Chapter 28

842 108 68
                                    


Maybe It's The End....
Or
A New Beginning



_______________________________☘ ☘ ☘ _______________________________

Few Hours After Semi was Taken to the Hospital ......

" ඉතින් තමුසෙ හිතුවා මේ හැමදේම අපෙන් හංගන්න ? එහෙමද ? හැමදේම මුලදී අපිට කියලා අන්තිමේදි ඩැනියල් සෙට් උනාට පස්සෙ තමුසෙට අපිව අමතකයි ? හහ් ...." පපුව හරහට කරලා අත් දෙකත් බැඳගෙන ජිමින් කිව්වෙ විනූට ඔරවන ගමන්.

සෙමිව හොස්පිටල් එකෙන් අරන් ගිහින් ටිකකට පස්සෙ ජන්කුක් එකපාරම සිහිනැතුව ඇදගෙන වැටුණෙ තිබ්බ ස්ට්‍රෙස් එක වැඩිකමට. කොල්ලා එකපාරම ඇදගෙන වැටුණ නිසා කට්ටියම හොඳටම කලබල වුණා. ටේ , නම්ජූන් දෙන්නා කොල්ලව ඉක්මනටම කාර් එකට දාගෙන හොස්පිටල් අරන් ගියා. ඒ වගේම අනිත් කට්ටිය හැමෝමත් එයාලගෙ පිටිපස්සෙ හොස්පිටල් එකට ගියත් විනූ , ඩැනියල් , සේජින් , ජෝ , යුන්ගි වගේම ජිමිනුත් , ජිනුත් හොටෙල් එකේ නැවතුණෙ ඊළඟට කරන දේ ගැන කතා කරගන්න.

                  •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Few hours earlier.....

" දැන් හැමදේම සාමාන්‍ය තත්වෙට හැරුණා නේ..... අනික දැන් ජේයොන්ග් ඉන්නෙත් පොලිසිය භාරයේ... ඔයාලා කතාකරගන්න අතරතුර මගේ ටීම් එක ජේයොන්ග් ඉන්න හොස්පිටල් එකට ගිහින් එයාව ඇරස්ට් කළා..... එයා ඉන්න කන්ඩිෂන් එක තවම හොඳ නැති නිසා අපි එයාව පොලිස් රෝහලට මාරු කරලා යැව්වා. දැන් ඉතින් හැම ප්‍රශ්නෙම විසඳුන නිසා මට පුලුවන් මිස් විනූගෙ ෆයිල් එක ක්ලෝස් කරන්න"
සේජින් කිව්වෙ යන්න ඩැනියල්ගෙ පිටට තට්ටුවක් දානගමන්.

" නැහැ.... ලෝකයාට අනුව විනූ කියන්නෙ මැරිච්ච කෙනෙක්.... ඒක නිසා එයාට දැන් identity එකක් නැහැ. අපිට මේ හැමදේම උසාවියෙදි පැහැදිලි කරන්න වෙනවා. ඊට පස්සෙයි හැමදේම සාමාන්‍ය තත්වෙට හැරෙන්නෙ." ජොෂෙල් කිව්වෙ සේජින් කතාවට විරුද්ධ වෙමින්.

" අපිට පුලුවන් ඉක්මනට ඒක කරන්න වෙනවා. මොකද හැමදේම උසාවියට පැහැදිලි කරද්දි සිද්ධියට මුහුණ දීපු හැමෝම එතන ඉන්න ඕන. ඩැනියල් , ලියානායි යූරායි එක්ක ලබන සතියේ කැනඩා යන නිසා අපිට සිද්ධ වෙනවා ඊට කලින් මෙ හැමදේම ඉවර කරන්න. " ජොෂෙල් තවදුරටත් විස්තර කළා.

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now