09📖️

3.2K 663 856
                                    


රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙමෙයි කිසිදා
නිවෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා......

.

.

.

.

"තිශාක්‍ය..."

අපි බීච් එකට ඇවිත් විනාඩි ගාණක් ගෙවිලා ගියාත් රාද් මුකුත් නොකියා වැල්ලෙ බිම වාඩි වෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉඳිද්දී මම එයාට කතා කරා..

"ම්..?"

"ඇයි අපි මෙතනට ආවේ.."

"නිකන්.. මට හිතුන නිසා.."

එයා මගේ දිහාට බැල්මක්වත් නොදී උත්තර දුන්නෙ මම එයාගෙ දිහාම බලන් ඉඳිද්දී..

කොල්ලා හැන්ඩ්සම්..

පුදුම වෙන්න දෙයක් නෑ ප්ලේබෝයි කෙනෙක් උන එක ගැන..

මේ මූණට මොන කෙල්ලද බෑ කියන්නේ..

මම පිට කරේ දිග හුස්මක්..

කොච්චර කොහොම මොන විදිහෙන් බැලුවාත් එයායි මමයි අහසයි පොළවයි වගේ..

ඔයා මෙහෙම මගේ පස්සෙන් ආවත්..

බැරිම තැන මම ඔයාට කැමති උනාත්..

අපිට අනාගතයක් තියෙයි ද රාද්..

මම කොහොමද විශ්වාස කරන්නෙ ඔයා වෙනස් වෙයි කියලා..

"මෙතුල්ට ක්ලාස් ඉවර වෙන්නෙ කීයටද.. අපි එයාව ගන්න ඕන නේද.."

"අයියා මෙතූව ක්ලාස් එකෙන් ගනියි.."

"ඔයාගෙ අයියා පහුගිය දවස් වල කොළඹින් පිට නේද ඉඳියා කිව්වෙ.. ආයෙත් ආවාද.."

මම ඇහුවාම රාද් මගේ දිහා අමුතුවට බලලා ඔලුව වැනුවා..

"හ්ම්.."

"විනුල්.."

"ඇයි.."

"මුකුත් නෑ.."

එයා මගෙන් මොකක්හරි අහන්න ගිහින් ආයෙත් මුකුත් නෑ කියලා අහස දිහා බැලුවාම මම ඉයර්ෆෝන්ස් දෙක දාගෙන සිංදුවක් අහන්න ගත්තා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now