-[5]Murder or Suicide-

975 252 38
                                    

"ජියා මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනේ.."

එහෙම කියපු ජිමින් දිගටම ජියාගේ මූන දිහා බලන් හිටියේ ඊලගට කියන්න ආපූ දේ නවත්තලා කල්පනා කරන ගමන්.
'අහනවද... නැත්ද.. අහනවද.. නැත්ද..අහනවද... නැත්ද.. අහනවද.. නැත්ද..'
ජිමින්ගේ හිත ඇතුලේ මෙහෙම යුද්ධයක් වුන බව ජියා දන්නේ නැති වුනත් ජියත් හිටියේ හොදටම කලබල වෙලා.ඒ නිසා ජියාත් ජිමින් දිහාම ගල් වෙලා වගේ බලන් හිටියේ ඊලගට මොකක් කියයිද කියලා දැනගන්න.අන්තිමට ජිමින්ගේ හිතේ ඇතිවුන ද්වන්ධ සටනින් දිනපු පැත්ත කතාකරන්න පටන් ගත්තා.

"යූනා ඔයාට කියලා දීලා නැත්ද ආව ගමන් warm up එකක් කරන්න ඕනේ කියලා.ඒකටත් මන් එනකම්ද බලන් ඉන්නේ?"🤨

'යා පාබුයා..මෙච්චර වෙලාවක් ඉදලා මොකක්ද ඒ ඇහුවේ.. වෙන දෙයක් මතක්වුනේම නැත්ද?! 😓ජියා මොනා හිතනවද දන්නෑ' අහන්නෑ කියලා හිතුන වෙලාවේ වෙන කිසිම දෙයක් මතක් වුනේ නැතුව අහපු මෝඩ ප්‍රශ්නේ නිසා තමන්ටම බැනගන්න ගමන් ජිමින් හිතුවා.

'ආ!! මොකක්!!! මෙච්චර වෙලා මාව බැදලා කන්න වගේ බලන් ඉදලා අන්තිමට මේකද අහන්න තියෙන්නේ? 😳මොන පිස්සෙක්ද මන්දා.. වෙනසක් නෑ, ඉස්සර වගේම මොන්ගල්😒' කියලා හිතපු ජියා,

"ආහ් නෑ.. නෑ.. මන් මේ කිවුවේ කියලා දීලා තියේ.. අද පොඩ්ඩක් අමතක වුනා." කෙල්ල බොරු හිනාවක් දාන ගමන් කිවුවා.

"හරි අපි එහෙනම් පටන් ගමු. අද උගන්නන ටික හරියට කරලා පෙන්නලා මිසක් ගෙදර යන එක ගැන හිතන්නවත් එපා." කියලා ජිමිනුත් කිවුවේ,

'ඉස්සර මට උගන්නපු පාඩම් වලට ඔයාට ගොඩාරියක් සලකන්න තියෙනවා ජියා'කියලා හිතන ගමන්.

"දේ..." කෙල්ල ඔලුවත් බිමට නවන් කිවුවා.

දවල් වෙනකම්ම ජියාට steps ටිකක් උගන්නන්න ජිමින් ලොකු කට්ටක් කෑවා. මොකද ජියා තාම හිටියේ මුල.ඒක නිසා ජිමින්ට එකම step එක සිය පාරකටත් වඩා ජියාට කියලා දෙන්න වුනා. ජියා නටන දිහා බලන් ඉදලා ජිමින්ට ගොඩාක් වෙලාවට හිනායන්න ආවත්, ආපහු නපුරු මූනක් මවාගෙන ජියාට කියලා දෙන්න පටන් ගන්නේ නැත්තම් ජියා කවදාක්වත් මේක හරියට ඉගෙනගන්නැති බව දන්න නිසයි.
උගන්නලා අන්තිමට කියලා දුන්න steps ටික කරලා පෙන්නන්න කිවුව වෙලාවේ ජියා ඒක වරද්දපු නිසා ජිමින්ට ටිකක් කේන්ති ගියා. ඒකට හේතුව වුනේ ගොඩාක් වෙලාවක් අරන් උගන්නපු පොඩි steps ටිකත් වරද්දපු එකමත් නෙවෙයි. පොඩි කාලේ වුන දේවල් ආයේ මතක් වෙලා හිතේ කොනක තිබුන දුකයි තරඟ ලග ලග එද්දී ජියාට ප්‍රැක්ටිස් කරන්න කාලේ වෙන් කරලත් එයා මෙහෙම හැසිරෙන එක ගැන තිබුන කලකිරීමයි ඒකට එකතු වෙලා තිබුනේ.

I Belong To You | PJM | ✔Where stories live. Discover now