10.FAMILY | 👨‍👩‍👧

1.1K 290 21
                                    

සින්ක් එක යට කබඩ් එකේ අත පය ගැටගහලා දාලා තිබ්බ හේසොන්ව ඇදලා අරගෙන මං ඉක්මනට ජින් ඔප්පා ගාවට එක්කන් ගියේ අනිත් 3 දෙනාගෙත් උදව් ඇතිව.සිහිය තිබුණත් බය වෙලා හිටිය නිසා වෙන්නැති ටික වෙලාවකින් මගේ අත් දෙක උඩම ක්ලාන්ත උනා.

"ජින් ඔප්පා හේසොන්ට දැන් කොහොමද?"

"දැන්නම් බය වෙන දෙයක් නෑ. මං සේලයින් එකකුත් දුන්නා. පොඩ්ඩක් ඇඟ දුර්වලයි.ඔයා දැන් ගෙදර ගිහින් එන්න.. එතකන් අපි බලාගන්නම්"

හේසොන්ව ජින් ඔප්පටම බලාගන්න කියලා මං ගෙදර ආවේ අර කොල්ලො 3 දෙනා එක්කමයි. ඒ තුන් දෙනා පහළ තට්ටුවේ හිටපු යුංගීට විස්තරේ කියනකම් මං උඩ කාමරේට ආවා. හේසොන්ව හම්බුනත් හරි විස්තරයක් දැනගන්න විදියක් නෑ. නාරි ගැන ආරංචියකුත් නෑ. මගේ ඔලුව විකාර වෙලා තිබ්බේ.

📳 ~Appa ➡️ Incoming call

Hello !

දුව අපිට ඔයාව හම්බෙන්න ඕන. ඉන්න තැනකින් එන්න. Hurry Up!

දෙ අප්පා. මං එන්නම්.

පහළ තට්ටුවෙ හිටපු යුංගි දිහාට දුවගෙන ගිහින් බලන් හිටියේ හරියට පුංචි ළමයෙක් අම්මගෙන් අවසර ඉල්ලනවා වගේ

"හා හා. හැබැයි මාත් එක්ක යන්"

"ඔයා..ඔයාත් එක්ක ගිහින් මොනා කරන්නද මං තනියෙන් යන්නම්"
ඒ කතාවනම් ටිකක් සැර වැඩිද මන්දා. යුංංගිගේ මූණ දුකෙන් පිරුණා.ඒත් මෙයාව එක්කන් ගිහින් තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න මට ඕන්නැ.

"හ්ම්ම් oky. මං ඇතුළට එන්නැ. එක්කන් ගිහින් එක්කන් එන්නම්."

හවස 3 වෙද්දි අප්පාලගේ ගෙදරට ආවා. මං බැහැලා යද්දී යූංගි බලන් හිටියේ අනේ මාවත් එක්කන් යන්න වගේ මූණකින්.

ගෙට ගොඩ වෙද්දි මං එන්නත් කලින් අමුත්තො ඇවිත් ඔම්මා හදපු කුකීස් ගිලිනවා පුටුවක් උඩට වෙලා.

"අහ් මිනා ගොඩ කාලෙකින් ! ඔම්මයි අප්පයි නැ කියලද හිතන් ඉන්නේ"

'හිටියත් ඉතිං නැ වගේනේ' හිතමින් "අනියෝ ඔම්මා මේ දවස් ටිකේ වැඩ වැඩී. Exam ලඟයිනේ."

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now