14 B

267 51 12
                                    

"මම හෙට කොලඹ හොස්පිට්ල් එකකට මාරු වෙනවා "

"මොකක් !! ඔයා මට කිව්වෙ වත් නෑ " හොස්පිට්ල් මාරු කරනවා කිව්වම හීනෙන් බය වෙලා උන්න මට හීනේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා වගේම මම කෙලින් වෙලා ඉද ගත්තා .

එහා පැත්තෙන් ටික වෙලාවක් කිසිම සද්දයක් තිබුනේ නෑ .

"හරි හරි බන් ඉතින් හදිස්සියෙම . මිශන් එකක් නිසා යන්නෙ "

"මිශන්!! ඔයාට පිස්සුද අයියේ .. ආහ් .. "

එයා ලොකූ හුස්මක් එහා පැත්තෙ ඉදන් පිට කරනවා මට ඇහුනා .

"එහෙම තමයි බන් මේ රස්සාව "

"හ්ම්ම්.. "

මාත් ටික වෙලාවක් සද්ද නැතුව හිටියා .

"දැන් මොකද්ද මගෙන් වෙන්න ඕනෙයි කිව්ව උදව්ව "

"මේකයි

තමුසෙට පුලුවන්ද ඇම්බියුලන්ස් එකේ යන්න එන්න . "

.

.

මන් උන්නෙ වෙන්නෙ මොනවද කියලා අදහා ගන්න බැරුව .එයා කිව්වෙ මට තියෙන්නෙ ඇම්බියුලන්ස් එකේ යන්න එන්න කිව්වට මට තේරුනෙ නෑ මන් ඇම්බියුලන්ස් එකේ යන එකෙන් මොකද්ද එයාට තියෙන උදව්ව කියලා .

ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් ලා දෙන්නයි මමයි අපේ සීනියර් නර්ස් කෙනෙකුයි සවිද්‍රයි තමයි ඇම්බියුලන්ස් එකේ යන්න උන්නෙ .

ඒත් ඇම්බියුලන්ස් එකට නගින්න ඔන්න මෙන්න සවිද්‍ර මගේ අතට දීපු දේත් එක්ක මන් උඩ බිම බැලුවා .

ස්ප්‍රේ එකක් !!

"මන් සිග්නල් එක දීපු ගමන් ඕක ස්ප්‍රේ කරනවා "

නගින්න කලින් එයා මගේ කනට මිමුනුවා .

වාහනේට නැග්ග වෙලේ ඉදලා මම නම් උන්නෙ හීන් දාඩිය දාලා .

සවිද්‍ර ඇස් පියාගෙන ඉන්නකොට සීනියර් නර්සුත් හිටියේ ඇස් පියාගෙන .

වාහනේ ඇතුල බීරි වෙන තරමටම නිශ්ශබ්ද යි . මගෙ ඔලුව ට ඒ නිශ්ශබ්ද තාවය හෙනම හිසරදයක් වෙලා තිබුනේ .

මට තේරෙන්නෙ නෑ සවිද්‍ර මොන මගුලක් කරනවද කියලා .

අපි පැයක් විතර යන්න ඇති ඇස් පියාගෙන හිටපු සවිද්‍ර ඇසඇරලා මට සිග්නල් එක දෙනකොට එයා දීපු ලේන්සුව නහයට තද කරගෙන ස්ප්‍රේ එක ප්‍රෙස් කරා ..

ELORA Where stories live. Discover now