06📖️

3.3K 714 679
                                    

ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතිලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වෙ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමි පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මුලාවේ
අදටත් නුඹේ ළඟමයි

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුලට මේ

.

.

.

.

.

"අනේ ඇයි සුදු පුතේ ඔයාට එකසැරේටම ඔලුවෙ කැක්කුමක් හැදුනේ.. අද උදෙත් හොඳට ඉඳියානෙ.."

ගෙදර ඇවිත් පැය ගාණක් අඬපු මට එහෙම්මම නින්ද යද්දී ආයෙත් මම ඇහැරුනෙ රෑ හතත් පහු වෙලා..

"බස් එකක් එනකන් ගොඩක් වෙලා අව්වෙ හිටගෙන ඉඳපු නිසා වෙන්න ඇති අම්මා.."

"අම්මාට ඇත්ත කියන්න මැණික.. අව්වෙ ඉඳපු නිසා ද එහෙමත් නැත්නම් ඔයාට වෙන මොකක්හරි ප්‍රශ්නයක් ද.."

"එහෙම නෑ අම්මා.. ඔයා බොරුවට කලබල වෙනවා.."

"සුදූ.."

අම්මා අවිශ්වාසයෙන් මගෙ දිහා බලද්දී ඇඳ විට්ටමට හේත්තු වෙලා වාඩි උන මම එයාගෙ අතකින් අල්ලගත්තා..

"ඇත්ත කියන්නේ අම්මා.. මම හොඳින්.. ඒ උනාට දැන් නම් බඩගිනියි.."

මම අහිංසක විදිහට ඇස් බෝල කරන් කටත් උල් කරගත්තාම අම්මා හිනා වෙලා මගේ කම්මුලක් අතගෑවා..

"මෙයාගෙ තියෙන හුරතලේ.. ඇස් වහක් නම් වඳින්න නරකයි මගෙ සීදේවි කොල්ලාට.. දැන්ම කනවාද.."

"ම්.. මොනවාද තියෙන්නේ.."

"මම සුප් එකක් හැදුවා.. තාත්තා එනකොට බිත්තර ආප්ප අරගෙන ඇවිත් තිබුණා.. ගේන්නද.."

"මුලින්ම සුප් බීලා ඉන්නම්.."

"ඉන්නකො එහෙනම් මම අරගෙන එන්න.. දැන් මෙහෙම අතට පයට සේරම කරලා දීලා කවදාහරි කසාදයක් කරගත්ත දාට ඔයාව බඳින කෙල්ල තමයි පව්.."

දෙහදක කඳුලු (Yizhan Short Story)Tempat cerita menjadi hidup. Temukan sekarang