💧 Chapter Five 💧

1K 266 20
                                    


Young Min's proves............

මේ වැස්ස නවතින පාටක් නැහැ වගේ.. මම හිටියේ Art gallery එක ඉස්සරහට වෙලා taxi එකක් බලනගමන්.. කුඩයක් අතේ තිබ්බට ඒකත් මේ වැස්සට ඔරොත්තු දෙන එකක් නෑ.. කුණාටුවක් එන්නද හදන්නෙ...

" මොනවද කල්පනා කරන්නේ වැස්ස දිහා බලාගෙන.." මම ඒ හඬට ගැස්සුනා..

කහ පාට ලොකු කුඩයක් අතේ තියාගෙන එතන හිටියේ චිවොන්.. අපේ company එකේ coordinator.. එයා මට වඩා අවුරුදු දෙකක් බාලයි... ඒ වගේම එයා ගොඩාක් උස මහත කෙනෙක්.. එයා ළඟ මම නිකම් කූඹියෙක් වගේ...

" ඕ.... අනියා.. මං බැලුවෙ New York වලට කුණාටුවක් එන්නද හදන්නෙ කියලා.." මම කිව්වෙ හිනා වෙවී..

" ම්හ්.... ඒක මිසක්.. මම හිතුවේ අවුරුදු ගාණකට පස්සෙ ආපහු Korean වලට යන්න උන එක ගැන කල්පනා කරනවා කියලා...."

" ඇයි ඒ??" මම ඇහුවේ ඇත්තටම පුදුමෙන්.. හිතුවා වගේම මම හිටියේ ඒක ගැන හිත හිත..

" නෑ.. අපේ chief කියද්දී ආපහු Korean වලට යන්න වෙනවා කියලා.. නූනාගෙ මූණ වෙනස් උනා.. ඒකයි.." එයා කිව්වෙ මගේ දිහා බලාගෙන...

" හීඊඊ... අනී... අවුරුදු 9 කට පස්සේ යන නිසා දැන් එහේ ගොඩක් වෙනස් ඇති.. මට එහෙට පුරුදු වෙන්න ටික කාලයක් යාවී.." මට ඒ වෙලාවෙත් මතක් උනේ යුන්ගිව..

" තමන් ඉපදුණු රටේ තව මොනවා පුරුදු වෙන්නද??" චිවොන් එහෙම කියලා එතනින් ගියපු taxi එකක් අත දාලා නැවැත්තුවා.. මට ඒකට නඟින්න එයා දොර ඇරියා.. මම seat එකෙන් වාඩි උනාම එයා දොර වහලා මාත් එක්ක හිනා උනා..

" නූනා.. මම කැමතියි ඔයා එයාව අමතක කරනවානම්... " එයා ඒක කිව්වෙ මගේ ඇස් දිහා එක එල්ලේ බලන ගමන්... මම හිනා උනා විතරයි...

taxi එක මහ වැස්සෙ Art gallery එක ගාවින් හිමිහිට ඇදෙද්දී මම seat එකට බර උනේ දිගු හුස්මක් ගන්න ගමන්.. ඔව් ඒක දිග කතාවක්.. මට චිවොන් මුණ ගැහුණේ මම සිඩ්නි වල වැඩ කරද්දි.. එයා හරිම මිත්‍රශීලී චරිතයක්.. ඉක්මණටම කාගෙත් හිත දිනාගෙන වැඩ කරන්න එයාට පුදුම හැකියාවක් තිබුණා.. හරිම දඟ චරිතයක්.. හරියට මම school යන කාලේ වගේ.. ඇයි දැන් මම එහෙම නෙමෙයිද?? නැහැ.. යුන්ගිගෙන් ඈත් වෙලා නන්නාඳුනන රටකට ආවා විතරයි මම ගොඩක් වෙනස් උනා.. ඉස්සර ඉඳපු cheerful ඒවගේම mischievous behavior එකක් තිබුණ මිනා තවදුරටත් මා තුළ හිටියේ නැහැ.. මම නිහඬ උනා.. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන්න පුරුදු උනා.. මම ඉක්මණටම ඉහළට ගියෙත් ඒ නිසා වෙන්න ඇති.. හැම වෙලාවෙම මම තනිවෙන්න උත්සාහ කලා.. මම ගොඩක් වෙලාවට කළේ තනිවෙලා පුළුවන් තරම් මගේ හදවතට දුක් දුන්න එක.. යුන්ගි ගැන මතක් කරන්න විතරයි මට ඕනි උනේ... ඒත් චිවොන් ආව දවසෙ ඉඳන් මට ඒ විදියට ඉන්න ලැබුණේ නැහැ.. ඒයා හැම වෙලාවෙම කට්ටියම එකට එකතු කරගෙන විනෝදෙන් හිටියා.. මුලදි මුලදි අමාරු උනත් මමත් පස්සේ ඒකට හුරු උනා.. හොඳම දේ කියන්නේ චිවොන්ට තිබුණෙත් යුන්ගිගේ වගේ ලස්සන gummy Smile එකක්.. මම වෙලාවකට එයා දිහා බලාගෙන ඉන්නවා හරියට මම එයාගේ හිනාවට වශී වෙලා වගේ.. ඇත්තටම උනේ මට එයාගේ හිනාව දකින වාරයක් පාසා යුන්ගි මතක් උන එක.. චිවොන් ඒ වෙලාවට මට ළං වෙලා අහනවා..

Pearlescent Smile || MYG || BTS Series Where stories live. Discover now