය..

ඒත් සමගම තවමත් අත් පා සෙලවීමට හෝ නොහැකි වන ලෙස ගැට ගසා ඇති , ඉදිමීම නිසා විශාල වී තිබූ දෑස්ද සහිතව තමා පෙර දින රාත්‍රියේ තුවාල කල තොල් අතර මිදුනා වූ ලේ කැටි කිහිපයක් සහිතව නිරුවතින් තම ගෙලද එක් පැත්තකට ඉතා අපහසුවෙන් හරවා ගෙන සිටිනා ජංකුක් ව දැකීම ටේහ්‍යුන්ග් ගේ මුලු සිරුරම වේදනාවෙහි ගිල්වූයේය..

ඒත් සමගම තමා පිලිබදවම දැනුනා වූ පිලිකුල් සහගත හැගීම් සමුදායක් සිතෙහි සිරකොට ගෙන ජංකුක් අසලට ගොස් බැද තිබූ බැමි වලින් ඔහුව නිදහස් කල ටේහ්‍යුන්ග් ඉතා ආදරනීය ලෙස ජංකුක් ව තම පපුවට තුරුලු කොට ගෙන ඔහුගෙන් සමාව අයදින්නට විය..

" ජංකුක් ... my love... මට සමාවෙන්න ...  මට.. මට සමාවෙන්න .. "

ටේහ්‍යුන්ග් ගේ උනුසුම නිසාද ඔහු ඉතා නොසන්සුන් ලෙස තමාගෙන් සමාව අයදිනා නිසාද ඇස් ඇර ගැනීමට හෝ නොහැකි ලෙස ඉදිමී තිබූ තම දෑස් ඉතා අපහසුවෙන් වුවද විවර කල ජංකුක් , තම දෑත් ද ටේහ්‍යුන්ග් ගේ පිට දෙපසින් පටලවාගෙන ඔහුගේ පපුව මතට තව තවත් තුරුලු වන්නටවිය..

My love.. ම..මට සමාවෙන්න.. තම පපුවට  ගුලි වී සිටිනා ජංකුක් ගේ නලල මත උනුසුම් වූ හාදුවක් තබා ඔහුව තම සිරුර මතට ගත් ටේහ්‍යුන්ග් ඔහුගේ අතැගිලි ඉතා සෙමි සෙමින් ජංකුක් ගේ හිස කෙස් අතරින් සිනිදු ලෙස යවනා අතරතුර පවසන්නට විය..

මට මාව පාලනය කර ගන්න බැරි වුනා ජංකුක් ... ඔයා මාව රැවැට්ටුවා.. එහෙම නැත්තම් ඔයා මට දුන්නු හැම පොරොන්දුවක්ම කඩ කරා.. ඊටත් වඩා ඔයා දැන් වෙන කෙනෙක්ට අයිති දෙයක් කියලා මට දැනෙනකොට මට මාව පාලනය කර ගන්න බැරි වුනා ජංකුක් ...

ඔයා දන්නවා මම ඔයාට කොයි තරම් ආදරෙයිද කියලා.. ඒත් ඔයා ඒ ආදරේට පිටුපාලා මම සිහියනැතුව හිටිය දවස් කීපයට කසාදෙකුත් කරගෙන කියන එක  මම කොහොමද දරාගන්නේ ජංකුක් .. ඒ හැගීමට මම කොහොමද  වෛර නොකර ඉන්නේ..

ඒත් මම දන්නවා.. මම වෙනස් වුනත් , මගේ ආදරේ වෙනස් වුනත් ඔයාවත් ඔයාගේ ආදරේවත් කවදාවත්ම වෙනස් වෙන්නේ නැ කියලා.. මම දන්නවා ඔයා ගේ ආදරයේ අයිති මට විතරයි කියලා.. මේ හැම දේටම ඔයාට සදාරන හේතු තියෙන්න ඇති කියලා.. ඒවුනත් ඔයා දැන් වෙන කෙනෙක්ට අයිති , ඉස්සර මම ලග හිටිය .. මගේ ලග හුරතල් වුන.. මම ඔයාට ආකර්ශන වුනු ඒ අහිංසක කමින් පිරුනු කාටවත්ම වේදනාවක් දෙන්න අකමැති ජංකුක් නෙවෙයි කියලා තේරෙනකොට මම කොහොමද ඒක ඉවසන්නේ my love..

