"ඔපරේශන් එක සාර්ථයි. තව ටිකක් වෙලා යයි පේශන්ට්ට සිහිය එන්න. සිහිය ආවම එයාව නෝර්මල් වෝඩ් එකට දාන්නම්.එතකන් ඔයාලා එලියෙන් ඉන්න."
පැය ගානකට පස්සෙ ඔපරේශන් රූම් එකෙන් එලියට ආව ඩොක්ටර් එහෙම කියද්දියි ජියාට තමන් ජීවත් වෙන බව දැනුනෙ.
ඩොක්ටර් ඇවිදගෙන යන අතරෙ යුන්ගි ජියාව වත්තම් කරගෙන එතන තිබුන පුටුවක ඉන්දවල එයාගෙ එහා පැත්තෙන් ඉදගත්තා.
"එයා.. හොඳින්.. එයා අන්තිමේදි.. හොඳින්.." සතුටු කඳුලු බේරෙන අතරෙ ජියා එහෙම කිවුවේ හිනා වෙලා.
"ජියා...තව ටිකකින් හේජින් එක්ක ටේ වගේම අනිත් අයත් එයි ඕන දේවල් අරන්.එතකොට ඔයා ගිහින් චේන්ජ් කරගෙන එන්න." යුන්ගි කිවුවෙ ජියාගෙ ඔලුව හිමින් අතගාන ගමන්.
ජියා ඔලුව වනන අතරෙ එතනට ආපු නර්ස් එයාගෙ අතේ හිටපු ලමයව යුන්ගිගෙ අතට දුන්නා.
වුන කිසිම දෙයක් නොදන්න ඒ අහිංසකයා බඩ පිරෙන්න කිරි බීලා හොඳට නිදාගෙන හිටියා."යුන්ගි.. මේ දරුවා.."
"මන් එයාව හදාගන්නවා ජියා"ලමයා දිහා බලන් යුන්ගි කිවුවෙ ස්ථීර හඬකින්.
"ඒත් යුන්ගි ඔයා එහෙම කරන්නම ඕනෙ නෑ..ඔයාට පුලුවන් එයාව.."
"නෑ ජියා.. මන් මෙයාව බලාගන්නව. මන් මෙයාගෙ තාත්තා වෙනවා. වුන කිසිම දේකට මේ අහිංසකයා වැරදි නෑ...
ඒ වගේම...
ඒ වගේම ඔයාට ඇර වෙන කෙනෙක්ට ආදරේ කරන්න මම දන්නෑ ජියා..
ඒ නිසා ඒ හැමදේම මෙයා වෙනුවෙන් දෙන්න මන් උත්සහ කරනවා.." යුන්ගිගෙ කදුළු පිරුනු ඇස් ජියා දිහා බැලුවා."යුන්ගියා මන්.."
"මන් දන්නවා ජියා. ඔයාට බෑ මට ආදරේ කරන්න.. මන්..මන් දන්නවා ඔයා ජිමින්ගෙ විතරක් වෙන බව.. ඔයාගෙ ආදරේ මට නොලැබුනා කියන එකෙන් මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම් වෙනස් වෙනවා කියන එකක් අදහස් වෙන්නෑ.
ඔයාගෙ ඕනෙම දුකකදි සහෝදරයෙක් වගේ හරි මන් ඔයා ලඟ ඉන්නවා..""යුන්ගියා.. මට... මට.. සමාවෙන්න.." එයා වෙනුවෙන් හැම මොහොතකම හිටපු යුන්ගිට, එයාගෙ හදවත දෙන්න බැරි බව ජියා දැනගෙන හිටියා.
YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... අදුරු ලාගෙන වහිනකොට වැහි, සිත් ඉමට පාළුව අරන්, රැගෙන උණුහුම එන්න හනිකට, හිත් ඉමේ පාළුව මකන්.. නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹ...