Chapter 07 - Try To Remember Me

2K 413 155
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹




" Flower  Ivy?? "

මගේ හිත ටක් ගාලා ගියේ අතීතෙට...  Flower Ivy... මට එහෙම කතා කරපු කෙනෙක් හිටියා..අතීතේ... එ්ත් එ්වා දැන් වැඩක් නෑනේ.... මොකද මං එ්කාට හෙනට වෛර කරනවා...

හැමදේම අමතක කරලා මං ජන්කුක් දුන්න අැඳුම් ටිකත් අරන් හෙමින් හෙමින් ගිහින් බාත්රූම් එකට රිංගුවා...

වාාාාාව්ව්ව්ව්

හැම නිල්පාට හූඩියයි... Dark brown හූඩියයි... අනිත් ඔක්කොම අැඳුම් කළුපාට... මොනවා වුනත් ජන්කුක්ට අැඳුම් තෝරන්න නම් හොඳ පලපුරුද්දක් තියෙනවා වගේ... මාත් හිනාවක් දාගෙනම අැඳුම් මාරු කරගත්තා...

ගානට... මං අඳින සයිස් එකමයි... මටම මැහුව අැඳුම් වගේ...එ්ත් මේ මනුස්සයා මට මාසෙකට විතර අඳින්න අැඳුම් ගෙනත්... අැයි එච්චර?? මං හිතන් හිටියේ දවස් දෙක තුනකින් යන්න... මොකද මට යුනි එකේ ලෙක්චර්ස් මගෑරගන්න බෑනේ...

මං අැඳුම් මාරු කරන් හෙමීට අාවා සාලෙ පැත්තට...

" ඔහ් අනේ ළමයෝ... ඔයා අැයි අැවිදින්නේ? තිබුනනේ අපිට කතා කරන්න..."

ජන්කුක්ගෙ අම්මා මාව දැක්ක ගමන් දුවගෙන අාවා මගේ ලඟට...

" එ්කට කමක් නෑ අාන්ටි... මට අැවිදින්න පුලුවන්... අනික මට හැමදාම මෙහෙම ඉන්න බෑනේ..."

" අැයි ඔයාට ඕනි තරම් කාලයක් මෙහෙ ඉන්න පුලුවන්... මට කියලත් දුවෙක් නෑනේ... මේ කොල්ලො දෙන්නා විතරනේ... මට මේ කොල්ලො දෙන්නම දැන් එපා වෙලා.."

" අම්මා!!!! "

අම්මගෙ එ් කතාවට කුකියයි අයියයි දෙන්නම කෑ ගහන්න ගත්තේ එකපාර...

Just Like a Dream (Completed)Where stories live. Discover now