33 18+

378 57 39
                                    

ආදරණීය ආයූ අයියේ ,

අවුරුදු ගානකට පස්සෙ නේද ? හරියටම අවුරුදු තුනකට වගෙ පස්සෙ . මම අයියගෙන් කොහොමද කියලා අහන්නෙ නෑ  . මොකද මම දැම් වෙනකොට ඉගෙන ගෙන තියෙනවා , කොල්ලෙක් ගෙ පඩිය , කෙල්ලෙක් ගෙ වයස වගේම මනුස්සයෙක් ගෙන් කොහොමද කියලා අහන්නත් හොද නැති වග .

මන් අයියගෙන් කොහොමද අහයි , අයියා හොදින් කියලා පුරුද්දට කියයි . ඒත් මනුස්සයෙක් ඇත්තටම හොදින් නොවෙනකොට එහෙම වචනයක් නාස්ති කරන එකත් අපරාදෙ නේද ?

මට අවුරුදු දෙකකට කලින් සවිද්‍ර අයියව හම්බ උන වෙලාවෙ එයත් ඔයා ඉන්න තැනක් ගැන  දන්නෙ නැහැ කිව්වා ..

ඒත් ආයෙම මේ ලගදි දවසක් හදිස්සියෙම අයියා ඇවිත් කිව්වා ඔයාව බලන්න යනවා කියලා . ඉතින් හැමදේම උනේ හදිස්සියෙ . මටඕනේ උනා ඔයාට මොනා හරි දෙන්න . ඉතින් මේක හදිස්සි තෝරා ගැනීමක් හැබැයි මම හිතනවා මේක තමයි හොදම තෝරා ගැනීම .

මේ පැල වර්ගෙ නම පෝතෝස් . එක ඔයා කාමරෙන් තියා ගන්න හාද . එට්ගකොට හැමතිස්සෙම ඔයාට මේ අහිංසක ලමයව මතක් වෙයි .

නෑ නෑ එහෙම එකකට නෙවෙ කාමරෙන් තියා ගන්න කිව්වෙ . පොතොස් ඇවිල්ලා කාබන් මොනොක්සයිඩ් වගෙ විශ වාතය විමෝචනය කරන ඒ වගේම රෑටත් ඔක්සිජන් පිට කරන පැලයක් . ඉතින් ඒවා මිනිස්සුන් ගෙ නින්දට ගොඩක් උපකර කරනවා කියලා තමා මම අහලා තියෙන්නෙ .

මේක ගෝල්ඩන් පෝතෝස් බබෙක් එතකොට මේක devil 's ivy කියලත් හදුන්වනවා .

එතකොට මෙයාල හරි කැමති ලු මැටි භාජන වල ඉන්න . ඒකයි මම මේ ක්ලේ පොට් එකක දාලා තියෙන්නෙ . ඔයාට ඕනෙ නම් කිරි හට්ටියක උනත්  පැල කරන්න පුලුවන් ඒක හරිම ලස්සනයි . 

එයාලා දීප්තිමත් හිරු එලියට හරි ආසයි කියලා කියනවා . එතකොට එයාලා ඉක්මනට හොදට හැදෙනවා ලු . හැබැයි ගොඩක් සැර direct හිරු එලියෙදි ඉක්මනට පිච්චෙන්න බලනවලු . ඒ නිසා එයාලට ගොඩක් ම ගැලපෙන්නෙ bright , indirect එලිය . කාමරෙක ජනේලයක් ලග තමා හොදම .

වතුර දානකොට අයියේ . කලින් දාපු වතුර සේරම වේලුනට පස්සෙ ආයෙ වතුර දාන්න හරිද .

ELORA Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