Chapter 04 - I hate her

Start from the beginning
                                    

" හරි හරි... අැස් දෙක වහගත්තම එයා නැති වෙයි..."

මං හෙමීට එහෙම කියලා තද කරලා අැස් දෙක වහගත්තා... ටිකක් වෙලා ඔළුවත් දෙපැත්තට වනලා මං අායෙත් අැස් අැරියා...

"Who are you? What are you doing here?"

" WTF!!! "

එ්ක කියවුනේ මට ටිකක් සද්දෙට... මොකද දන්නවද?? කලින් අැඳ ලඟ හිටගෙන හිටිය එයා මං අැස් අරිද්දි හිටියේ මගේ මූණ ඉස්සරහා... එයා අැඳ උඩට නැගලා මගෙ මූණට එබිලා ඉද්දි මං වෙන මොනවා කියන්නද යකෝ... එයාගෙ මූණයි මගේ මූණයි අතර තිබ්බේ අඟල් දෙක තුනක ඉඩක්....  එ්ම ඉද්දි කෝමද දැනෙන සනීපේ...

කලබලවුන පාර මාව ගැස්සිලා පස්සට විසික් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලබලවුන පාර මාව ගැස්සිලා පස්සට විසික් වුනා... මං හිටියේ අනිත් පැත්තේ අැඳ අයිනේමයි... තව ටිකෙන් මං බිම එයා අත දාලා මාව අල්ලගත්තේ නැත්තං... හැබැයි ඊට පස්සේ සිද්දවුන දේට මට හිතුනා මේ මනුස්සයා මාව අල්ලගන්නේ නැතුව මට වැටෙන්න දුන්නානම් හොඳයි කියලා...

හැමදේම කලබලේට සිද්දවුන නිසා මාව අල්ලගන්න එක අතක් දික් කරද්දි එයාගෙ අනිත් අත ලිස්සලා බැලන්ස් එක නැති වුනා... එයා වැටුනේ මගේ අැඟ උඩට... මං දඟලපු පාර දෙන්නත් එක්කම අැඳේ අනිත් පැත්තෙන් බිමට වැටුනා... එයා මාව අල්ලන් හිටිය නිසාත්, මං වැටුනෙත් එයාගේ අැඟ උඩට නිසා මට රිදුනේ නෑ... එ්ත් මගේ කකුල... 😭😭😭 එ්ක අායෙත් රිදෙන්න ගත්තා...

" අාාාාාාහ්හ්හ් එ්ක කැඩිලා මං හිතන්නේ එ්ක කැඩිලා මේ පාර නම්..."

මං කකුලත් බදාගෙන අඬන්න පටන් ගත්තම තමා එයා කලබල වුනේ...

" කැඩිලා?? කෝ මොකක්ද?? මොකක්ද කැඩුනේ?? කෝ මොකක්ද??"

Just Like a Dream (Completed)Where stories live. Discover now