1.HALLOWEEN PARTY | 🎃

Start from the beginning
                                    

මම පහළට එද්දි කවුරුවත්ම හිටියේ නෑ. එයාලා කොහේ යන්න ඇතිද මේ රෑ?

පාර දිගේ තනියම ඇවිදගෙන ආපු මට අමුතු සීතලක් දැනුනා. බස්සෙක්ගේ "හ්ම් හ්ම්" හඬ විතරක්ම ඇහෙන පාලු පාරක මං හෙමින් හෙමින් ආවා.

සැරෙන් සැරේ Phone එක දිහා බලුවාත් වෙලාව 11:53pm වෙලා තිබුනේ 12:00 වෙන්න තව ටික වෙලාවක් කියන එක මතක් කරමින්

කනත්තක් වගෙ හැමතැනම පෙනුනේ. මං ඉස්සරහටම ඇවිදන් ගියේ මේක යාලුවො එකතු වෙලා කරපු prank එකක් කියලා හිතාගෙන.

මගේ කකුල ගලක හැප්පෙනවත් එක්කම පල්ලියේ ඔරලෝසු කණුවේ 12:00am වෙන සීනුව නාද උනා.

යාලුවො හොයන එක පැත්තකට දාලා ඕන දෙයක් උන දෙන් කියලා මං හැරුනේ ආයෙත් ගෙදර යන්න. ඒත් මට තනියම නැගිටින්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

ඈතින් දැකපු torch එලියක් නිසා

"Anyone here ?! Please help me" මං මට පුලුවන් උපරිමයෙන් කෑ ගැහුවා. ඒ එක්කම එළිය ලොකු වෙන ගමන් මගේ ළඟට ආවා.

"Miss ?! මොකද උනේ?" වයසක මනුස්සයෙක් මගේ දිහාට නැමෙන ගමන් ඇහුවා.

"අජුස්සි ! මගේ කකුල වැදුනා. මට ගෙදර යන්න උදව් කරනවද ? මගේ යාලුවෝ මඟ බලන් ඉන්නවා ඇති මං එනකම්"

එයා මට අත් වාරුව දෙන ගමන් මාව එක්කන් ගියේ පාර කෙළවරට වෙන්න තිබ්බ විශාල ගහක් යටට.

"අජුස්සි ! ඔයා ටිකක් සුදු මැලි වෙලා වගේ. සීතලයි නේද අද ගොඩක්? ඔයාද මේ ගෙදර අයිතිකාරයා"

ගහේ අතු අතරින් මට පෙනුන මාලිගාවක් වගේ ගේ දිහාට ඇගිල්ල දික් කරන ගමන් මං ඇහුවා. මට ඒ හැමදේම දැනගන්න ඕන උනේ එයා කවුද ? මං එයා එක්ක මෙහෙම තනියම ඉන්න එක ආරක්ෂිතද ? ඒ ගෙදරට ගියොත් මාව කවුරුහරි බේරගනීද කියල ප්‍රශ්න වැලකට උත්තර හොයමින්. ඒත් මට ඒ කෙනාගෙන් ලැබුන උත්තරේ නිසාම ජීවිතේ අනියත බව දැනුනා

"නෑ. හැබැයි අවුරුදු 400 ක් තිස්සේ මං මේ මාළිගාවට සේවය කරනවා."

"400ක් ?"

මගේ කට ඇරුනා. ඇඟිලි තුඩු වලට තද සීතලක් දැනුනා.

මේ වගේ වෙලාවක මේ වගේ විහිළු කරන්න මේ මනුස්සයට පිස්සු ඇති. මං හිතුවත් ඒක එහෙම නෙමෙයි කියලා දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැත්තේ මගේ මතකයට ආපු සිතුවිල්ලක් නිසා.

-A/N

ටිකක් වෙනස් කතාවක් වගේනම් තමයි.
සූ මින් කියන්නේ පොත් ගුල්ලෙක් කිව්වොත් හරි. එයාගේ boring life එක වෙනස් වෙන්නේ මේ October halloween සුළඟ නිසා කියලා හිතන්නෙවත් නැතුවැති. එතකොට ඇත්තටම කවුද මේ vampire prince ?! ඇයි අනිත් අය අතුරුදහන් උනේ?

මේ දේවල් දැනගන්න දිගටම කතාව එක්ක ඉන්න.

කතාවේ එන සමහර තැන් ටිකක් තේරුම් ගන්න අපහසුයි වගේනම් අහන්න.

මතක ඇතුව vote කරන්න. Comment කරන්න චිංගු. මේ මගේ 1st ff එක. 🧛🏻‍♂️✨ වැරදි තිබ්බොත් කියලා දෙන්න.

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now