03

366 67 18
                                    

මන් හිටියේ කුරුස පල්ලියේ . සෙනග එනවා යනවා . එක වෙලාවකවත් මේ පල්ලිය අස්සෙ සෙනගගෙන් නම් අඩුවක් තිබුනේ නෑ .සමහරු ඔරසම් කියනකොට , සමහරු දනින් අල්තාරෙට යනකොට තවත් සමහරු ඉටි පන්දම් පත්තු කරනකොට මන් කරේ අයිනක් අල්ලගෙන වාඩි වෙලා ඔහේ බලාගෙන ඉදපු එක . මට ඉල්ලන් දාස් ගානක් ඉල්ලිම් තිබුණත් ඒ අතරින් මට වැඩියෙන්ම ඕනා කරන දේ මොකද්ද කියලා මට තෝර ගන්න බැරි උන තැන මට ඉල්ලන්න දෙයක් තිබුනේ නෑ . ඉතින් මන් ඒ දෙනෝදහක් සෙනග මැද ඔහේ ඉදගෙන බලාගෙන හිටියා . මෙතනදි මන් හොයාගත්ත එකම දේ සැනසීම . මන් මෙතනට එන්නත් හේතුව ඒකයි හැමදවසකම මම මෙතනට ආවා නම් ආවේ මගේ හිත නිදහස් කර ගන්න මොකුත් ඉල්ලන්නෙ නැතුව මොකුත් ප්‍රාර්ථනා කරන්නෙ නැතුව නිකම්ම නිකන් පැයක් දෙකක් වාඩි වෙලා ඉදලා සැනසීම හොයා ගන්න .

ඊයෙත් ගෙදර අදත් ගෙදර හෙටත් ගෙදර ආයෙම අනිද්දා වැඩ . මන් බැන්ඩේජ් එක දාලා තිබුණ අත මගෙ ඔඩොක්කුව උඩ තියාගෙන ඒ දිහා බලන් හිටියා .

හිතක් පපුවක් නැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා .

හ්ම්ම්...

පැයක් ද දෙකක් ද කියන්න දන්නෙ නෑ ..අන්තිමේදි මන් නැගිට්ටා   . ඊලගට මගෙ කකුල් දෙක ගිහින් ඉබේම  නතර වෙන්නෙ වෙරලේ .

ඉර බැහැගෙන යන්න පටන් අරන් . රැල්ල එනවා ආයෙමත් ආපිට යනවා .  රැල්ලට මහ මුහුදත් ඕනේ  කොච්චරක්  ඒ තරම්ම වෙරළත් ඕනේ .  අසම්මතයක් . තුන්කොන් ප්‍රේමයක් ද ? එහෙම කිව්ව හැකිද . රැල්ල තමයි මුහුදටයි වෙරලටයි දෙකටම ආදරේ කරන්නෙ . ඒත් මහ මුහුදයි වෙරළයි එතකොට ? ප්‍රශ්නාර්තයක් එක්කලා මගේ සිතුවිලි එතනින් නතර උනා .

අහස කහපාට තැබිලි පාට රෝස පාට එකතු වෙලා රටා මවනකොට උදේ පාන්දර කෑම හොයාගෙන ගියපු කුරුල්ලො ආයෙමත් උන්ගෙ කූඩු වලට පියාබනවා . ඒක හරි ලස්සන චිත්‍රයක් . ඒත් ඒ ලස්සන චිත්‍රේ විදින්න තරම් මගේ ඇස් ප්‍රාණවත් නෑ අ

මන් ඉදගෙන උන්න තැනින් නැගිට්ටා . තව වෙලා ඉන්න ආසා උනත් තවත් වෙලා හිටියොත් මට ගෙදර යන්න බස් නැතුව යනවා .

මන් මේන් රෝඩ් එකට එන්න තියෙන පාර දිගේ තනියෙන් හිමින් හිමින් ඇවිදගෙන ඇවිත් බස් හෝල්ට් එකට එනකොට හවස හයාමාරත් වෙලා වටින් පිටුන් ලාවට අදුරත් වැටිලා තිබුණා .

ELORA Where stories live. Discover now