කොලේකට විතරක් සීමා වුනු බැදීමක් මත ඔයා කෙමී එක්ක විවාහ වුනා කියලා නොතේරෙන්න  තරම් මම නූගත් නොවුනත් , ඔයාව වෙන කෙනෙක් දකින එකටත් වෛර කරන මම ඔයා තේරුමක් නැතුව උනත් වෙන කෙනෙක් එක්ක අනිත් අයව රවට්ටන්න ඕනි නිසා හරි එහෙම බැදීමක් ඇති කර ගෙන කියලා දැන ගත්තම මට දැනෙන හැගීම ඔයාට තේරෙන්නේ නැතුව ඇති my love.. ඒත් ඒ වේදනාව හරියට මාව පණ පිටින්ම පුච්චනවා වගෙයි මට දැනෙන්නෙ..

ඔයාට මම ආදරේ නිසාම ලිලී කියලා කතා කරත් , සැහැල්ලුවෙන් ගෙවපු මගේ ජීවිතය ඔයා මගෙන් උදුරගෙන බැදීම්, ආසාවල්  වගේ ගොඩක් දේවල් වල මාව ලේසියෙන්ම පටලවලා ඔයත්, ඔයා නිසා ඇති වුනු බැදීමුත් ලිලී මලක් තරම් සරල නෑ , පියෝනි මලකටත් වඩා සංකීර්ණයි කියලා මට ඒත්තු ගන්වනකොට මම කොහොමද ඉවසන්නේ my love..

මගේ අප්පා එක්ක.. මේ මුලු සමාජය එක්ක.. ඒ විතරක් නෙවෙයි මේ මුලු ලෝකේ එක්කම වුනත් ඔයා වෙනුවෙන් මම සටන් කරන්නේ කොච්චර කැමැත්තෙන්ද කියලා දැන දැනත් අපිට අපිවම මේ විදියට නැති කරේ ඇයි my love.. සමහරවිට එදා මම මැරුනා නම් අපි  අපේමයි කියන සිතුවිල්ල එක්ක මට සතුටින් හරි ඔයාව දාලා යන්න තිබුනා.. ඒත් දැන් මට ඒ සිතුවිල්ලවත් නැති වෙලා නේද my love..

ඔයාට මම ගෙනල්ල දුන්නු professor Doldero ගේ පොත ඔයාට මතකද... මතකද ඒකේ අසම්මත ආදරය සහ අනියම් ආදරය විස්තර කරලා තිබුනු විදිය.. අසම්මතය කියන්නෙත් අනියම් කියන්නෙත් සම්මතයට විරුද්දව ගොඩ නැගුනු බැදීම් වුනත් , අසම්මත ආදරයට වඩා අනියම් ආදරය ගොඩක් වෙනස් කියලා ඔප්පු කරලා තිබුනු විදිය මතකද my love.. අපේ ආදරේ මෙච්චර කල් අසම්මත ආදරයක් වෙලා තිබුනත් දැන් ඒක අනියම් ආදරයක් වෙලා නේද.. තනිකඩ පිරිමියෙක් එක්ක මම පටන් ගත්ත ඒ අසම්මතය ආදරය දැන් විවාහක පිරිමියෙක් එක්ක පවත්වා ගෙන යනවා කියන්නේ මම අසම්මතයත් පහු කරගෙන අනියම් කියන තැනටම ඇවිත්.. ඒ ගැන හිතනකොට මට මම ගැනම දැනෙන්නේ ලොකු පිලිකුලක් my love.. මට විශ්වාස නෑ මට  අසම්මතය සතුටින් බාර ගන්න පුලුවන් වුනත් අනියම් කියන දේ සතුටින් බාරගන්න පුලුවන් වෙයිද කියලා..

