- [23]Why -

745 195 96
                                    

ප්‍රසන්ටේශන් එක කොච්චර හොඳට පුරුදු වුනත් ජිමින්ව දැක්ක ගමන් ජියාට දැනුනේ ඒ හැමදේම හෙමින් හෙමින් අමතක වෙනව වගේ. වෙන කිසිම සද්දයක්වත් රූපයක්වත් නොපෙනුන ජියාට පෙනුන එකම දේ වුනේ එයාගෙ ඇස් ඉස්සරහ ඉන්න එකම එක ආඩම්බරකාරයෙක්ව විතරයි.

දිගටම වටපිට බැලුව ඒ ඇස් තප්පර ගානකට තමන් දිහා බලනවා දැක්ක ජියාට දැනුනේ හදවතේ ගැස්ම නවතිනව වගෙයි.

දිගටම වටපිට බැලුව ඒ ඇස් තප්පර ගානකට තමන් දිහා බලනවා දැක්ක ජියාට දැනුනේ හදවතේ ගැස්ම නවතිනව වගෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'ජිමින්...' ජියාගෙ හිතේ දිගින් දිගටම රැව් පිලිරැව් දුන්න එකම වචනෙ ඒකයි.

ජියා ගල් ගැහිලා ඉන්නවා දැක්ක එතන හිටපු announcer කෙනෙක් ජියා ලඟට ආවෙ එයා ඉස්සරහ තියෙන මයික් එක හදන්න වගෙයි.එහෙම ආව එයා හෙමීට ජියාගෙ අතට තට්ටු කරද්දි ජියා පියවි සිහියට ආවා.එතකොටයි ජියාට ඇහුනෙ හැමෝම කසු කුසු ගාන සද්දෙ.

'දෙයියනෙ.. මන් මොකක්ද මේ කලේ.. මේ මිනිස්සු මන් ගැන මොනා හිතයිද.. අනේ අප්පා..මට සමාවෙන්න..මට බෑ මේක කරන්න..' නරක හැඟීම් වලින් ජියාගෙ හිත පිරෙන්න ගත්ත එක්ක ජියාටවත් නවත්තගන්න බැරි වුනා. ස්ටේජ් එකෙන් බැහැල යන්න කලින් ජියා ආයෙමත් ඕඩියන්ස් එක දිහා එක පාරක් බලන්න තීරනේ කලා. ඒත් එතකොටම ජියාගෙ ඇස් නැවතුනේ එයාව දිරිමත් කරන්න උත්සහ කරන එක මනුස්සයෙක් ලඟ.

මැනේජර් ජින්, ලස්සන හිනාවක් එක්ක අත් දෙකත් මිට මොලවන් සද්දෙන් නොවුනත් හෙමින් කොඳුරන ඒ වචනෙ ජියාට අඳුරගන්න පුලුවන් වුනා.
"Fighting!!"

ජින්ගෙ හිනාව දැකපු ජියාට මතක් වුනේ මේ දවස් ගානම මහන්සි වෙලා එයා එක්ක ප්‍රසන්ටේශන් එකට මහන්සි වුන හැටි...අප්පා එක්ක ඒකෙ විස්තර ගැන කතා කරපු හැටි.. අප්පා එයා ගැන ආඩම්බර වුන හැටි..

I Belong To You | PJM | ✔Where stories live. Discover now