💧 Chapter One 💧

3.1K 320 111
                                    

Young Min Proves.........

හීන කියන්නේ සැබෑ කරගන්න අමාරු උනත් මිනිස්සු දකින්න ආසම කරන දෙයක්.... කාලයක් මාත් හීන දැක්කා.. ඒත් යථාර්ථය ඇත්තටම වෙනස්.. සැබෑ කරගන්න පුළුවන් හීන අතරෙයි සැබෑ කරගන්න බැරි හීන අතරෙයි අපි දෝලනය වෙනවා.. ඒ හීන වලින් සැබෑ කරගන්න පුළුවන් හීන දකින අය ජීවිතේ දිනනවා.. අනිත් අය හීන ඇතෑරලා යථාර්ථයට මුහුණ දෙනවා... ඒත් මට තාමත් හිතාගන්න බැරි මං වැටෙන්නේ මේ දෙකෙන් මොකකටද කියලා...

New York වලට හොඳටම වැස්ස.. මම හිටියේ අපේ Art gallery එකේ උඩම තට්ටුවෙ ජනේලෙ ලඟට වෙලා.. සීතල පින්න ඇඟට වැටෙන කොට ඇඟේ හිරිගඩු පිපෙනවා... ඒකත් වෙලාවකට කලාත්මකයි.. මට හිතුණා..මම දීර්ඝ හුස්මක් ගත්තා.. වහින වෙලාවට දැනෙන අමුතු නැවුම් සුවඳ මාව අතීතයට අරන් ගියේ මටත් හොරෙන්ම... මම මගේ කල්පනා ලෝකෙන් මිදුනෙ ළමයිගේ කොක්හඬ ඇහිලා...

" යා.... practice කරන්නේ කටින්ද?? ඔච්චරටම සද්දෙ??" මම ඇහුවේ ටිකක් හඬ වැඩි කරලා...

"අනේ මැඩම්.. තාම break එක ඉවර නෑනේ " කෙල්ලෝ ටික නාහෙන් අඬනවා..

"හ්ම්.. තව 10 minutes දෙන්නම්.. අරස්සෝ??" ( තේරුණාද??) මම එහෙම කියලා washroom එක පැත්තට ගියා...

"කිම් නම්ජුන්..
කිම් සොක්ජින්
මින් යුන්ගී....
.................."

මගේ කකුල් දෙක නැවතුනේ මටත් නොකියම... කෙල්ලො ටික නම් වගයක් කියවනවා... මින් යුන්ගි??... ඒ නම ඇහෙද්දි තාමත් මගේ හදවත මෙච්චර ගැහෙන්නෙ ඇයි... දැනට අවුරුදු 9ක්.. ඒත් මගේ හදවතින් එයාව මකන්න මට තාමත් බැරි උනා..හදවතේ පුංචි රිදීමක් එද්දි මම කළේ බරටම හුස්මක් හෙලපු එක.. එයා හොඳින් ඇති.. සමහර විට මාව අමතකත් ඇති..

9 years ago ...........................................

Min Yoongi proves..........

මම හිටියේ හොඳටම හෙම්බත් වෙලා.. ඇයි තාත්තාටයි අම්මටයි මේක තේරුම් කරන්න මෙච්චර අමාරු... මගේ ජීවිතේ ගෙවන්න වෙන්නේ මම අකමැති දෙයක් කරනගමන්ද?? මගේ හීනෙට යන්න ඉඩ දෙන්න නැත්තෙ ඇයි??

" යුන්ගි.. මම ආපහු කියන්නේ නැහැ... තමුන්ට තමුන්ගේ මඟුල් හීන පස්සේ යන්න ඕනි නම් මේ ගෙදර එක මොහොතක් ඉන්න එපා.. අරස්සෝ??" තාත්තා මට එහෙම කිව්වෙ ඇඟිල්ල දික් කරලා..

Pearlescent Smile || MYG || BTS Series Kde žijí příběhy. Začni objevovat