11📖️

3.4K 702 1K
                                    

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතිං යළි හමුවන්නේ නෑ
නුඹම ඇවිදින් නුඹම හැර ගිය
මාව මතකද දන්නෙ නෑ

තනිවීම වුව ප්‍රේමයම බව
යලි යලිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬව බිම බලාගමි

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනාවෙමි
තවත් රිදවිලි මොටද එබැවින්
මෙහෙම මෙතැනම මග නතර වෙමි...

.

.

.

.

"විනුල්.. ඔහොම නවතිනවා සුදූ.."

වැස්සෙ තෙමි තෙමී ඉස්සරහට ඇවිදන් ගිය මට ඇහුනා එයා මගේ නම කියලා කතා කරනවා..

නතර වෙලා තවත් අපිට කතා කරන්න මොනවාද ඉතුරු වෙලා තියෙන්නෙ රාද්..

මං හිතන්නේ නැහැ මේ වතාවෙ ඔයා නිදහසට මොන හේතුවක් ඉදිරිපත් කරාත් මට ඔයාට සමාව දෙන්න පුලුවන් වෙයි කියලා..

'මම තමුසෙට කවදාවත් ආදරේ කරේ නෑ..'

'මට කෙල්ලෙක් ඉන්නවා..'

'එහාට වෙලා ඉදපන්.. උඹව මට අප්පිරියයි..'

'හොඳට මතක් කරපන් විනුල්.. මං කිව්වෙ උඹට කැමති කියලා මිසක් ආදරෙයි කියලා නෙමෙයි..'

එයා කියපු වචනයක් ගානෙම මගේ කන් ඇතුළෙ දෝංකාර දෙද්දී මම අත් දෙකෙන්ම කන් වහගත්තෙ ඒත් එක්කම මගේ ළගට ආපු රාද් මාව එයාගෙ දිහාට හරවගනිද්දි..

"විනුල් මං.... මං.. ෂිට්.."

රාද් කියන්න ඕන කරන දේ කියාගන්න වචන ගලපගන්න බැරුවද කොහෙද අතින් කොණ්ඩෙ අවුල් කරගත්තෙ කේන්තියෙන්..

"මට ඔයාත් එක්ක කතා කරන්න ඕන.."

"අපිට තවත් කතා කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා තියෙනවාද.."

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now