- [8]Pain -

890 234 24
                                    

"ජියා"

යුන්ගි car එකෙන් බැස්සේ පුදුමෙන් ජියාගේ නම කියන ගමන්.

"කොහේද යන්නේ? කාත් එක්කද මේ යන්නේ?" ජියා ලගට ආව යුන්ගි ඇහුවේ ජිමින් දිහා බලන ගමන්.

"ආහ් යුන්ගියා,ඔයාද මේ..
මේ ඉන්නේ ජිමින්. මන් academy එකේ ඉගෙනගත්තේ මෙයාගෙන්. ඒ වගේම මන් එයාගේ dancing partner. ජිමින්, මේ ඉන්නේ යුන්ගී. මගේ ලගම යාලුවෙක්"

'ආහ් මෙයාද එදා ජියා එක්ක dance කලේ.'

'ආහ් මෙයාද එදා ජියාව බදාගෙන හිටියේ'

"Mannaseo bangawayo(nice to meet you) හ්‍යොන්ග්" ජිමින් ලාවට බොරු හිනාවක් දානගමන් අතදුන්නත් යුන්ගිගේ මූනේනම් කිසිම හොද පාටක් තිබ්බේ නෑ. ඒත් ජියාගේ academy එකේ නිසා යුන්ගි අකමැත්තෙන් වුනත් ජිමින්ට අත දුන්නා.

"ඒත් මේ වෙලාවේ කොහෙද යන්නේ?මට කිව්වෙවත් නෑනේ ඔයා යනවා කියලා කොහේහරි" යුන්ගි ජියා දිහා බලාගෙන ඇහුවා.

"ආහ්.මට කියන්න අමතක වුනානේ. 1st round එකෙන් first place ගත්ත නිසා team එක පාර්ටි එකක් දානවා.ඒකට යන්නේ. ඒත් ඔයා මේ වෙලාවේ මොකද ආවේ?"

"මන්.. මන්... මේ ලගට යනගමන් ආවේ. ඒක වැඩක් නෑනේ. කීයටද ඉවර වෙන්නේ?" යුන්ගි ආවේ ජියාව මුනගැහෙන්න වුනත් දැන් තියෙන තත්වේ හැටියට ඒක කියන්න හිතුනේ නෑ.

"ටිකක් රෑ වෙයි. මන් පරිස්සමට එනවා. බයවෙන්නෙපා.යාහ්..මන් පොඩි ලමයෙක් නෙවෙයිනේ." ජියා හිනාවෙන ගමන් කිවුවේ යුන්ගිගේ මූණ අවුලෙන් කියලා දැක්ක නිසා.

"එහෙනම් මන් යන්නම්. මන් ආව ගමන් call එකක් දෙන්නම්.ඔයාත් පරිස්සමට යන්න." කියලා ජියා ජිමින් ඇරපු දොරෙන් කාර් එකට නගින්න හැදුවත් යුන්ගි කෙල්ලගේ අතින් අල්ලගත්තේ නගින්න හදනකොටමයි. ජිමින් ඒක දිහා බලන් හිටියේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක.

"ජියා... මන් ඔයාව එක්කන් යන්නද? මට ඔයා මෙහෙම යවන එක ගැන හොද හැගීමක් දැනෙන්නේ නෑ" යුන්ගි කෙල්ලව නතර කරන ගමන් කිවුවා.

"අයියෝ.. මන් ගැන වද වෙන්නෙපා. මන් ගැන දන්නවනේ.මන් පරිස්සමෙන් ගිහින් එනවා. මාව විශ්වාස කරන්නකෝ" කෙල්ල හිනාවෙන් ගමන් කිවුවා.

I Belong To You | PJM | ✔Where stories live. Discover now