12📖️

3.4K 738 1.1K
                                    

මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන
ඔය රුව බලමින් සැනසෙන්නට
මදකට ඉඩ දුන්නා නම් මට
එලිය කරන්නට තිබුණා ඔය හිත

දෑස් මග හැරී
බොහෝමයක් කල් ගෙවී මුත්
නුඹ කොහේ හෝ හොඳින් නම්
සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්.......

.

.

.

.

"අභී.. ඇයි... ඇයි ඔයා දැන් ඔහොම කියන්නේ.. ඔයාම නේද මට ආදරෙයි කි......."

"හොඳට මතක් කරපන් කවී.. මම හැමදාම කිව්වෙ තමුසෙට කැමතියි කියලා මිසක් ආදරෙයි කියලා නෙමෙයි.. තමුසෙ වචන දෙක පටලගත්තාට මට කරන්න දෙයක් නෑ.."

"අනේ ඇයි අභී ඔයා ඔහොම කියන්නේ.. මං ඔයාට ඇත්තටම ආදරේ කරානෙ.."

"ඒත් මං තමුසෙට කවදාවත් ආදරේ කරේ නෑ.."

















"CUT.."...........



"තිශාක්‍ය.."

"අංජනා එයාගෙ ලයින්ස් ටික කියද්දී ඔයාට තියෙන්නේ කිසිම හැඟීමක් නොපෙන්වා එයා දිහා බලන් ඉන්න.. ඔයාගෙ ඇස් හැඟීම්බර වැඩියි.. අපිට ඒ සීන් එක ආයෙ ගන්න වෙනවා.. "

"තිශාක්‍ය.. තිශාක්‍ය.. ඩිරෙක්ටර් ඔයාට කතා කරනවා.."

අංජනා මගේ උරේට අතක් තියලා හොලවද්දී පියවි සිහියට ආපු මං අතින් නළල මිරිකගත්තා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now