1.HALLOWEEN PARTY | 🎃

2.9K 375 42
                                    

හැමදාම halloween එකට අදින මං ගාව තිබ්බ එකම එක කඩා හැලෙන රතු පාට දිග ගවුමත් ඇදගෙන මං නාරි ගේ apartment එකට ගියේ අද halloween නිසා කට්ටිය එක්ක කොහේහරි යන්න හිතාගෙන.

"අයිගෝ! අදත් ඕකද? මේ halloween දවස. let's fun. ඕක හරියන්නෑ.:|"

ලස්සන කලු පාට dress එකක් ඇඳන් හිටපු නාරි මගේ අතින් අදින ගමන් කෑ ගැහුවා.

"මං හිතන්නේ ඔයාට හරියන මොකක් හරි ඇඳුමක් මං ගාව ඇති."

මාව එක්කන් ගියේ එයාගේ කාමරේ ඇතුළට.

ඇඳුම්, සපත්තු, බෑග්, accessories වලින් පිරිලා තිබ්බ අල්මාරියෙන් එයා ගත්තේ දිග සුදු පාට ලස්සන ගවුමක්.

"මේකනම් ගානට හරියයි" මගේ ඇඟට තියෙන ගමන් හැඩ බැලුවා

මාත් ඒක ඇඳගෙන ආවේ යාලුවගෙන් උනත් තව කතා අහන්න බැරි නිසා

"Wow.... You look sexy bride! " එයා දිග වේල් එකකුත් මගේ ඔලුවේ රැදෙව්වේ හිනා වෙන ගමන්මයි.

Simple Make Up එකකුත් දාලා මගේ කොණ්ඩෙත් ලස්සනට හදලා එයා මගේ දිහා හරි අමුතු විදියට බැලුවා.

"Woah! You Look fuckin' Hot සූ මින් ! මං දන්නෑ ඔයාට තාම කොල්ලෙක්වත් නැත්තේ ඇයිද කියලා "

මං තමයි සූ මින් ! පොඩි කාලෙම පවුලෙන් වෙන් වෙලා තනියම තමයි හැදුනේ. එයාලට මට වඩා සල්ලි ලොකු නිසා business වලටම හිර වෙලා ඉන්නවා. හැබැයි මට වෙලාවට සල්ලිනම් එවනවා. මම 2nd Year university  Student කෙනෙක්.

එතකොට නාරි කියන්නේ මගේ යාලුවා. අපි එකම university එකේ තමයි ඉගෙන ගන්නේ. මං ඇබ්බැහි උනේ පොතට විතරමයි. ඉගෙන ගන්න දක්ෂ නිසාම top student උනා 1st year එකේ අවුරුදු 21ක් වෙලත් මට කොල්ලෙක් හිටිය නැති එක ගැනනම් පුදුමයක් නෑ. මං තමයි අපේ university එකේ boringම කෙල්ල. කවුද කැමති මං වගේ කෙනෙක්ට?

අද halloween දවස. නාරිගේ යාලුවෙක්වුන හේසොන්ගේ ගෙදරට අපි පිටත් උනේ ගෙදර තිබුන party එකට join වෙන්න ආපු ආරාධනාවකට.

ගෙදරට ඇතුල් වෙනවා එක්කම අපේ දිහාට දුවගෙන ආව හේසොන්.

වැඩි කතා බහක් නොතිබ්බත් මගේ ළඟ ඉන්න යාලුවගේ යාලුවෙක් නිසා මටත් සිද්ධ උනා එයාගේ යාකුවෙක් වෙන්න.

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now