1.HALLOWEEN PARTY | 🎃

Start from the beginning
                                    

"Woah ! අද සූමින්ගේ ලස්සන. කොල්ලෝ ටික දැක්කනම් පිස්සු හැදෙයි."

"Shut Up හේසොන් !"

නාරිගේ කටේ සද්දෙ play උන song එකටත් වඩා හයියෙන් අනිත් හැමෝටම ඇහුනා.

"ම්ම්.. කොල්ලොත් ඉන්නවද?! මට කිව්වේ girls only කියලනේ" මං වැඩි දේවල් කියන්න කලින් එයා මගෙන් university එකේ මේ දවස් වල වෙන දේවල් අහ අහ topic එක වෙනස් කරන්න try කරා.

මං හිතුවට වඩා මේක ලොකු party එකක් කියලා දැනුනේ උඩ තට්ටුවේ බිබී නටන, smoke කරන කෙල්ලො කොල්ලෝ දැක්කම.

හිතන විදියට මේ ඔක්කොම අපේ uni එකේ ළමයි. ඒත් එයාලා මං දිහා බැලුවෙනම් නිකන් alien කෙනෙක් දිහා බලනවා වගේ.

ඉස්සරහාට ඇවිඳන් ගිය මට දැනුනේ මගේ ඉන වටෙන් අල්ලන අතක ස්පර්ශක්. පිටිපස්සට හැරෙනවත් එක්කම

"Who the hell are you man?!"

මං දන්නවා මං මෙතනට ආපු එක වැරදි දෙයක්. මට එවලේ දැනුනේ මගේ පපුව කඩන් වැටෙන තරම් බයක්.

"Vampire prince"

"වැ..වැ.. වැම්පයර් ?!"

"හ්ම්. දන්නවද?"

"නෑ"

"ඒක හොඳයි."

මගේ ඉනෙන් ඇඳලා එයාගේ පපුවේ ගෑවෙන තරමට මාව ළං කරගත්තා.

එයාගේ ළඟින් ආවේ alcohol සුවඳ විතරමයි. එයාගේ හීනී ඇස් දෙකෙන් එයා බලන් හිටියේ මගේ ඇස් දිහා.

"ක්..කවුද ඔයා?"

"මං තමයි vampire prince" එයාගේ gummy smile එකෙන් මට ඉඟි කරා ඊළගට වෙන දේනම් හොඳ දෙයක් නෙමෙයි කියලා.

"කුමාරයෙක් ද?!"

"ඔව්, මගේ කුමරිය ඔයානේ "

එයා මාව තවත් ළඟට ගන්න මගේ ඉන එයාගෙ අත් වලින් ඉස්සරහට තල්ලු කරා. මං දැනුනා මාව මෙතන බේරගන්නනම් කවුරුවත් නෑ කියලා.

මේ මොන විකාරයක්ද මූ කියවන්නේ කියලා හිතන ගමන් එයාගේ අත ගසා දාලා මං ඈතට යන්න දැගලුවත් එයා මට වඩා ශක්තිමත් බව දැනුනා.

මගේ දත් වලින් එයාගේ අත නිල් වෙනකන් හපලා එයාගෙන් බේරිලා මං එළියට ආවේ නාරිව හොයාගන්න. ඒත්...

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now