Chi Won's proves.....
Seoul අහසම අඳුරෙන් වැහිලා.. පුංචි පුංචි වැහි බිංදු මහ අනෝරා වැස්සක් උනේ මම බලා ඉද්දිමයි.. මම හිටියේ hospital එක ඉස්සරහ ඉඳගන්න තිබුණු පුටුවකට බර වෙලා..
නූනාගේ අම්මා හඬාවැටනවා තවත් බලාගෙන ඉන්න බැරිම තැන මම මෙතනට ආවා. මට මතක් උනේ මීට ටිකකට කලින් යුන්ගි හ්යොන්ග් කියපු දේ..
" හ්යොන්ග් ඔයා මේ තීරණේ ගත්තෙ හොඳටම හිතලා බලලාද??" නම්ජුන් ඇහුවේ යුන්ගි හ්යොන්ග් නූනාගේ operation එකට අත්සන් කරාට පස්සේ.
"නම්ජුනා .. මිනා මොන තත්වයක හිටියත්.. මේ operation එකෙන් පස්සේ එයා මොන තත්වයකට පත් උනත් මට එයාව ඕනී.. එච්චරයි මම දන්නෙ.. " දිග හුස්මක් හෙලපු යුන්ගි හ්යොන්ග් කිව්වා.
හ්යොන්ග් ඒ වෙලාවේ කියපු දේට හැමෝම නිරුත්තර උනා.. ඒ වගේම අපි හැමෝගෙම ඇස්වල කඳුළු පිරුණෙ හිතට දැනුණ වේදනාවත් එක්ක... එයා නූනාට මෙච්චර ආදරේද??
Operation එක පැය 18ක්.. ඒ පැය ටික බලාගෙන ඉන්නවා කිතන එක තමා කරන්න අමාරුම වැඩේ උනෙත් .. මම හිස් බැල්මෙන් වැස්ස දිහා බලාගෙන හිටියා.
කඩිගුලක් ඇවිස්සුවා වගේ වැස්සෙම මිනිස්සු දුව දුව වැඩ.. එයාලත් ඇත්තේ ප්‍රශ්ණ ගොඩක.. ඒත් ප්‍රශ්ණ මැද්දෙ අපිට කොහොම හරි ජීවත් වෙන්න සිද්ධ වෙනවා නේද කියලා මට හිතුනා..
හදිසියේම දැනුන හීතලට මම අත් දෙක මගේ ජැකට් එකේ සාක්කුවට දාගත්තා.. සාක්කුවේ මොනවා හරි තියෙනවා.. මම එළියට අරගෙන බලද්දි ඒ තිබුණෙ යුන්ගි හ්යොන්ග් hannam the hill park එකේදි මට දුන්න box එකයි ලියුමයි..
ඒක දැක්කම මගේ ඇස්වලට ඉබේටම කදුළු ඉනුවා.. මීට ටිකකට කලින් වෙච්ච දේවල් එකින් එක මට මැවිලා පෙනුනා..
නූනාට ඒ වගේ දෙයක් වෙද්දි මටයි හ්යොන්ග්ටයි කිසිම දෙයක් කරගන්න බැරි උනා..ඇත්තටම හැමදේම සිද්ධ උනේ ඇසිපිය ගහන නිමේෂයකින්.
හ්යොන්ග් නූනාව අත් දෙකට ගනිද්දී මම මගේ හදවතින් කඩා වැටුණා.. හරියට මට මගේ කියන හැමදේම මට නැති උනා වගේ හැඟීමක් දැනුනා ඒ වෙලාවේ.
එයාට මොනවා හරි උනොත් මම මටම සමාවක් දෙන එකක් නැහැ. මට තිබුණෙ මම යුන්ගි හ්යොන්ග් හම්බවෙන්න යනවා කියලා නූනාට කියලා එන්න. ඒත් දැන් හැමදේටම පරක්කු වැඩියි..
YOU ARE READING
Pearlescent Smile || MYG || BTS Series
Fanfictionහිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්... අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස්...