10📖️

3.4K 717 1.6K
                                    


හිත හිත නුඹ පිට ඇදුනාට
රහසෙම වෙනතක බැඳුනාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්
ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුන හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුන හේතුවෙ රහස
හංගන් ඉන්නම්....

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට......

.

.

.

.

හැඟීම්..

අකුරු තුනක හරි සරල වචනයක් වගේ පෙනුනාත් මිනිස්සුන්ගෙ හිනාව සදහටම උදුරගන්න තරම් බලයක් ඒ වචනෙ ඇතුළෙ තියෙනවා..

මං නම් කියන්නේ කාට උනාත් තමන්ට අවංකව ආදරයක් නොදෙන කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙන්න නරකයි..

මොකද එතන තියෙන්නේ තනිකරම විඳවීමක්..

"සුදු පුතා.."

"අනේ මැණික මේ දොර අරින්නකො රත්තරනේ.."

"ඔයා අම්මාව බය කරනවා සුදූ.."

අම්මා බාත්රූම් එකේ දොරට තට්ටු කරද්දී පැයකට වැඩිය ඔහේ බිම වාඩි වෙලා දණහිස් දෙක පපුවට ලං කරන් හිස් හැඟීමෙන් බලාගෙන ඉඳපු මම බිමින් නැගිට්ටෙ මළකඳක් වගේ..

"මට තේ එකක් හදනවාද අම්මා.."

ඇතුළට එද්දී මට ඇඳුම් අරගෙන එන්න බැරි වුණා..

බෙල්ල වගේම පපුව පුරා තිබුණ දත් පාරවල් නිසා මං ටවල් එක විතරක් ඇඳන් මෙහෙම එලියට ගියොත් අම්මා බය වෙයි..

ඊටත් වැඩිය එයා අහන ප්‍රශ්න වලට මම කොහොමද උත්තර දෙන්නෙ..

ආයෙත් මගේ ඇස් වලින් ගලන කඳුලු අලුත් වෙද්දී තාත්තා ගහපු පාරට ඉදිමිලා තියෙන කම්මුල දිහා මම කණ්ණාඩියෙන් බලන් ඉඳියා..

"මම බත් බෙදුවානෙ සුදූ.."

"⁣අනේ අම්මා.. වද නොදී තේ එකක් හදන්නකෝ.."

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now