Chapter 10

855 161 17
                                    


එළි වෙන්නත් කලින් කොල්ලො කෙල්ලො ඔක්කොම දඩි බිඩි ගාලා ලෑස්ති වුණේ කාලෙකට පස්සෙ සෙට් එක පිටින් එළියට යන්න ප්ලෑන් කරපු නිසා...කොච්චර කල්ද සෙට් එකම එකට එළියට ගිහින්...
එක්සයිට්මන්ට් එක කොච්චරද කියනවනම් කවදාවත් නැතුව යුංගිත් වේලසනින්ම නැඟිටලා ලෑස්ති වෙලා.

එයා වේලාසනින් නැඟිටලා ලෑස්ති වුණා කියන්නෙ ඉතිං ලෝක
පුදුමයක් නේ...හා නැද්ද ??

කොහොම වුණත් හැමෝම කෑම මේසේට වෙලා උදේ කෑම කනකොට ජිමින්ට දැණුනා කවුරුහරි එයා දිහා කන්න වගේ බලං ඉන්නවා කියලා...
අතට ගත්තු පාන් කෑල්ල කටේ ඔබාගෙන කොල්ල හැරිලා බැලුවේ මොකාද මේ පැය ගාණක් තිස්සෙ තමන් දිහා බලං ඉන්නෙ කියලා...
පැය ගානක් කිව්වට පැය ගානක්ම නෙමෙයි විනාඩි දහයක් විතර....😂

හැරිලා බලපු කොල්ලාගෙ ඔලුව තව ටිකක් අවුල් වෙලා ගියේ යුංගි තමන් දිහා ඔරවගෙන ඉන්නවා දැක්කට පස්සෙ..ඔව් ඉතින් හේතුවක් නැතුව කවුරුහරි තමන් දිහා එහෙම බලන් ඉන්නකොට ඔලුව අවුල් වෙනවනේ....

ඇහි බැමකුත් උස්සගෙන කොල්ලා යුංගි දිහා බැලුවේ මොකද කියලා අහන්න වගේ...කොල්ලා අහපු දේ යුංගිට තේරුණාද මන්දා ඌත් හරවලා ඇස් දෙකෙන් කාමරෙන් එළිය දිහාට පෙන්නුවේ ජිමින්ට කාමරෙන් එළියට එන්න කියලා.

ඔලුව උඩ යට යවලා එන්නම් කියලා හඟවපු ජිමින් හිමින් සීරුවේ කෑම මේසෙන් නැඟිටලා තමන් කාපු පිඟානත් අරන් ගියේ කුස්සිය දිහාට...ජිමින් කාමරෙන් නැඟිටලා යනවාත් එක්කම යුංගිත් ඒ පිටිපස්සෙන්ම තමන්ගෙ පිඟානත් අරන් ගියේ කට්ටිය තම තමන්ගෙ පාඩුවෙ කෑම එකේ රස විඳිද්දි...රස නැතිවෙයි ද ? එයාලාගෙ chef නෙ ඉතින් කෑම හැදුවෙ....ඔව් ඔව් ජින් තමයි...

පිඟාන රැක් එකෙන් තියලා ජිමින් ආපහු යන්න හැරෙනවාත් එක්කම කුස්සිට දිහාවට ආපු යුංගි දැකලා කොල්ලා යන්න ගිය ගමන නවත්තලා කුස්සිය කවුන්ටර් එක උඩින් ඉඳගත්තේ යුංගි ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඕන නිසා..

" Hyung ? මට එන්න කිව්වෙ ? "
සින්ක් එක ළඟ තමන් කාපු පිඟාන හෝද හෝද හිටපු කොල්ලගෙන් ජිමින් ඇහුවෙ කුතුහලය ඉවසගන්නම බැරි තැන...

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now