💧 Chapter Eight 💧

1K 252 33
                                    


Young Min's proves.............

මම මොහොතක් හුස්ම නොගෙන හිටියා.. මගේ ඉස්සරහ හිටගෙන ඉඳපු චිවොන්ගේ සිනාමුසු මුහුණ ක්ෂණයකින් අඳුරුවෙලා ගියා..

"නූනා?????"

එයා මගේ නිකටින් අල්ලලා මගේ බිමට බරවෙලා තිබුණ මූණ ඉහලට එසෙව්වා.. මම මගේ දෙතොල් සපාගෙන එහි ඉඳිමී රතු වී තිබූ සළකුණු හංගන්න අසාර්ථක උත්සාහයක් ගත්තා..

චිවොන්ගේ මූණේ තිබ්බෙ පුදුම වෙච්ච බවක්.. මම ඇත්තටම හිටියේ වරදක් කරලා අහුවුණ පොඩි ළමයෙක් වගේ..

එසැනින්ම එයා මගේ පාදාන්තයෙ ඉඳලා ඉහළටම බැලුවා.. එයා මගේ අත් දෙක එයාගේ දෑතටම ගත්තා.. අත් දෙකේ මැණික් කටුව ළඟ යුන්ගිගෙ අත් පාරවල්.. ඒ වගේම වීදුරු කටු වලට කැපිලා තිබුණ අත්ල මත පුංචි පුංචි ලේ බිංදු මෝදු වෙලා තිබුණා..

" නූනා ඔයාට මොකක්ද උනේ?? ඇයි මේ..?" එයාගේ කටහඬේ තිබුණෙ නොසන්සුන් බවක්..

මට මොකුත් කියන්න ඉඩක් ලැබුණේ නැහැ එයා මාව එහාට කරගෙන apartment එක ඇතුළට ගියා..

මම දොර ළඟම හිටියා..මගේ කකුල් දෙක පන නැති වෙලා වගේ මට දැනුනේ.. ඇතුළට ගියපු චිවොන් එකපාරටම නැවතුනේ සෝෆා එකේ ඉන්න යුන්ගිව දැකලා... එයා මගේ දිහා තියුණු බැල්මක් හෙලුවා..

ඊළඟ තප්පරේදි මොනවා වෙයිද කියලා හිතාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.. මම පුළුවන් ඉක්මණටම දුවගෙන ගිහින් චිවොන්ගේ ජැකට් එකෙන් ඇල්ලුවා..

"චිවොන්..... චෙබල්....." මම එයා දිහා බැගෑපත් විදියට බලාගෙන හිමින් කිව්වා..

මට ඒ වෙලාවේ යුන්ගිව ඇහැරවන්න ඕනි උනේ නැහැ. එහෙම උනොත් එතන වෙන කිසිම දෙයක් මට පාලනය කරන්න බැරි බව මම දන්නවා..

චිවොන් මගේ දිහා බැලුවේ මොන හැඟීමකින් ද කියලා දන්නෙ නැහැ.. හරියට දුකත් තරහත් මිශ්‍ර හැඟීමකින් එයා ටිකක් වෙලා බලාගෙන හිටියා..

ඊළඟට එයා කළේ දිගු හුස්මක් හෙලලා ආපහු හැරිලා යන්න ගිය එක.. එයා ආපහු හැරිලාවත් බැලුවෙ නැහැ..

ඒ තප්පරේදි මට හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා වගේම චිවොන් ගැන ලොකු දුකක් ඇති වුණා..

Pearlescent Smile || MYG || BTS Series Where stories live. Discover now