ඔයා දන්නවද ... මම පොඩි කාලේ එක දවසක් මගේ ඔම්මාගේ දින පොත මට අහම්බෙන් හම්බුනා.. ඒ කාලේ මට හරියට අකුරු කියවන්න වත් බැරි තරමට මම පොඩියි.. ඒත් මම ඒකේ මුල් පිටුවේ තිබුනු අකුරු එකිනෙකට ගලප ගලප කියෙව්වා.. මට තාමත් මතකයි ඒකේ තිබුනු දේවල්..

" මම අදත් මගේ අතින්ම කෑම හදාගෙන ඔයා ගෙදර එනකන් බලාගෙන හිටියා..  මොකද අද අපේ පලවෙනි විවාහ සංවත්සරය නිසා ඔයා අද කලින් ගෙදර ඇවිත් මාත් එක්ක රෑ කෑම ගනී කියලා මගේ හිත කිව්වා.. ඒත් මම වැරදී කියලා මට දැන් තේරෙනවා.. ඒත් මට තාමත් තේරුම් ගන්න බෑ ඇයි ඔයා මට මේ තරම් අකමැති කියලා.. මගෙන් ඔයාට වුනු වැරැද්ද මොකක්ද කියලා.. ඔයා මට අකමැති නම් ඇයි ඔයා මාව විවාහ කර ගත්තේ කියලා.. එහෙම නැත්තම් ඔයා මට මෙච්චර වෛර කරන්න හේතුව අර ගෑනු ළමයද කියලා.. මම දන්නවා ඔයා හැමදවසකම  එයාට මල් අරගෙන එයාව බලන්න යනවා කියලා.. හැම රැයක්ම ගත කරන්නේ එයාව ඔය පපුවට තුරුලු කරන් කියලා.. එත් මට ඔයා ගැන තරහක් නෑ.. ඒ ගෑනු ළමයා ගැන වත් ඇත්තටම මට තරහක් නෑ.. ඒත් මට ඔයාගෙන් පිලිතුරු ඕනි එක ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ඔයාගේ ආදරය නම්.. ඒ ඔයාගේ ජීවිතය නම්.. ඇයි ඔයා මාව විවාහ කර ගත්තේ.. හැමෝටම පේන්න මාව බිරිද කරගෙන මේ ගෙදරට එක්කගෙන ඇවිත් එදායින් පස්සේ අඩුම තරමින් එක දවසක් වත් මාව බලන්න නාවේ.. මම ගැන ආදරයක් නැත්තම් අඩුම තරමින් අනුකම්පාවක් වත් ඔය හිතේ ඇති නොවුනේ.. ඒත් ඒ මගේ දෛවය වෙන්න ඇති.. ඒ නිසා මම ඒ ජීවිතයට පුරුදු  වෙන්නම්.. "

මට ඒ දවස් වල ඒ එක වචනයක වත්ම තේරුමක් හරියට තේරුනේ නෑ my love.. ඒත් ටික ටික ලොකු වෙනකොට ඒ හැම වචනයක්ම මට තේරුනා.. ඒත් මම ඒ වචන නිසා අප්පට වෛර කරන්න ඕනිද නැද්ද කියන දේ ගැන මට හිතා ගන්න බැරි වුනා.. මොකද ඔම්මාට මාව ලැබිලා තියෙන්නේ ඔම්මගෙයි අප්පගෙයි විවාහය දහවෙනි සංවත්සරයත් පහු වුනාට පස්සේ.. ඒ කියන්නේ සමහර විට ටික කාලයක් යනකොට අප්පා එයාගේ වැරදි තේරුම් අරන් ඔම්මත් එක්ක සතුටින් ඉන්න ඇති.. ඒ නිසාම ඒ ආදරේ ප්‍රතිපලයක් විදියට මම බිහි වෙන්න ඇති.. ඒත් ඒ දෙන්නා අතර තිබුනු බැදීම ආදරයක් ද නැත්තම් වෙන දෙයක් ද කියලා මට අදටත් හිතා ගන්න බෑ..

