ජියා හෙමීට ඇස් අරින්න උත්සහ කලේ,දැනෙන ඔලුව කැකුම එක්ක ඒක කරන්න අමාරු වුනත් තමන් මේ කොහෙද ඉන්නෙ කියලා හරියටම දැනගන්න ඕනෙ නිසයි. ඇස් ඇරපු ජියාට දකින්න ලැබුනෙ තද අඳුරක් විතරයි. ඒ වගේම මුහුදු රළ වදින සද්දයකුත් ඇහෙනව වගේ ජියාට තේරුනා.
ජියා අඳුරට බය නොවුනත් තමන්ගෙ අත් කකුල් පුටුවට ගැටගහල තියෙන බව දැනුන නිසා ජියාගෙ හිත ටිකක් ගැස්සුනා.
'මුහුදෙ සද්දෙ! මන් මේ කොහෙද ඉන්නෙ.. ආයෙමත් මෙහෙම වුනේ කොහොමද!! ජන්ග්වොන් අජශ්ශි? ආයෙමත් මේ ඔයාද? ඇයි මාව මේ ගැටගහලා තියෙන්නෙ!' ජියාගෙ හිතේ දාහක් ප්‍රශ්න ගොඩ ගැහුනා.
ජියා කොච්චර උත්සහ කලත් අත් දෙක පොඩ්ඩක්වත් බුරුල් කරගන්න ජියාට බැරිවුනා.
එන්න එන්නම වෙලාව යනකොට දැනෙන සීතල පොඩ්ඩක් හරි අඩු වුනේ ජිමින්ගෙ කෝට් එක නිසා වුනත් වතුරවත් නැති නිසා ජියා හිටියෙ ටිකක් අමාරුවෙන්.
එක පාරටම ජියා හිටපු අදුරු කාමරේ ලයිට් පත්තු වුනා. ඒ එලියට හුරු වෙන්න අමාරු වුන ජියාගෙ ඇස් තද වුනත් ටික වෙලාවකින් ජියා දැක්කා එයා හිටපු කාමරේ මොන වගේ එකක්ද කියලා. ඒක හරිම අලුත් විදිහට හදපු ලස්සන දිග රූම් එකක් වුනත් වෙනසකට තිබුනෙ ඒකෙ තිබුනෙ පුටු දෙකක් විතරක් වුන එකයි. එක පුටුවක ජියාව ගැට ගහලා තිබුනා වගේම අනිත් පුටුව ජියාගෙ ඉස්සරහ හිස්ව තිබුනා.
ඒත් එක්කම ඇරුන දොරෙන් ඇතුලට ආවෙ හැඩි දැඩි මිනිස්සු හතර දෙනෙක්. එයාලා කාමරේ කොන් හතරෙන් හිටගන්න අතරෙ එක්කෙනෙක් දොර ආපහු ඇරියා. ඒකෙන් ඇතුලට ආවෙ වෙන කවුරුත් නෙවෙ...
ඒ පාර්ක් ජන්ග් වොන්..
"ක්වන් ගෲප් වල අනාගත අයිතිකාරිය.. මිස්ටර් ක්වන්ගෙ එකම දුව.. ක්වන් ජියා.." ජන්ග්වොන් අත්පුඩි ගහන ගමන් අමුතු විදිහට හිනාවෙන අතරෙ ඇවිත් හිස් පුටුවෙ ඉඳගත්තා.
ජියාට ඇත්තටම දැනුනෙ ලොකු කේන්තියක්...
කේන්තියටත් වඩා,තමන්ගෙ තාත්තගෙ ලඟින්ම ඉඳගෙන මෙහෙම හැසිරෙන මනුස්සයෙක්ව දැක්කම ජියාට දැනුනේ ඒ කේන්තිය පරාද කරන් හිතේ ඇඳුන පිලිකුලක්...
BẠN ĐANG ĐỌC
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... අදුරු ලාගෙන වහිනකොට වැහි, සිත් ඉමට පාළුව අරන්, රැගෙන උණුහුම එන්න හනිකට, හිත් ඉමේ පාළුව මකන්.. නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹ...