ෆෝන් එකට ආව නොටිෆිකේශන් එක දැකලා මගෙ මූණට ඉබේම හිනාවක් ආවා...
📥 MD
📤 pisso..Ha ha nidagannawako... Kiyatad nagtinne
📥 2t wage nagittawanna
📤 හ්ම්ම් කෝල් එකක් ගන්නම්.
📥Nm
📤උබ මගෙන් කනවා සුදූ.. නිදාගන්නවා ගිහින්.
📥 Mg
📤 පලයන් සුදූ නිදාගන්න..
📥Man giya
📤හ්ම් හ්ම්...
ඩබල් ටික් වැටිලත් නිල් පාට නොවුන නිසා whatsapp එකෙන් බැක් උන මම ෆෝන් එක පැත්තකින් තියලා කාමරෙන් එලියට ආවා.
කුස්සියට ගියපු මං පරිප්පු ටිකක් හෝදලා අරගෙන ඒක කිරට හදන්න ගත්තා. පරිප්පු එකට පහේ දාලා ලිපෙන් තියලා ඊයේ අරන් ආපු මාලු ටික සුද්ද කරලා හෝදලා ෆ්රිජ් එකේ දාලා තිබුන නිසාම ඒක එලියට අරන් වතුර ටිකක් දාලා පැත්තකින් තිබ්බා කූල් එක අඩුවෙන්න.
පැය භාගයක් වගේ යද්දි පරිප්පු එකයි මාලු එකයි දෙකම හදලා ඉවර උන නිසා බඩගින්නකුත් තිබුන නිසාම බත් එක බෙදාගද්දි අම්මාත් කඩේට ගිහින් ඇවිත් තිබුනා.
බත් එක බෙදාගෙන ආයෙම කාමරේට ආපු මං බත් කනකන් බලන්න කියලා කාටුන් එකක් තෝර තෝරම බත් කට කට කන්න ගත්තා.
මොකද්ද බලන්නේ.... ෆිල්ම් එකක් බලන්න බෑනේ.... පොඩි එකක් මොකක් හරි... ම්ම්ම්... කාටුන් එකක්වත් බලමුද අප්පා... මොකද්ද හොද...
කෝ බලන්න මොනාද තියෙන්නේ...
ගාර්ෆීල්ඩ්...... ම්හ් බෑ...
දගර වලිග..... ඒකත් දැන් බෑ...
රතු චූටි..... ම්හුක් සෙට් නෑ...
සූටිං මාටිං..... බෑ බෑ...
ස්කුබිඩු.... ම්ම්ම්.... අවුලක් නෑ වගේ...
මේකවත් බලමු... තව හොයන්න කම්මැලියි....
කාටුන් තෝරලා තෝරලා ඒකත් එපා උන මං ස්කුබිඩු එකේ එකක් තෝරලා ෆෝන් එක ඉස්සරහින් කොට්ටෙට හේත්තු කරලා කකුල් දෙක මැද තියන් ඉදපු බත් පිගාන අල්ලගත්තා..
YOU ARE READING
(අ)හිමි ඇස් 🌑🌈️🩶
Non-Fictionආඩම්බරකාර ඇස් දෙකක් අස්සේ ආදරේ හොයන තවත් ආඩම්බරකාර ඇස් දෙකක්.... 👀❤️
