Young Min's proves.........
මම hospital එකේ අවුරුද්දක්ම හිටියා.. චිවොන් ආපහු New York ගියා.. එයා යනකොට මට දුකක් නොහිතුනා නෙවෙයි.. මොනවා උනත් මට ලැබුණු හොඳම යාලුවෙක්..
" නූනා.. මට හිතෙන්නේ මම ඔයාව නපුරෙක්ට දීලා යනවා කියලා " චිවොන් කිව්වා
" යා... ඔයාගේ හ්යොන්ග්ට ඇහුනොත් ඔයාව ඉතුරු කරන එකක් නැහැ.." මම කිව්වෙ හිනා වෙන ගමන්..
" මොනදේ උනත් මම ඔයාට ඉන්නවා කියලා අමතක කරනනෙපා නූනා .. මට සතුටුයි ඔයාට ඔයාගේ ආදරේ ආපහු ලැබුණු එකට" චිවොන් හැඟීම්බර වෙලා කියලා මට හිතුනා..
" චිවොනා... ඔයාට හොඳ ගෑණු ළමයෙක් හම්බවෙයි.. එදාට මට වඩා ඔයා එයාට ආදරේ කරාවි.." මම කිව්වෙ මගේ හිතට ආපු ඇත්තම හැඟීමකින්..
" මම හිතන්නේ නැහැ මම නූනාට තරම් කාටවත් ආදරේ කරයි කියලා.." චිවොන් කිව්වෙ මගේ ඇස් මඟාරින ගමන්..
" කාලය හැමදේම විසඳාවි.." මම අවසානයට චිවොන්ට කිව්වෙ එච්චරයි..
...........................
කාලය ගත උනේ හරි ඉක්මණට.. යුන්ගි මාවයි අම්මාවයි එයාගේ apartment එකට එක්කන් ගියා.. මගේ treatment වලට hospital එක ළඟින් ඉන්න එක මට පහසුවක් උනා.. මගේ තාත්තා business වැඩ නිසා මං ළඟ නොහිටියත් නිතර මාව බලන්න ආවා ගියා..
අපි දෙන්නා ගැන මගේ අම්මා තාත්තා වගේම යුන්ගිගේ අම්මා තාත්තාත් ඒ වෙනකොට දැනගෙන හිටියේ.. යුන්ගි එයාගේ අම්මලට වඩා මගේ අම්මලට ලං වුණා කියලා මට හිතෙනවා..
ටික ටික මගේ treatment පටන් ගත්තා.. යුන්ගි හැමදේම හොයලා බලලා කරා.. ඇත්තටම මට වඩා ඒ ගැන උනන්දු උනේ එයා කිව්වොත් හරි.. එයාගේ team එකේ අයගෙන් එයාට පුදුම support එකක් ලැබුණා.. යුන්ගි එයාගේ වැඩ වලට වෙන රටකට ගියත් මට කතා කරන්න මං ගැන හොයලා බලන්න අමතක කලේ නැහැ..
ටික ටික මම හිටගන්න ඇවිදින්න පුරුදු උනා.. අවුරුදු තුනකට පස්සේ මට සාමාන්‍යය විදියටම ඇවිදින්න පුළුවන් උනා.. doctor කිව්වෙ තව ටික කාලයක් ගියාම මට පුරුදු විදියටම taekwondo කරන්න පුළුවන් කියලා..
ඒ ගැන මට වඩා සතුටු උනේ යුන්ගි.. එයාට ඕනි උනේ මම Seoul වල taekwondo academy එකක් පටන් ගන්නවාට.. එයා එහෙමයි මගේ හීන වලට පණ දුන්නෙ..
YOU ARE READING
Pearlescent Smile || MYG || BTS Series
Fanfictionහිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්‍රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්... අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස්...