Chapter 08 - Back to seoul

2K 428 231
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹



" Try to remember me..."

ජන්කුක් ගියාට පස්සේ මං කලේ අැඳට වෙලා කල්පනා කරපු එක...

" Remember?? එ් කියන්නේ එයා මාව දන්නවද මීට කලින් ?? එ්ත්... එ්ත් අැයි මට එයාව මතක නැත්තේ ?? "

ලෝකේ පෙරලන්න වගේ කල්පනා කලත් මට මොනවත්ම මතක් වුනේ නෑ... අන්තිමට මං වැඩේ අතෑරලා දැම්මා...

" මොන මගුලක් කියවනවද මන්දා... කියන දෙයක් තේරෙන්න කියන්න ඕනි... අැත්තටම පිස්සු එයාට..."

මං කොට්ටෙකුත් පොඩි කරන ගමන් හිතින් බැන බැන අැඳට වෙලාම හිටියා...

එදා රෑ බිස්නස් ට්‍රිප් එකක් ගිහින් හිටිය ජන්කුක්ගෙ තාත්තාත් ගෙදර අාවා... අම්මා මං ගැන කලින්ම කියලා තිබුන නිසා මට ඉතිං වැඩිය ප්රශ්න වලට උත්තර දෙන්න ඕනි වුනෙත් නෑ...

මගේ කකුලත් සනීප නිසා මං හිතාගත්තා දවස් දෙකකින් විතර අාපහු සෝල් වලට යන්න... මේ මිනිස්සු කොච්චර හොඳ වුනත් මට හිත දුන්නේ නෑ එයාලට කරදර කර කර එ් ගෙදර ඉන්න... අනිත් එක මට යුනි යන්නත් ඕනිනේ.... ඉතිං මං හිතා ගත්තා මං යනවා කියලා හැමෝම ඉන්න තැනක කියන්න...

" මං.... මං හිතාගෙන ඉන්නේ දවස් දෙකකින් සෝල් වලට යන්න..."

එදා රෑ කෑම කද්දි හැමෝම ඉන්න තැන මං එහෙම කිව්වා... කන්න කටට ලං කරපු කෑම ටිකත් අතරමග තියාගෙන ජන්කුක් මං දිහා බැලුවේ පුදුම වෙලා... ජන්කුක් විතරක් නෙමේ අයියා, අම්මා , තාත්තා එ් හැමෝම එහෙමයි... කවුරුත් කතා කලේ නෑ... මේ දවස් දෙක තුනට එයාලා හැමෝම මට සැලකුවේ එයාලගේ පවුලේ කෙනෙක් වගේ.... නෑ නෑ... මට වැරදුනා ජන්කුක් නැතුව අනිත් අය මට සැලකුවේ එහෙම... ජන්කුක් ඉතිං කලේ මාත් එක්ක වලි දා ගත්ත එකයි මට බැන්න එකයි සැරින් සැරේ මට හාට් අැටෑක් හැදෙව්ව එකයි විතරයි.... හ්ම්.... මං එයාලා හැමෝගෙම මූණු දිහා බලා ඉද්දි අන්තිමට කතා කරන්න ගත්තේ ජන්කුක්ගෙ අම්මා...

Just Like a Dream (Completed)Where stories live. Discover now