සමහර අය කියනවා මගේ ඔම්මා මැරුනේ  මිස්ටර් කිම් ගේ divorce  එක අරන් එන ගමන් නිසා  ඒක මිස්ටර් කිම් කරපු දෙයක්  කියලා.. ඒත් මම දන්නවා ඒකට වැරදි කාරයා මිස්ටර් කිම් නෙවෙයි කියලා.. මොකද ඒ දෙන්නා අතර තිබුනේ ආදරයක් නෙවෙයි ද කියලා මට නොතේරුනත් එයාලා ලග නිර්වචනය කරන්න බැරි තරම් ගැබුරු බැදීමක් තිබුනා කියලා මට හැමදාම දැනුනා..

මිස්ටර් කිම් සමහර දවසට වෙන ගෑනු කෙනෙක්ගෙ photo එකක් පපුවට තුරුලු කරගෙන ඉකි ගගහා අඩනකොට මගේ ඔම්මා එයාව පපුවට තුරුලු කරගෙන අඩනවා මට මතකයි..  එදා ඒ දෙන්නා ලෝයර් ගාවට යනකොටත් මිස්ටර් කිම් මගේ ඔම්මා ව හරි ආදරෙන් වැලද ගත්ත විදියත් , ඔම්මා ගොඩක් සතුටින් අප්පා ට ස්තූතී කරපු විදියත් මට මතකයි..  ඉතිං එයාල අතර තිබුනු ඒ සංකීර්ණ බැදීම ආදරයක් නොවුනත් අප්පා ඔම්මව වැරුවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.. ඒ වුනත් අනියම් කියන ආදරේ නිසාද මගේ ඔම්මට අප්පගේ ආදරේ අහිමි වුනේ කියලා හිතනකොට මම පොඩි කාලේ ඉදන්ම ඒ අනියම් කියන දේට වෛර කරා.. ඉතිං මම තාමත් ඒ හැගීමට වෛර කාරනවා my love.. එත් ඔයත් දැන් මේ විදියට මට ඒ වෛරය මතක් කරනකොට මම තවත් කොහොමද ඉවසන්නේ ජංකුක්..

ඒ ඔක්කොටමත් වඩා ඔයා මෙච්චර දවසක් බොරු කොච්චර නම් කිය කිය මාව රැවැට්ටුවද කියලා හිතනකොට මම කොහොමද තවත් ඔයා ගැන වත් ඔයාගේ ආදරේ ගැන වත් තවත් විශ්වාස කරන්නේ my love..

ඇත්තටම මට දැන් මහන්සී..  ආදරය , බැදීම් , අයිති කර ගැනීම  වගේ සංකීර්ණ දේවල් අතරේ පැටලිලා ඉදලම මට දැන් මහන්සී.. මට මගේ හිත සැහැල්ලු කර ගන්න ඕනී.. ඔයාව හමුවෙන්න.. ඔයත් එක්ක බැදීමක් ඇති කර ගන්න කලින් හිටිය ඒ හැගීම් දැනීම් නැති ටේහ්‍යුන්ග් වෙන්න ඕනී.. මට විශ්වාසයි ඒ ටේහ්‍යුන්ග්  නම් කවදාවත්ම මේ තරම් අසරන තත්වයකට වැටෙන්නේ නෑ කියලා.. ජිවිතය ඇතුලේ ඇති කරගත්ත සීමාවක් නැති බැදීම් නිසාම අතරමන් වෙන්නේ නෑ කියලා.. ඔව්.. මට ඒ ගැන විශ්වාසයි ..

.
.
.
.
....................................................................

Hint - වහන්න.. ගේට්ටු ඔක්කොම වහන්න.. එයාට එලියට යන්න දෙන්න එපා..

.
.

.
..................................................................

මට දුකයි.. අඩන්න ඕනී 😭😭😭

Continue lendo

Você também vai gostar

27.9K 677 37
18+ "You can't lie to me Quinn." He reached forward and grabbed her jaw in his hands, forcing a gasp from her mouth. "Not when my name is so fresh on...
53.1K 9.5K 48
🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන...
14.2K 416 34
~𝑱𝒖𝒓𝒐 𝒅𝒊𝒔𝒑𝒂𝒓𝒂𝒓 𝒔𝒊 𝒍𝒐 𝒍𝒍𝒆𝒈𝒂𝒏 𝒂 𝒕𝒐𝒄𝒂𝒓~
59.2K 11.3K 30
ඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අප...