01📖️

8.1K 881 1.5K
                                    

මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගෙ ඒ සිනා
සොයමී මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුණා
කඳුලක රස මැකිලා පාවෙනා...

.

.

.

.

.

කඳුලු....

ඔයා.. මම.. අපි හුඟාක් දෙනෙක්ගෙ හොඳම යාලුවා කිව්වොත් මම වැරදි නැතුව ඇති..

කාත් කවුරුත් ළඟ නැති තැන රිදුන බිඳුන පාලු හිත් වල තනිකම මැකුවෙම සීතල කඳුලු බිංදු වෙද්දී කඳුලට පෙම් කරපු අතීතයක් මගෙ ජීවිතෙත් තිබුණා..

ඒත් අද...

අද කාලෙත් එක්ක ඒ හැමදෙයක්ම වෙනස් වෙලා..

එදා මට තනි මකපු කඳුලු යන්නම යද්දී අද මම හිනාවෙනවා..

ඉතිං කඳුල මම ආයෙත් කියනවා..

ඔයාට ස්තුතියි..

ජීවිතේ එක්තරා පරිච්ඡේදෙක ළඟින් ඉඳන් මගෙ තනි මැකුවාට..

මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගෙ ඒ සිනා
සොයමී මතකේ වෙලිලා

එක කනකට දාගෙන ඉදපු ඉයර් ෆෝන් එකෙන් ඇහුන සිංදුවෙ පද මාව අතීත මතක අතරෙ අතරමං කරත් එදා වගේ අද මට රිදුනෙ නෑ..

එදා ස්කෝලෙ යන පොඩි කොල්ලෙක් උන මම අද ජීවිතෙන් වගේම මගේ ඒකපාර්ශ්වික ආදරෙන් හුඟාක් දුර ඇවිත් ඉවරයි..

"විනුල් සර්.."

පොඩ්ඩොන්ගෙ හෝම් වර්ක්ස් බලන ගමන් කල්පනා ලෝකෙ අතරමං වෙලා ඉදපු මම ඔලුව ඉස්සුවෙ ක්ලාස් එකේ දොර ළඟ හිට⁣න් ඉඳපු විහඟිගෙ කටහ⁣ඬින්..

"ආ විහඟි මිස්.."

අතේ තිබුණ රතු පෑන පොත උඩින් තියලා ඉයර් ෆෝන් එක ගලවලා දාගෙන ඉදපු ස්පෙක්ස් දෙකත් හදාගෙන පුටුවෙන් නැගිටපු මම විහඟි ළගට ඇවිදන් ගියා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now