6.HOUSE HUSBAND | 🏠👨🏻‍💼

1.1K 298 40
                                    

මට නින්ද යන්නෑ. මහන්සියටද මේ ?

'යූංගී ! ඔයා ඇහැරිලාද?'

යූංගිත් නිදි නැද්ද කියලා බලන්න මං අර telepathy පොඩ්ඩක් use කරා. ක්ශනිකයෙන් මට පිළිතුරු හම්බුනේ එහා කාමරේ හිටිය කෙනාගෙන්

'ම්ම්..මං එන්නද?'

'කොහේ එන්නද? ඔන්න ඔහේ ඉන්නවා ඔහෙට වෙලා. මෝඩ වැම්පයර්'

'අනේ මෝඩියේ වැම්පයස්ලාට නිදාගන්න ඕන්නෑ'

'එහෙනම් මොකටද ඇඳක්'

'ඇඳද? මං ඇවිල්ලම ඉතිං කියලා දෙන්නම්කෝ'

'යා...වැම්පයර් කටවහන් ඉන්නවකෝ වදයක් වෙන්නැතුව'

'ඉන්න ඉන්න මං එන්න. අද ඔයාට නිදාගන්න ඕන්නෑ '

බිත්තියෙන් වෙන් වෙලා තිබ්බ කාමර දෙකට වෙලා හිත්වලින් කතා කර කර ඉද්දි එකපාරටම මගේ කාමරේ දොර ඇරුනා. මං ඉස්සරහාට දුවගෙන ගියේ දොර හරස් කරලා යූංගිට එන්න දෙන්නේ නැති වෙන්න. ඒත් මං පරක්කු වැඩී

එයා මගේ පැත්තට අඩියෙන් අඩිය එනවා.

'මෙ යකා මොකට එනවද මන්දා' මාත් බිම බලාගෙනම පස්සෙන් පස්සට ගියා.

'බේබ් අද රෑ ඔයාට කවදාවත් අමතක වෙන එකක් නෑ'

තව යන්න තැනක් නෑ. ඉතුරු බිත්තිය විතරයි.එයාගේ ඇස් වල වෙනදා තිබ්බට වැඩිය අමුත්තක් තිබ්බා.ඕන දෙයක් උන දෙන් දැන් ඉතින් තව වෙන්න දෙයක් නෑනේ කියලා හිතලා ඇස් දෙක තද කරගත්තා. එයාගේ හුස්ම මට වදින තරමටම දැන් ළං වෙලා. එයාගේ ගාවින් දැනෙන සුවඳ මට තවත් දරාගන්න බැ. මෙයා මාගේ හිත පාලනය කරනවද දන්නෙත් නෑ. අනේ ඇයී.......?

ඒත් තප්පර කිහිපයක් ගියත් කිසිම හැලහොල්මනක් නැති නිසා මං ඇස් අරිද්දි ඇඳ උඩට වෙලා යූංගී පොතක් කියෝනවා.

"එන්න. පාඩම් කරමු"

"ආයිශ්.. මගේ ඇගේ ලේත් වතුර උනා."

"මිනා...මං බීලා තියෙන රසම ලේ තියෙන්නේ ඔයාට බේබ්. ඔයා ගාවින් එන ඒ සුවද මාව පිස්සු වට්ටනවා.. ආයිශ් මට ආයේ පාරක් කන්න හිතෙනවා.ම්ම්ම්" අනේ මන්දා මෙයාව තේරුම් ගන්නමම් අමාරුයි. ඒත් මං එයා ගාව හරි සැහැල්ලුවෙන් හිටියා.

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now