Chapter 10 - Can u accept my feelings?

3K 479 273
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹


" ජන්කුක් මාව ඔය ඉස්සරහින් දාලා යන්න..."

මං පාර අයිනේ තැනක් පෙන්නලා කිව්වේ යුනි එකට යනකන් ඉතුරුටික පයින් යන්න හිතාගෙන...

" අැයි?? "

" නෑ ජන්කුක් මට ඉතුරු ටික පයින් යන්න පුලුවන්...

" නෑ මං ඔයාව යුනි එක ලඟින්ම දාන්නම්...

" එ්ත්..."

" Ivy... ඔයා කකුල හොඳයි වගේ ගෙදර අය ඉස්සරහා හොඳට රඟපෑවට මං දන්නවා ඔය කකුල හොඳ නෑ කියලා... ඔය අැඳගෙන ඉන්න කලිසමට යටින් ඔයා තාමත් බැන්ඩේජ් එකක් ඔතන් ඉන්න බවත් දන්නවා... එ් නිසා අැවිදින්න හිතන්නවත් එපා..."

" එ්ත් ජන්කුක්...."

" එ්ත් එ්ත් නෙමේ මං ඔයාව යුනි එක ලඟින්ම දාන්නම්..."

ජන්කුක් එහෙම කියලා යුනි එක ලං වෙද්දි කලුපාට මාස්ක එකක් දා ගත්තා නහයයි කටයි වැහෙන්න...

ඕක නිසා තමා මං එයාට එන්න එපා කිව්වේ... කවුරුහරි අඳුරගත්තොත්... නිකන් කතාවක් හදාගන්න වෙන්නේ...

" Bye..."

යුනි එක ලඟ වාහනේ නතර කලාට පස්සේ මං කිව්වේ දොර අරින්න අත තියන ගමන්...එ්ත් ජන්කුක් මගේ අතින් අල්ලගත්තා... එයා මං දිහා බලා හිටියේ මොනවා හරි කියන්න වගේ... එ්ත් එයා මොකුත් කිව්වේත් නෑ... ඔළුව වැහෙන්න දාලා තිබුන කළුපාට හූඩි කැප් එක, මූණ වැහුන මාස්ක් එක, මූණට වැටිලා තිබුන කොණ්ඩ කෑලි අතරින් මට යන්තමට පෙනුනේ එයාගේ අැස් දෙක විතරයි...

" I'll call you... "

එහෙම කියලා එයා මගේ අත අතෑරියා... මාත් මොකුත්ම නොකියා එයා ගියාට පස්සේ හොස්ටල් රූම් එකට අැවිත් එහෙමම අැඳට වැටුනා..

Just Like a Dream (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang