3.KISS | 💋

1.3K 327 57
                                    

අවුරුදු 21 උනත් මම තාම මගේ 1st kiss එකවත් දීලා තිබ්බේ නෑ.kiss එකක් තියා මට bf කෙනෙක්වත් ඉඳලා නෑ.

ඒක දෙන්න වෙලා තියෙන්නෙත් දැන් මේ යකාටද?

එයා මගේ ඇස් දිහා බලලා "මට සමාවෙන්න මගේ පණ"

ඇයි මෙයා මගෙන් සමාව ඉල්ලන්නේ කියලා හිතුනත් එයා එයාගේ අතින් මගේ ඉන අල්ලගෙන එයාගේ පැත්තට තුරුලු කරා. මං එයාගේ පපුවට අත තියලා ඈත් වෙන්න හැදුවත් මට දැනුනේ කමිසයට යටින් තියෙන එයාගේ ශරීරයේ හැඩය එයාගේ ගැහෙන හතවතේ රිද්මය.

මගේ පපුව ගැහෙන වේගය වැඩි උනා. හුස්මේ ඒකාකාරිත්වය නැති උනා.

අතින් ගිලිහෙන්න දඟලන මං දැක්කේ කලින් හපපු දත් පාර මෝදු වෙලා අත පුරා ඉදිමිලා තිබ්බ විදිය. මගේ හිතට අනුකම්පාවක් දැනුනා.

'ඇයි මේ මනුස්සයා මෙච්චර මෙහෙම?! අනික මට ආදරේ කරන්න?!'

ඕන දෙයක් උනදෙන් කියලා ඇස් පියා ගත්තේ මේක එක kiss එකක් විතරයිනේ. කමක් නෑ.

ඇස් දෙක තදින් පියා ගත්ත මට එයාගේ හුස්ම වැටෙන සද්දෙ පවා ඇහෙන තරමට මුළු පරිසරයම නිහඬ උනා.

"සමාවෙන්න මගේ පණ" මගේ කන් පෙත්තේ ගැටුන තොල් වලින් එයා හිමීට මිමිණුවා.

තොල් වලට බලාපොරොත්තු උන ඒ Kiss එක මට දැනුනේ මගේ උරහිස මත දගලන එයාගේ තොල් පෙති වලින්. ඒවා මගේ බෙල්ල පුරා ඇඳුනේ චිත්‍රයක් වගේ. වැඩි වෙලාවක් යන්න කලින් මට ලොකු වේදනාවක් දැනුනා.

මං දැක්කේ මගේ බෙල්ලේ හපපු එයාගේ දත් පාර. මගේ ලේ බොන ගමන් මාව හයියෙන් එයාගේ තුරුලේ රඳවගන හිටියා.

මේ වගේ උණුහුමක් මට කවදාවත් දැනිලා නැ. මං ඒකට ආස කරා.මට ටික වෙලාවකින් මගේ ඇඟිලි තුඩු පණ නැති වෙලා ඇඳගෙන වැටෙනවා වගේ දැනෙනවත් එක්කම මං නැගිට්ටුනේ alarm එක වැදෙන සද්දෙට මගේ කාමරේ ඇඳ උඩින්.

මොකක් මේ සේරම හීනයක්ද? සූ මිනා මේ දවස් වල ඔයා films බලනවා වැඩී වගේ කියාගෙන මං ඇඳෙන් නැගිටලා වෙච්ච දේවල් ආයේ මතක් කරන ගමන් wash එකක් දා ගත්තා.

"අනේ ඒ වගේ කොල්ලෙක් මට ඇත්තටම හම්බුනානම් ! හැබැයි vampire කෙනෙක් නැතුව"

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now