චිංචා.. ඒත් ඉතිං මගෙ ප්‍රින්සස් ලස්සනයි මෙහෙම..

ඔව් ඒත් ඉතිං ආයෙම සනිප වුණාම මේවා හරියන්නෙ නෑනේ මං කියන්නේ..

ඇත්ත ද..ආහ්.. දැන් මට කියන්න එතකොට ඔයා කවද්ද රෙඩ් රෝස් වුණේ..

  ආ..හ්ම්..හ්.. මේ..

  ඒරා.. අප්පා කියද්දි මං හිනාවක් දැම්මා..

  අප්පා මාව අල්ලගෙන ඇදෙන් ඉද ගත්තා.. දැන් මට චුට්ටක් ඇවිදලා යන්න පුලුවන් ඉතිං ජූන් වඩාගෙන ගියාට..

  ඉතිං කියන්න..

  අහ්.. ඒකද.. ජන්ග්කුක්ට ළමයි වගයක් කරදර කරා..

  ඉතිං..

  මං ගැහුවා එයාලට..

  ඉස්කොලෙ යන කොටද..

  ඕ.. හයි ස්කූල් එකෙ දි..

  හ්ම්.. ඉතිං රෙඩ් රෝස් වුණෙ..

  එදා මම ෆයිට් කරද්දි ජින් ඔප්පත් ආවා උදව්වට.. මං ඔප්පගෙ ගැන්ග් එක හදන්න උදව් කරා..
 
  හ්ම්..

  ඉතිං අප්පා මට මගෙ රෝස මල කියලා කතා කරනවනේ.. ඉතිං ජින් ඔප්පා රෙඩ් මූන් නිසා මං රෙඩ් රෝස් කියලා දා ගත්තා.. පස්සෙ මං අතින් මැරුණ හැමෝටම මං ගානේ රතු රෝස මලක් දුන්නා.. 😁

  ඇයි.. ඔයා මේ වැඩ කරේ ආහ්.. මේක හොද ලෝකයක් නෙවෙයි බබා..

  මං දන්නවා අප්පා.. මගෙ ආදරේ කරන අයව මං ආරක්ෂා කරන්න ඕනිනේ.. 😌

  මගෙ දග කෙල්ල.. දැන් ඉදන් ඒ වැඩ නවත්තන්න..

  අ..අප්පා.. ☹️

  මේ දේවල් ඇති ඒරා.. ඔයාට ඉස්සරහට දුක් වෙන්න වුණොත්.. හ්ම්.. ඔයා දැන් වගකිමක් ගන්න ඕනි වයසෙ ඉන්නේ..

  අප්පා කියන්නෙ ජූන් ගැන ද.. බය වෙන්න එපා එයා මට වඩා දරුණුයි .. දැක්කෙ නැද්ද ඒ මනුස්සයා බෙහෙත් වලින්ම මරලා.. මාත් ඒ වැඩේ කරලා බලන්න ඕනි.. 😁

  ඒරා...

   ඕ... 😁

  එතකොට තායිලන්ඩ් වලදි මාත් එක්ක ෆයිට් කරේ මං කියලා දැනගෙන ද..

  ඕ... 😌

  එදා මං අතින් තුවාල වුණා ඔයාට..

  අයියෝ අප්පා ඒක චූටි එකක්නේ.. ඔයිට වඩා තුවාල වෙලා තියෙ කුකිටයි මටයි.. 😌

Shhh... ( Complete )Where stories live. Discover now