- [2]Ambulance Horn -

1.5K 292 38
                                    

අවුරුද්දකට පමණ පෙර

කොරියාවට ඇවිත් නැවතුන අලුත් ගෙදර උඩ තට්ටුවේ තමන්ගේ කාමරේ බඩු ටික අස්කරන ගමන් හිටපු කෙල්ලට තාත්තා පහල තට්ටුවේ කතා කරන සද්දේ ඇහිලා පහලට එන ගමන් හිටියේ.

"ජියා.."

"ඔව් අප්පා. කියන්න"

"ඔන්න මන් ඔයාව මෙහෙ Dancing Academy එකකට දැම්මා. England වල ඉන්න කාලේම ඔයා කලේ studies වලයි අපේ businessවලයි හිර වෙලා හිටපු එකනේ.එකෙන් වුනේ ඔයා ආසාවෙන් හිටපු දේවත් කරන්න බැරි වුන එකනේ.ඒ නිසා දැන්වත් කරන්න."

"ඒත් අප්පා, මන් තාම.."😳😳

"ඒත් මේත් කතා එපා ජියා. මන් දන්නවා ඔයා dancing වලට කොච්චර ආසද කියලා"

"මේ අහන්නකෝ අප්පා.." ජියා තාත්තා වාඩිවෙලා හිටපු සෝෆා එකලගට ගිහින් තාත්තා ලග බිම ඉදගෙන එයාගේ ටිකක් වයසට ගිහින් තිබුනත් තාමත් හරිම ආදරනීය බව පිරුනු මූණ දිහා බැලුවා.

" මන් dancing වලට කැමති බව ඇත්ත, ඒත් academy එකකට යන්න තරම්..
ඒක ටිකක් වැඩි නැත්ද?"🤔

"ඒ academy එක අයිති group එකේ owner මගේ හොද යාලුවෙක්. ගිහින් බලන්නකෝ.ඔයා කැමති වෙයි.අලුත් යාලුවෝ ටිකකුත් හොයාගන්න ලැබෙයි."

ජියා කොච්චර මුරන්ඩු වුනත් අප්පා කියන දේට පිටින් යන්න අකමැති වුනේ දන්න කාලෙක ඉදන් ඔම්මත් නැතුව business එකේ වැඩ අස්සෙත් තමන්ව ආදරෙන් පරිස්සමෙන් බලාගන්න අප්පා ගොඩාක් කැපකිරීම් කරපු බව ජියා දන්න නිසයි. ඒ නිසා England වල ජීවිතේට හුරු වෙලා ඉදලා එකපාරට එහෙ ඉදන් ආපහු Korea එන්න අප්පා ගත්ත තීරණේට වගේම අප්පා දැන් කිවුව දේටත් ජියා එකග වුනා. මොකද අප්පා තමන් වෙනුවෙන් dancing academy එකක් පවා හොයලා දුන්න එකේ ඒ අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න කෙල්ල හිතුවා. පොඩිකාලේ ඉදන්ම dancing වලට කැමති වුනත් Korea ඉන්න කාලේ ඒ ගැන ලොකු උනන්දුවක් තිබුනත් අවුරුදු 12දි විතර England වලට ආවට පස්සේ dancing ටික ටික කෙල්ලගෙන් ඈත් වෙලා ගියා.ඒ කෙල්ල dancing වලට අකමැති නිසා නෙවෙයි, ඊට වඩා fashion designing වලට කෙල්ලගේ තියෙන කැමැත්ත වැඩි වුන නිසයි. ඒ නිසා කෙල්ල ගොඩාක් ආසාවෙන් වගේම ආදරෙන් ඒ side එක ඉගෙන ගත්තා. තාත්තා ජියා වෙනුවෙන්ම group එකේ fashion line එකක් හැදුවෙත් කෙල්ලගේ දක්ශකම නිසාම තමා. කොච්චර වගකීම් තිබුනත් ජියාගේ සෙල්ලක්කාර දඩබ්බර මුරන්ඩු ගතියනම් කවදාවත් නැතිවුනේ නෑ.ඒත් එහෙමයි කියලා කවදාවත් එයාගේ වගකීම් මගෑරියේ නෑ.

I Belong To You | PJM | ✔Where stories live. Discover now