Chapter 25

519 103 63
                                    

වෙලාව පාන්දර හතරහමාරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාව පාන්දර හතරහමාරයි. කවදාවත් නැතුව උදෙන්ම නැඟිටලා ජන්කුක් ලහි ලහියේ ලෑස්ති වෙනවා. කොහෙ යන්නද කියලා කල්පනා කරනවා ඇතිනේ ? මේ යන්නෙ අන්ජිවයි ජේක් වයි එක්කන් එන්න එයාර්පෝට් යන්න. පහයි කාල වෙනකොට එයාලගෙ ෆ්ලයිට් එක ලෑන්ඩ් වෙනවා. එයාලා එන එක දැනන් හිටියේ ජන්කුක් විතරයි. අනිත් අයට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන නිසා ජන්කුක්ට සිද්ධ වුණා එයාලා දෙන්නව එයාර්පෝට් එකෙන් පික් අප් කරන්න. ජන්කුක්ට අද හරිම කාර්‍යබහුල දවසක්.

මුලින්ම අන්ජි ජේක් දෙන්නව පික් කරලා සෝල් වල තියන ජන්කුක්ගෙ එපාර්ට්මන්ට් එකට ගිහින් දාන්න ඕන. අද සන්ඩේ නිසා ඔෆිස් එකේ හැමෝටම නිවාඩු නේ ඒක නිසා ඔෆිස් වැඩ නෑ. ඊට පස්සෙ ජන්කුක් පර්සනලි එයා කැමති විදිහ කියලා ඩිසයින් කරපු ඩයමන්ඩ් රින්ග් එක ගන්න යන්න ඕන. අද කොල්ලා ප්‍රපෝස් කරන්න නේ ඉන්නෙ... ඊට පස්සෙ හොටේල් එකට යන්න ඕන අරේන්ජ්මන්ට් හැමදේම හරියට වෙනවද බලන්න. වෙන කොහෙවත් නෙමෙයි එයාගෙ ජින් හියුන්ගේ හොටෙල් එකට.... තවත් ප්‍රශ්නයක්.... ජින් මේ දේවල් දන්නවද ? ඔව් ජිමින් , යුන්ගි , ජින් වගේම හෝසොක්ත් මේ ගැන දන්නවා. හෝසොක් දැනගෙන තිබුණේ නම් ජිමින් මාර්ගයෙන්. ඒත් හෝසොක් දන්නවා කියලා ජන්කුක් දන්නෙ නෑ... ජින්ට කිව්වෙ නම් ජන්කුක් මොකද මේ ප්‍රොපෝසල් ප්ලෑන් එකට හොටෙල් එකක් ඔන නිසා තියන හොඳම හොටෙල් එක බුක් කරන්න වුණා... ඉතින් තිබ්බ හොඳම හොටෙල් එක වෙන කාගෙවත් නෙමෙයි එයාගෙ ජින් හියුන්ගෙ. ඉතින් ඒක නිසා මේ හැමදේම ජින්ට කියන්න ජන්කුක්ට සිද්ධ වුනා.

ජින්ගෙ රිඇක්ෂන් එක වුණෙත් ජිමින් , යුන්ගි දෙන්නගෙම රිඇක්ෂන් එකමයි. ජන්කුක්ට තවත් ආදරයක් ලැබුණ එක ගැන ජින් සතුටු වුණා...

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now