මේ vampires ළඟේ හීන බල බල ඉදලා මට ලෙක්චර්ස් වලට යන්නත් පරක්කුවෙලා.

උදේට කෑවෙනම් රසම රස garlic bread එකක්. මගේ ආසම කෑම. රස නහර පිනා යනවා.

'සූ මින්! ඔයා පරිස්සමට යන්න' මට මගේ ඔලුව ඇතුලෙන් ඒ ගමන සද්දෙකුත් ඇහෙනවා.

'මේ මොන විකාරයක්ද වෙන්නේ? කටහඬනම් අර ඊයේ රෑ ...... නැ නෑ මොනාද මේ හිතන්නේ. මං හිතන්නේ සූ මින් දැන් ඔයාට පිස්සු හැදීගෙන එනවා.'

මං එළියට බැහැලා හයියෙන් සිංදුවකුත් දාගෙන handfree එකේ volume එක උපරිමේටම වැඩි කරගත්තා. දැන් මට කවුරුවත් කතා කරන දේවල් ඇහෙන්නෑ.

"සූ මිනා! ඊයේ කොහෙද අනේ party එක මැද්දෙදි ගියේ?"

ඔන්න ආවා නාරි මගේ ඇගේ එල්ලිගෙන වද දෙන්න.

"මං කොහේ යන්නද? මං හිතන්නේ ඊයේ මට මොනාහරි සැර දෙයක් පෙවුනා "

"ඇයි බං ඒම කියන්නේ"

"නෑ මං උදේ නැගිටිද්දී මාර හීනයක්නේ දැක්කේ"

"මොකක්ද?"

"ඒකේ උබ හරි කැතට හිටියා" මං නාරිව අවුස්සන ගමන් class එක පැත්තට ගියේ තව පරක්කු උනොත් lectures miss වෙයි කියලා බයට.

නාරිනම් හැමදාම වගේ එයාගේ bf උන jimin එක්ක lectures cut කරා.

ඒත් නාරිගේ එකම bf ජිමින් උනාට ජිමින්ගේ එකම gf නාරි නෙමෙයි කියලා මං නම් දැනන් හිටියා නාරිට නොපෙනුනාට.

උන් දෙන්නා ගැනනම් කියලා වැඩක් නෑ. අම්මලගෙන් කකා බිබී ජීවත් වෙන සොම්බී ජීවිත. ඊයේ රෑ දැක්ක හීනේ වගේ හරියට මේකිත් ඇත්තම සොම්බියෙක්ද දන්නෑ.

"අද අලුත් lecturer කෙනෙක්ලු නේද ඉන්නේ?"

"Woah! ඔයාලා එයාව දැක්කද?"

"So handsome අනේ!"

"එයාගේ ඇස් වල මහ අමුතු ලස්සනක් තියෙනවා"

Lectures room එක පැත්තට යද්දි කට්ටියම කතා උනේ මේ දේවල්. මටත් කුතුහලයක් ආවේ කවුද මේ කියලා බලාගන්නමයි.

ජනීලේ අයිනේ තිබ්බ පුටුවක වාඩි වෙලා එළිය බලන් හිටපු මට දැනුනේ කවුරුහරි class එකට එනවා.

"Good Morning ළමයි!" කියාගෙන ඇතුළට ආවේ අලුත් lecturer. හැමෝම කිව්වා වගේ එයා ලස්සනයිනම් තමයි.

කලුපාට කලිසමට ඇඳපු සුදු පාට slimfit shirt එක උඩින් දාපු කලු පාට tie එකට එයා හරි ලස්සනට පෙනුනා.

'මට කොහේදි හරි දැකලා පුරුදුයි. ඒත් කොහේද ?'

-A/N

සද්ද නැතුව මේක කියවන readersලාට ප්‍රශ්න නැද්ද ? :| 👰✨🧛🏻‍♂️ ඔයාලාට කතාව ගැන තියෙන අදහසවත් කියාගෙන යන්න :-(

'Text' - 'හිතින් හිතන දේවල්'

"Text" - "කටින් කියන දේවල්"

පටලවගන්න එපා 👀

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now