38

285 51 22
                                    

" හොදයි මම මේ මහත්තයලත් එක්ක කතා කරන්න ඕනයි කිව්වෙ තවත් මේ වැඩ කල් දාලා බැරි හින්දා "

වෙද මහත්තයගෙ අත් උදව්කාරයෙක් ආයුව බෙහෙත් ඔරුවක බස්සන්නද මොකටද අරගෙන ගියහම ආයුව එක්කගෙන ගිය මාවයි මේඝ වයි වෙදමහත්තයා පුටු දෙකක් දීලා ඉද ගන්නයි කිව්වා ..

"මෙහෙමයි මහත්තයෝ .. ස්කෝලෙ මහත්තයගෙ පරණ රිපෝට් වගයක් මන් බැලුවා .  ඒවල තිහන හැටියට මේ මහත්තයා අවුරුදු කීපෙකට ඉස්සර වෙලා ඩීප්‍රෙශන් එහෙමත් නැත්තන් මානසීක අවපීඩනයට බෙහෙත් අරන් තියනවා ගිය අවුරුදු මැදක් වගේ වෙනකන් ..

ආයෙ තව මේ ලගක් වෙනකන් පොඩි පොඩි මෙන්ටල් ප්‍රොබ්ලම් වලට බෙහෙත් අරගෙන තියනවා ..

මේ දරුවා මගෙ ලගට ඇවිත් දැන් සති තුනකුත් වෙනවානේ .. ඒ කාලේ තුල මම හොදට මේ දරුවාව නිරීක්ෂණය කරා ..

මට හිතෙන හැටියට මහත්තයෝ .. "එහෙම කියලා ඒ මනුස්සයා කන්නාඩියට උඩින් අපි දිහා බැලුවෙ ආයුගෙ පරන් රිපෝට්ස් අතේ තියාගෙන ..

"මට තේරෙන හැටියට මේ දරුවට ඩීප්‍රෙශන් ලක්ශන තියනවා "

මමයි මේඝයි මූණට මුණ බලා ගත්තා .

"මට කියන්න පුලුවන්ද මේ මහත්තයගෙ හැසිරීමේ යම් වෙනස් කමක් උනාද මේ මෑත කාලිනව "

"එහෙම විශේශ වෙනසක් නම් දැක්කෙ නෑ වෙදමහත්තයා ..මාගි කියන්නෙ කොහොමත් අඩුවෙන් කතා කරන කෙනෙක් ..හැබැයි ඉස්සර වගේ නෙවේ පොඩ්ඩ බැරි වෙනකොට කේන්ති යනවා .. ඒකට නම් කොල්ලා බෙහෙත් ගත්තා තමයි මේ ලගක් වෙනකම්ම "

මේඝ කියනකොට මන් අහගෙන හිටියා .. ආයුගෙ වෙනසක් ..??

මට ආයුව මේ දවස් ටිකේම හම්බවුනේ උදේට ස්කෝලෙට ගිහින් අරිනකොට යි නැත්තන් රෑට මේඝලා දිහා ඉදලා හරි මල්ලි ලහ ඉදලා හරි ගෙදර යනකොටයි විතරයි .  හරි හමන් විදිහට කතා කරන්නවත් හම්බුනේ නෑ ..

"හරි මෙහෙමයි මහත්තයෝ .. සාමාන්‍යයෙන් මානසීක අවපීඩන වර්ග තියනවා කෙටි කාලින දිගු කාලින , ගෑනු දැරවියන්ට තාවකාලිකව හැදෙන වගේම බඩදරු අම්මලාට හැදෙන ආදී වසයෙන් .ම්ම්ම්..

ELORA Where stories live. Discover now