32 B 18+

363 57 39
                                    

"කෝ දුරුතු " මම ඇහුවේ උදේම පන්තිය අතු ගාන්න ආව ඔමරු ගෙන් .

"ඌට ටිකක් සනීප නෑ " මන් ඊට පස්සෙ මොකුත් නොකියා පන්තිය අතු ගාන ඔමරි දිහා බලන් හිටියා .

තාම ස්කෝලෙ පටන් අරගෙනත් නෑ ..

"ආයු " මාව එකපාරට ගැස්සිලා ගිහින් පන්තියෙ දොර දිහා බැලුවා .

සවිද්‍ර !! මොන මගුලක් ද මෙහෙ කරන්නෙ . මම බලාගෙන පන්තිය අතු ගගා හිටපු ඔමරුත් එක පාරක් සවිද්‍ර දිහා බලලා රවාගෙන ගහ ගන්න වගේ ආයෙම අතු ගානවා .

ඇතුලට ආපු සවිද්‍ර මගෙ මේසෙ උඩින් ලන්ච් බොක්ස් එකක් තිබ්බා .

"තමුසෙට හැදුවෙ ..කාලා බලනවා "

"මිස්ට නානායක්කාර මන් කෑම ගෙනාවා .."මම ඒ දිහත් බලලා ටිකක් තදින් කිව්වා ..

"හටි ඉතින් ඒකත් කනවා ..මෙකත් කනවා .. බලනවා තමුසෙගෙ ඇගේ හැටි "

"මිස්ට නාන.. "මන් කියන්න හදපු දේ කියන්න නොදී එයා මගේ කටට අත තියලා මගෙ මූණ ගානටම පාත් උනා .

"ඔච්චර අමාරුවෙන් නානායක්කාර කියන්නෙ උබේ දිව නැමෙන්නෙ නැද්ද ඉස්සර වගෙ අයියා කියන්න .. "

උත්තර දෙනවා වෙනුවට මම කරේ ඒ ඇස් අස්සෙ වචන වලින් නොකියපු කතා තියෙනවද කියලා කියවන්න හදපු එක .

"හවසට මම එන්නම් . වෙද මහත්තයා ගාවට යන්නත් එපැයි " මගෙ ලගින් ඈත් උන සවිද්‍ර එහෙම කිව්වෙ මගෙන් එහාට වෙලා .

මගෙ නළල උඩින් හාදුවක් තියපු සවිද්‍ර ඒ වෙනකොටත් අපි දිහා රවාගෙන බලන් හිටපු ඔමරු දිහ බලලා කටකොනින් හිනාවක් දාලා යන්න ගියා ..

මන් හිමීට සවිද්‍ර දීපු ලන්ච් බොක්ස් එක ඇරලා බැලුවා .

බර්ග .. සවිද්‍රද හදලා තියෙන්නෙ . මන් දන්න හැටියට සවිද්‍රට හොදට කෑම හදන්න පුලුවන් .

මේ එයා මටද හදලා තියෙන්නෙ ..

හහ් !! මොකද දන්නෙ නෑ සත්ව කරුනාව පහල වෙලා ..

මන් ආයෙම ලන්ච් බොක්ස් එක පියනෙන් වැහුවා .

"ඔමරු .. යනකොට මේක ගෙනිහින් යාලුවො එක්ක කන්න "

ELORA Where stories live. Discover now