💧 Chapter Seven 💧

1K 257 28
                                    


Chiwon's proves...........

දැන් පාන්දර 2 වෙන්නත් ළඟයි... මම අතේ
තිබුණ ඔරලෝසුව දිහා බලලා නූනා දිහා බැලුවා.. අපි තාමත් හිටියේ apartment එකේ පඩිපෙළ උඩ වාඩිවෙලා.. නූනාගෙ මූණේ තිබ්බෙ මහ වැස්සක් වැටුණට පස්සේ අහසෙ දකින්න ලැබෙන වගේ නිස්කලංක බවක්.. මීට ටිකකට කළින් එයාගේ ඇස් වලින් කඩා හැළුණු කඳුළු පාරවල් තවමත් ඒ රෝස පාට කම්මුල් වල තිබුණා... එයා හරිම ශාන්ත විදියට ඈත බලාගෙන හිටියා.. මට මගේ හැඟීම් පාලනය කරගන්න ගොඩක් වෙහෙසෙන්න උනා.. ඒත් එයා දිහා බලන හැම වෙලාවෙම මට මාව control නැති ගතියක් දැනුනා.. මම දිගු හුස්මක් හෙලුවා.. එකපාරටම නූනා දැහැනකින් මිඳුනා වගේ මගේ දිහා බැලුවා..

" මියන්.. චිවොනා.. දැන් ඔයා ගෙදර යන්න.." එයා මගේ දිහා බලාගෙන හිනාවෙන්න උත්සාහ කරනවා.. මැට්ටි... මට පේන්න බොරුවට හිනා වෙනවා..

" දැන් කොහොමද ඔයාට.." මම එයා එක්ක හිනා වෙලා ඇහුවා...

" මම හොඳින් චිවොන්.. මම හොඳින්.. කවදාවත් නැතුව මම ඔයා ඉස්සර අඬනවට මට සමාවෙන්න.. මට ඔයා ඉස්සරහ අඬන එක පුදුම සහනයක්.. ඒ වගේම හැමදේකටම ස්තූතියි.."
එහෙම කියද්දි එයාගේ ඇස් දිලිසුණා..
මම එයා කතා කරනවට බය උනා.. ආපහු අඬන්න ගනීවිද දන්නෑ.. මට හිතුණෙ එහෙම..

" මට ඔයාගෙ ස්තූතියෙන් වැඩක් නැහැ නූනා.. මට ඕනි ඔයාව.. ඔයාගේ ආදරේ.. මම දන්නෙ එච්චරයි.."
මම කිව්වෙ හිතට පොඩි වේදනාවක් එද්දි.. නොලැබෙන ආදරයක් වෙනුවෙන් හූල්ලන නූනාට එයාගේ ළඟින් තියෙන ආදරේ පේන්නැත්තෙ ඇයි..

" යුන්ගිව මේ වගේ ඈතින් හරි බලන්න පුළුවන්නම් මට ඒකත් ඇති.. මම මේ ජීවිතේට හුරුවෙනවා චිවොන්.. කොහොම හරි හුරුවෙනවා.. ඒ නිසා මට සමාවෙන්න.." එයාගේ කඳුළු පාරවල් අලුත් උනා..

" ඔයාට පිස්සුද නූනා?? ඔච්චර මෝඩ වෙන්න එපා.. ඔයාට ඕනි මගේ ඉවසීමේ සීමාව පනිනවා බලන්නද?? මාව පිස්සෙක් කරන්නද?? ආහ්.... "

එයා හැමවෙලේම යුන්ගි ගැන කියන එකට මට ටිකක් තරහ ගියා.. එයා මං දිහා බැලුවෙ හරි අසරණ විදියට.. මම කොහොමද නූනා ඔයාව නැති කරගන්නේ.. මං හිතුවා...

" මම ඔයාට හරියටම සතියක් දෙන්නම්.. සතියක්.. එයා එක්ක කතා කරලා හැමදේම විසඳගන්න.. මම ඔයාව එයාට දෙන්නෙ එයා මං තරම්ම ඔයාට ආදරේ කරනවනම් විතරයි.. එහෙම නැත්නම් ඔයා මාත් එක්ක ආපහු New York යනවා එච්චරයි.. අරස්සෝ??..." ( තේරුණාද??)

Pearlescent Smile || MYG || BTS Series जहाँ कहानियाँ रहती हैं। अभी खोजें