මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
මා ළගින් සිනා පාලා කීව ඒ කාරනාවන්
බෑ රිදුම් දවයි මා සඟවනා මතයන් මාසිතුවම් හදේ මැවි මැවී
නුඹ දෑසෙ මා පැටලුනි
රුව කෝ මගෙ සිතැඳුනී
ප්‍රේමි...
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී..........
..
.
.
.
"හෙලෝ.."
"හෙලෝ.. කවුද මේ.."
රෑ එකොලහත් පහුවෙලා...
කවුද මේ වෙලාවෙ මට කෝල්ස් ගන්නෙ..
තුන්වෙනි වතාවටත් ෆෝන් එක රින්ග් වෙද්දී හිතේ චකිතෙන් උනාත් මම කෝල් එක ආන්සර් කරාත් අනිත් පැත්තෙන් කිසිම උත්තරයක් නැති තැන මම ආයෙත් ෆෝන් එක දිහා බැලුවේ කුතුහලයෙන්..
"ක......"
"දැන් කොහොමද අත.."
මෙයා මොකද මට කතා කරන්නෙ..
අනික මගෙ නම්බර් එක කොහෙන් හොයාගෙනද..
"රාද්.."
"හ්ම්..."
"ඔයා... ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක.."
"මං හොයාගත්තා.."
"කොහොමද.."
"හොයාගත්ත විදිහ අදාල නෑනෙ.. කොහොමහරි හොයාගත්තානෙ.."
එයා කියද්දී මගෙ හිතේ නොරිස්සුමක් ඇති උනා වගේම මං එයාට උත්තරයක් නොදී නිහඬ වුණා..
"මොකද තමුසෙගෙ කටේ පිට්ටු ද.. ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙනවා.. තාම අත රිදෙනවාද.."
"නෑ.."
"බොරු නෙමෙයිනෙ.."
"නෑ.."
YOU ARE READING
දෙහදක කඳුලු (Yizhan Short Story)
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